V2025

පුවත්

එන්නත් නැතුව රුසියානුවන් ලංකාවට : උදයංගගේ වැඩක් !

සමස්ත ලෝකයක කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වැක්සීන් සිදුකළ සහ නියමිත නිරෝධායන ක්‍රියාවලියකට යටත්කල විදේශිකයන් සහ සංචාරකයන් තම රටවලට ඇතුළු කරගන්නා නමුත් , ලංකාව ඊට සාපුරා වෙනස් ක්‍රමවේදයක් ඔස්සේ, රුසියානු සංචාරකයන් ගෙන්වීමේ සූදානමක් පවතී.

මේ බව අනාවරණය වී ඇත්තේ, රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානාවක් අගෝස්තු මස පළවෙනි දා මෙරටට එන බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග පවසමින් අදහස් දැක්වූ මාධ්‍ය හමුවක් හේතුවෙනි.

අදාළ මාධ්‍ය සාකච්ඡාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුකර ඇත.

ඉදිරියේදී සතියකට දිනයක් පාසා රුසියානු සංචාරකයන් රැගෙන ඒම සඳහා, ශ්‍රී ලංකන් ගුවන් යානාවක් මොස්කවු නගරය බලා පියාසර කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද හිටපු රුසියානු තානාපති පවසා ඇත.

සැප්තැම්බර මාසයේ සිට මසකට රුසියානු සංචාරකයන් දහස බැගින් ගෙන ඒමට සූදානම් වන බවද ඔහු පවසයි.

ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ රුසියානු ජනතාව එන්නත්කරණය කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට වෛරසය ආසාදනය වී සුවපත් වී ඇති නිසා ප්‍රතිදේහ ශරීරයේ ගොඩනැගී ඇති බව යැයිද ඔහු කියා සිටියේය.

(මුලාශ්‍රය සී නිව්ස්)

කොරෝනාවෙන් ළමයි බේරගන්න : Save the children එක් වෙයි !

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව මෙරට ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරමින් කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඔක්සිජන් චිකිත්සක උපකරණ (Oxygen Therapy Equipment) සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protective Equipment) තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්‍රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත “Save the children” සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා ඇතුලු එම ආයතනයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 185 ක පමණ වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ තොඟය සංකේතවත් ව අද දින (28) පරිත්‍යාග කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය.

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා වෛද්‍ය උපකරණ සමග හදිසි ශල්‍ය සහාය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව “Save the children” සංවිධානය විසින් මෙම උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග , “Save the children” සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා (Mr. Julian Chellappah) වැඩසටහන් හා මෙහෙයුම් අධ්‍යක්ෂ අහිලා තිලිනාදන් (Ms. Ahila, Thillainathan) , ප්‍රතිපත්ති උපදේශණ සහ පර්යේෂණ අධ්‍යක්ෂ රංජන් වෙත්තසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොතලාවල පනතට එරෙහිව සරසවි ඇදුරොත් මහ පාරේ

අධ්‍යාපන මිලිටරීකරණය කරන යෝජිත කොතලාවල පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කරන විරෝධතාවයක් අද (28) රජයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මේ වනවිට පැවැත්වේ.

ඔන්ලයින් ඔස්සේ දේශන පැවැත්වීමෙන් අද (28) දිනයේ ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

ළමා මෙහෙකරුවන් ගැන දැනුම් දෙන්න අංකයක්

ළමුන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සම්බන්ධයෙන් දැනුම් දීමට පොලීසිය නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  සඳහන් කළේ 0112 43 33 33 යන දුරකථන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකි බවයි.

ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ලද තොරතුරුවලට අනුව එවැනි ස්ථාන 30 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කළ බව ත් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඔහු පැවසී ය.

කබ්‍රාල්ගේ ගිම්හාන සිහිනය : සැප්තැම්බර් වැස්සට හේදීමට නියමිතයි !

