රටට ප්‍රාග්ධනය ගලා ඒම වළක්වන්නේ කවුද...? - Ideas front වීඩියෝවක්

රටට ප්‍රාග්ධනය ගලා ඒම වළක්වන්නේ කවුද...? - Ideas front වීඩියෝවක්

රට තුළට ප්‍රාග් ධනය ගලා ඒම වළක්වන්නේ මේ වන විට මෙරට සිටින ප්‍රධාන පෙළෙහි ව්‍යාපාරිකයින් දහදෙනකු පමණක ගේ එකතුවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉතාම වාසනාවන්තයකු බවත්, විපක්ෂයේ කිසිවකු එකතු කිරීමට නොහැකි වීම ම ඔහු ගේ වාසනාවක් යැයි මෙහි දී දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සාර්ව ආර්ථිකය තුළ පවතින ස්ථාවරත්වය ඇති නොකර ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

වතුකම්කරුවන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 200 ගෙවන්නේ ඔවුන් වැඩිපුර දලු කිලෝ හතරක් කැඩුවොත් පමණක් යැයි චාමර සම්පත් මන්ත්‍රීවරයා පැවසූ බව ද මෙහි දී විපුල සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

 

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න