මෙරට ව්‍යාපාරිකයෝ සැබෑ බෞද්ධයෝ ද...? - Ideas front වීඩියෝවක්

මෙරට ව්‍යාපාරිකයෝ සැබෑ බෞද්ධයෝ ද...? - Ideas front වීඩියෝවක්

මෛත්‍රිය, කරුණාව, අධ්‍යාත්මිකත්වය යනාදි සියලු අංගවලින් ලංකාවේ බුද්ධාගම කෙළවරකට ම ගොස් තිබිය දී පවා මෙරට ව්‍යාපාරිකයෝ රටේ පවතින දුප්පත්කම මෙතරම් ඉවසන්නේ කෙසේ දැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විමසයි.

ඔහු මෙලෙස විමසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත්  ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

රටක් ලෙස අපි හැකි ඉක්මනින් ම මිනිසකුට ශීලාචාර ලෙස මනුෂ්‍යයකු විය හැකි ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත යුතු බව ද දීප්ති මෙහි දී සිහිපත් කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටේ ව්‍යාපාරිකයෝ යනු ලෝකයේ වැඩිම මිල සහිත වාහනය මිලදී ගෙන එය ජනතාවට ප්‍රදර්ශනය කරන අය බවයි.

රටේ ජනතාවට මග පෙන්වන්නේ ඒබඳු පුද්ගලයන් දැයි විපුල එම සාකච්ඡාවේ දී විමසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න