‘ඉදිරි මාස තුන ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් රටට ගලා තුලට ගලා ඒමට නියමිත බවට මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිදු කර ඇති ප්‍රකාශය අතිශයින් නොමඟ යවන සුළු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඇමරිකානු ඩොලර් බිලියන එකක් විදේශ ණය වාරිකය සාර්ථකව පියවීම පිළිබඳ කරුණු දක්වමින් මුදල් රාජ්‍ය ඇමති ‘රටට රවටන ප්‍රකාශයක් සිදු කර ඇත‘. ඒවා මෙසේය.

  1. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක පහසුකම් ණයක් (අතමාරුවක්) ලබා ගැනීම.

ඉන්දීය රජය මෙයට පෙර ඩොලර් මිලියන 400 ක අතමාරුවක් ලංකාවට ලබා දී තිබුණි. ණය නියමිත දින ට පියවනු ලැබීය. සාක් සහයෝගිතා වැඩසටහන යටතේ ඉන්දියා ලබා දෙන මෙම පහසුකම පියවා මාස හයකින් නැවත අයඳුම් කළ හැක. පසුගිය අස්ථාවේ දී ඉන්දියාව මෙම අතමාරුව ‘කෙටි කාලීන සහනයක් පමණක් බවත් රජය ‘අන්තර් ජාතික මුල්‍ය අරමුදල‘ සමඟ දිගු කාලීන ණය වැඩපිළිවෙලකට යා යුතු බවත් ප්‍රකාශ කළේය. මෙම අතමාරුව ලැබෙන්නේ නැත. ලැබුණත් මාස 3- 6කින් පියවිය යුතුය. රටේ ඩොලර් හිඟයට එය දිගු කාලීන විසඳුමක් වන්නේ නැත.

  1. බංගලිදේශයෙන් පොරොන්දු වූ ඩොලර් මිලියන 250 ක අතමාරුව

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට 2021 ජූනි අවසන් සතියේ බංගලිදේශ අගමැතිවරිය විසින් ඩොලර් මිලියන 250 ක ණය එකතාවක් පළ කර ඇත. ජාත්‍යන්තර ආයතන ලංකාවට ණය ලබාදීමේ අවදානම පිළිබඳ වාර්තා පළවීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ විමසීම් සඳහා දැන් බංගලිදේශයේ නිලධාරීන් පිළිතුරු සැපයීම හෝ සිදු කරන්නේ නැත. මුලික එකඟතාවයෙන් මාසයක් ගත වී ඇති නමුත් තවම මුලික ලේඛන හෝ සකස් කර නැත. මෙම මුදල නොලැබීමට ඇති විභවය ද විශාලය.

  1. චීන සංවර්ධන බැංකුව මගින් ලබාගැනීමට යෝජිත ඩොලර් මිලියන 300 ක ණය මුදල මෙරටට ලැබීමට හැකියාවක් ඇත. (ලංකාවේ මුළු විදේශ ණය ඩෙලර් බිලියන 35. 1 කි. ඉන් 10% දැනට චීනයටය.)

  2. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ Special Drawing Rights පහසුකම් සුදුසුකම් ඇති සෑම රාජ්‍යයකට ලබා ගත හැකිය. නමුත් එ් මුදල් ඩොලර්, යුරෝ, යෙන්, යුවාන් ආදී මුදල් ඒකක රැසක් කොටස් වශයෙන් ලැබෙන්නකි. සාමාන්‍ය තත්වය යටතේ ඇමරිකානු ෆෙඩරල් සංචිතය වෙනත් රටවල මුදල් ඒකකය SDR මුදල් ඩොලර් බවට පරිවර්තනය වන්නේ නැත. එබැවින් ඩොලර් හිඟයට එයින් ලැබෙන ප්‍රාණය සීමිත විය හැකිය. නමුත් රටක් වශයෙන් බලාපොරොත්තු සහගත කරුණ මෙම මුදල් අනිවාර්යෙන්ම රටට ලැබීම ය.

  3. ඩොලර් මිලියන ට200 ක මුදලක් ලංකාවේ ෆොක්සි ආයතන (බැංකු) හරහා මහ බැංකුවට ලබා ගැනීම.

දේශීය විදේශ විනිමය විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට ඇමතිවරයා යෝජනා කරයි. නමුත්, රටේ ණයවර ලිපි විවෘත කරන්නට ඩොලර් නැත. එසේ තිබිය දී වෙළෙඳපොලේ ඇති ඩොලර් මහ බැංකුව ලබා ගන්නේ නම්, උද්ධමනය රොකට් ගත වනු ඇත.

