මෙම වසරේ සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.
එහි සභාපති බුද්ධික හේවාවසම් පැවසුවේ සංචාරකයින් නොපැමිණෙන කාලවලදී මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා යුරෝපීය රටවල් ඉලක්ක කර ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරන බවය.
ඒ අනුව ස්පාඤ්ඤය සහ ඒ ආශ්‍රිත කලාපවල ගිම්හාන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන බැවින් එම වෙළෙඳපොළවල් ඉලක්ක කර ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.
මෙම සංචාරකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමුව ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව දිල්ලිය, මුම්බායි සහ චෙන්නායි යන නගරවල මෙය ක්‍රියාත්මක කළ බවත් ඒ ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
මේ තුළින් ඉන්දියාවේ සිට ලංකාවට එන සංචාරකයින් විවිධාංගීකරණය කර වැඩි වටිනාකමක් ඇති සංචාරකයින් මෙරටට රැගෙන ඒම අරමුණ වූ බවද ඒ බුද්ධික හේවාවසම් පැවසීය .
එමෙන්ම 2026 වසරේ ජනවාරි මාසයේ මුල් සතිය තුළ පමණක් සංචාරකයින් 94,000කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් වැඩිදුරටත් සදහන් කළේය.

