ලෝකයේ මෙතෙක් විසූ බුද්ධිමතුන් හට තමන් අතීතයේ දී කළ කී දෑ අමතක වී හෝ අමතක කර නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
බුද්ධිමතුන් එසේ වුව ද මහාචාර්ය නිර්මාල් දේවසිරිට තමන් අතීතයේ කළ කී දෑ අමතක වී හෝ අමතක කර ඇති බව ඔහු චම්පික රණවක වෙත සැපයූ පිළිතුරු වීඩියෝවෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ යැයි දීප්ති වැඩි දුරටත් පැවසී ය.
ලංකාවේ බල දේශපාලනයට පැමිණි ප්‍රබල පක්ෂ දෙක මෙන් ම අනෙකුත් වාමාංශික පක්ෂවලට ද හිමිකරුවන් සිටි බවත්, කිසිවකු බල දේශපාලනයට පිවිසන්නේ නම් ඔවුන්ට නිශ්චිත ආඛ්‍යානයක් (Narrative) තිබිය යුතු යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
එමෙන් ම චම්පික රණවක බඳු දේශපාලනඥයින්ට එබඳු ආඛ්‍යානයක් නොමැති බැවින් අවම වශයෙන් ''පුංචි නම් ලස්සනයි'' බඳු ආඛ්‍යානයක් හෝ නිපදවාගත යුතුව ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)