  1. දේශීය බැංකුවවල ඇති පවතින ඩොලර් මිලියන 300 ක ISB

හැටන් නැෂනල්, කොමෂල්, සම්පත්, මහජන හා ලංකා බැංකු පහ සතුව ඩොලර් මිලියන 300 ක අයි.එස්.බී. ප්‍රමාණයක් ඇතැයි උපකල්පනය කෙරේ. රාජ්‍ය බැංකු දෙකේ ඩොලර් මහ බැංකුවට ගත හැකිය. නමුත් සම්පත්, එච්එන්බී, කොමර්ෂල් බැංකුවල ඩොලර් ආයෝජනය එම බැංකු කළමනාකරණයේ තීරණයක් මිස ආණ්ඩුවේ වැඩක් නොවේ.

ග්‍රීසිය CCC ශ්‍රේණිගත තත්වයේ සිටිය දී, එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ලංකා මුදල් ‘ග්‍රීක බැදුම්කර ආයෝජන‘ සිදු කළේය. මේ අදහස ක්‍රියාත්මක වන්නට නම් අජිත් නිවාඩ් කබ්රාල් පන්නයේ නිලධාරීන් උක්ත බැංකු කළමනාකරණය කළ යුතුය.

  1. හිල්ටන් හෝටලය ඇතුළු විකුණා දැමීමට නියමිත ආයතන රැසකි. ඒවා විකුණා දමා ඩොලර් මිලියන 400 ක් සොයා ගැනිමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මේ සම්පත් විකුණා ඩොලර් ලබා ගැනීමේ උත්සාහය දැන් වසර 7 ක් පුරා අසාර්ථක වී ඇත. ඉදිරි මාස 3 තුල එය ඉටුවී භාණ්ඩාගාරය පිරේවා යැයි ‘දෙවියන්ට පඬුරු බැඳීම‘ අගතියක් වන දෙයක් නම් නොවේ.

ඉහත යථාර්ථයන් හා ගැලපීමේ දී මාස තුනක් තුල ඩොලර් බිලියන 2.65 ක කබ්රාල් සිහිනය ‘අගෝස්තු ගිම්හානයට පෙනෙන‘ සිහිනයකි. මෙතරම් මුදලක් ලැබෙන බව ස්ථිර නම් පෙහොර, ඖෂධ, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය දේ ගෙන්වන්නට ආණ්ඩුව විනිමය නිදහස් නොකරන්නේ ඇයි ද? යන්න පැහැදිලි කිරීම ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ගේ වගකීමකි.

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ලැබීමට ඉඩ ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මිලියන 800 නම් ලැබෙන බව ස්ථිර ය. එහි එකතුව ඩොලර් බිලියන 1.2 ක් මිස බිලියන 2.65 ක් නම් නොවේ.

චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීම ඇත්තක් නොවේ. මේ පහසුකම යටතේ චීනයෙන් (චීන යුවාන් මුදලින්) භාණ්ඩ ගැනීමට හැකියාව ඇත. නමුත් එමගින් ඩොලර් ගණුදෙනු කළ නොහැකි කොන්දේසියක් වේ. මේ කොන්දේසිය ඉවත් කර ගැනීමට මහ බැංකුව උත්සහ කළේය. සියළු රාජ්‍ය පිළිවෙත් නොතකා මහ බැංකු අධිපති, තානාපති කාර්යාලයට ගොස් චීන තානාපති හමුවී ද ඇත. (මහ බැංකු අධිපතිවරුන් සාමාන්‍යයෙන් තානාපතිවරු හමුවීමට යන්නේ නැත. මහ බැංකු අධිපතිවරයාගේ ආරාධයක් පිළිගැනීම රාජ්‍ය තාන්ත්‍රික ව්‍යවහාරය යි) මේ හමුවේ දී, චීන තානාපතිවරයා උක්ත ණය මුදල සම්බන්ධ ඉහතින් දැක්වූ කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කර තිබුණි. මහ බැංකු අධිපති එය නිලධාරීන්ට සන්නිවේදනය කොට තිබුණි.

හම්බන්තොට වරාය, කොළඹ පෝට් සිටි ගිවිසුම අත්සන් ගැනීමට ආසන්නයේ දී පමණක් ණය දුන් බව ද අපට නම් අමතක නැත. චීන ණය සමඟ එන ගණුදෙණුව කුමක්ද යන්න අවදියෙන් සිටීම විප්ක්ෂයේ ද, සිවිල් ක්‍රියාකාරීකයින්ගේ ද වගකීමකි.

මාස 3 සහ මාස 6 කාලයට රාජ්‍යයන් හා ජාත්‍යන්තර ආයතනයන් ගෙන් ලැබෙන අතමාරු ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර පැහැදිලි හා නිරවුල්ව පවසන්නේ ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ලබා ගන්නට සුදානම් නැති බවයි.

මාස 3 කින් ඩොලර් බිලියන 2.6 ක කතාව දවල් හීනයකි. ප්‍රශ්නය ඇත්තේ ‘අගෝස්තු ගිම්හානයේ සිහින‘ සැප්තෑම්බර් මහ වැස්සට සේ දී යාම ය.

රජිත් කීර්ති තෙන්කෝන්

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර

රන්ජන්ට ජනාධිපති සමාව ?

සිරගතව සිටින රන්ජන් රාමනායක කලාකරුවාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි තවත් කලාකරුවන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

රන්ජන් සමග සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කළ නළු නිළියන්, සිනමා අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් පිරිසක් එක්ව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුහ.

නීතිය ඉදිරියේ රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ වැරදි වුවද, ඔහුගේ විවේචනය සාධාරණ බව මේ වනවිට හොඳින්ම තහවුරු වී ඇති බවත් රන්ජන් රාමනායක සිදුකළේ වංචා-දූෂණ, වැරදි විවේචනය කිරීම බවත් මෙහිදී අදහස් දැක්වූ ජේෂ්ඨ කලාකරුවකු වන ජීවන් කුමාරතුංග පැවසීය.

මෙහිදී ඔහු ඇතුළු පිරිස දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

විකුණන සහ ණය ගන්න : කබ්‍රාල් සූත්‍රය එළියට !

මෙරට විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 07 ඉක්මවා වර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා තබා තිබෙන ෆේස්බුක් සටහනක් මගින් රුපියල් කෝටි 80,000ක පමණ විදේශ ණය ඉදිරි මාස කිහිපය තුළ ලබාගන්නා ආකාරය විස්තර කර තිබේ.

එම සටහනෙහි දක්වා ඇති ආකාරයට ඩොලර් මිලියන 3,750ක් ණය වශයෙන්ද තවත් ඩොලර් මිලියන 400ක් ඌන උපයෝජිත වත්කම් යනුවෙන් හඳුන්වා ඇති ජාතික සම්පත් විකිණීමෙන්ද ලබාගන්නා බව සඳහන් වේ. ඩොලර් මිලියන 3750ක් යනු පවතින නිලවිනිමය අනුපාතයට අනුව රුපියල් කෝටි 80,000ක් පමණ වන අතර මේ වනවිට පවතින කළු කඩ විනිමය අනුපාත අනුව එය රුපියල් කෝටි 90,000ක් පමණ වේ.

රටවල් සහ ආයතන 07කින් එම ණය මුදල ලබාගැනීමට නියමිතය.

ඉන්දියාව සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 400 බංගලාදේශය සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 250 චීන සංවර්ධන බැංකුවේ ලැබෙන ණය : ඇ.ඩො.මි 300 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රධානය (Special Drawing Rights allocation from the IMF) : ඇ.ඩො.මි 800 මහ බැංකුව ඉදිරි මාස 3 තුළ විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200 දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන ගලා ඒම: ඇ.ඩො.මි 300 ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක SWAP පහසුකමක් සඳහා මහ බැංකුව චීන මහජන බැංකුව සමග එකඟ වී ඇති අතර, එය ද සංචිතවල කොටසක් ලෙස ඇතුළත් කළ හැකිය.

මීට අමතරව ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් ඇ.ඩො.මි 400 ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් වන්නේ මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය ආශ්‍රිත ඉඩම් අක්කර 13ක් චීනයට විකිණීම තුළින් බව අනාවරණව වේ.

lanka truth

ආණ්ඩුව විසඳුම් කල්දායි : ගුරු සටන අඛණ්ඩව !

ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සමග අද (27) පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අරඹා තිබෙන්නේ කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර 24ක් නොවිසඳුනු වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, ඔන්ලයින් සදහා සියලු දරුවන්ට පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එහිදී මෙම ගැටළු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හෝ වෘත්තීය සමිති වෙත ලබා දීමට බලධාරීන් මැලිවූ බවත් ඔහු පවසයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කල් මරණ ආණ්ඩුවට මෙම ගැටළු විසඳහා දරුව්නගේ අධ්‍යාපනය කඩිනම් කරගැනීම සඳහා ආණ්ඩුවට බල කරන්නැයි ඔහු දෙමවිපියන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන්ද ඉල්ලා සිටියේය.

මේ අතර සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ පවසන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන පළමු පියවර, ඉදිරි අයවැය ලේඛනය තුළින් ගැනීමට එකඟතාව පළ වී ඇති බවය.

පාස්කු සාක්ෂියකට හරීන් හෙට CID යට !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

හෙට (28) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තමන්ට පෙනී පෙනීසිටින ලෙස දැනුම් දැනුම්දී ඇතැයි මාධ්‍ය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසා තිබේ.

ඒ අනුව පෙරවරු 10.00 ට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගිය දිනවල විදේශගතව සිටි අතර ඉකුත් බදාදා(21) යළි දිවයිනට පැමිණි බවත් දැනගන්නට ඇත.

සේනාධිපතිගේ තවත් නඩුවක් අල්ලස් කොමිසම ඉවත් කරගෙන !

මෙරට අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලැබ තිබු අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් අද (27) නිදහස් කළේය.

ඒ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්ය.

ඒ අනුව විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළ අතර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය අල්ලස් කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් යළි නඩු පැවරීමේ අයිතිය තබා ගනිමින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ තුෂාරි ජයරත්න කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දී ඇත.

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා යාම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිවද එම අල්ලස් මුදල් ලබාගත් බවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ද එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

කාබනික වැඩමුළුව හබක් : විමලවීර බාල්දියක් පෙරළලා !

කාබනික පොහොර ගොවිතැන නැගෙනහිර පළාතේ පලාත් පාලන ආයතන ප‍්‍රධානීන් සදහා පැවති වැඩමුළුවකට අම්පාර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් වර්ජනය කර ඇති අතර ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි එහි චෝදනාව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වෙත යොමුකර ඇත.

එකී මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට අම්පාර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ විසින් බලය හොබවන කිසිදු පලාත් පාලන ආයතන ප්‍රධානියකු එම වැඩමුළුව සඳහා සහභාගි වී නැත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වූයේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දීය.

අම්පාර හිටපු නගරාධිපති උපුටා දක්වමින් අදාළ මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම වැඩමුළුවට සහභාගි වුවොත් ඊළඟ වතාවේ නාමයෝජනා නොදෙන බවට අම්පාර දිස්ත්‍රික් නායක සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ බවයි.

වැඩමුළුවේ දී ආණ්ඩුකාරවරිය කියා සිටියේ මෙම හමුව වර්ජනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමක් සේ සැලකිය හැකි බවය.

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අදාළ සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෝෆින් ජාවාරමක් : මානව හිමිකම් සංවිධානයේ අනාවරණයක්

සැත්කම් ආශ්‍රිත කටයුතු සඳහා භාවිතා කරන "මෝෆින්" නම් ඖෂධය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සඳහා අලෙවි කරන, දකුණු කොළඹ ශික්ෂණ රෝහල ආශ්‍රිතව ක්‍රියාත්මකවූ  ජාවාරමක් සම්බන්ධව පසුගියදා ලංකා මානව හිමිකම් සංවිධානය විසින් අනාවරණය කෙරිණ.

මෝෆින් ඖෂධය ඇතුලත් ඖෂධ කුප්පියක් රුපියල් 1500 ක් වැනි මුදලකට විකුණා ඇති බවත්  එහිදී හෙළිදරව් කෙරිණ.

ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය දේශමාන්‍ය සරත් ජයන්ත පිරිස් , ලංකා මානව හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක දිලූක වීරසූරිය, ලංකා මානව හිමිකම් සවිධානයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ , මානසික සෞඛ්‍ය විශේෂඥ, මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාල් පෙරේරා CSR ආයතනයේ පැවැත්වූ එම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

එහිදී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය දේශමාන්‍ය සරත් ජයන්ත පිරිස් පවසා සිටියේ මෙම ජාවාරම වසර දෙකක පමණ කාලයක සිට ක්‍රියාත්මකව ඇති බවය. එසේම මේ වන විට මෝෆීන් ඖෂධය, මත්ද්‍රව්‍යක් ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබියදී තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට වරකාගොඩ පොලිසිය කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුවෙන බවත් ඔහු පැවසීය.

මෙහිදී මානව හිමිකම් සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රජයේ ප්‍රධාන පෙලේ රෝහලකින් මේ ආකාරයට "මෝෆින්" වැනි ඖෂධයක් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමක් ලෙස එළියට යාම බරපතළ තත්ත්වයක් බවත් වහාම මේ සම්බන්ධව බලධාරීන් අවධානය යොමුකළ යුතු බවය.

  මානසික සෞඛ්‍ය විශේෂඥ, මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාල් පෙරේරා මෙහිදී පවසා සිටියේ හෙරොයින් වැනි භයානක මත්ද්‍රව්‍යක් සඳහා ඇබ්බැහිවූ අයෙකුට මෝෆින් හඳුන්වාදීම ධන නිධානයක් ලබාදුන් ආකාරයේ දෙයක් බවත් වහාම ඒ සිදුවන ජාවාරම් නැවත්වීම කල යුතුව ඇති බවයි.

මේ වන විට කාන්තාවන් වැඩි වැඩියෙන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන බවත් විශේෂයෙන් එන්නත් සහ පෙති ආශ්‍රිත මත්ද්‍රව්‍ය භාවිතය කාන්තාවන් අතර ප්‍රචලිත බවත් ඔහු පැවසීය.

"කළුබෝවිල රෝහලේ සිදුවීමට අදාළ දැනට හඳුනාගෙන සිටින සුළු සේවිකාව කාන්තාවක්. අපෙන් ප්‍රතිකාර ගන්න එන ඒ දරුවන් අතරත් කාන්තා ප්‍රතිශතය ඉහළ ගිහින් තියනවා. මේක රටකට සමාජයක යහ පැවැත්මට හොඳ දෙයක් නෙවෙයි. වහාම ක්‍රියාත්මකව පිළියම් යෙදිය යුතු තත්ත්වයක්. විකිණීමටත්, ගැනුම්කරුවන් ලෙසත් කාන්තා මැදිහත්වීම වැඩිවීම හානිකරයි. මෙයින් අදහස් වෙන්නේ නා, පිරිමි මේවායින් ඈත් වෙලා කියලා. පිරිමිත් ඉන්නවා, නමුත් කාන්තාවන්ගේ පැවති සාපේක්ෂ අඩුබව දැන් වෙනස් වෙමින් වර්ධනීය බවක් පෙන්නුම් කරනවා. මේ සම්බන්ධව ලංකාවේ ඕන තරම් නීති තියනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ නීති ක්‍රියාත්මක වෙනවාද යන්න සම්බන්ධවයි." යයිද ඔහු පැවසීය.

මේ අතර ලංකා මානව හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක දිලූක වීරසූරිය පවසා සිටියේ, ඉදිරියේදී මත්ද්‍රව්‍ය පිටුදැකීම සම්බන්ධව විශේෂ ව්‍යාපෘතියක් ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සැලසුම් කර දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බවයි. 

WhatsApp Image 2021 07 23 at 21.44.27

WhatsApp Image 2021 07 23 at 21.44.29

උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට !

කටුගස්තොට පොලිසිය විසින් ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි  අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (25) රාත්‍රීයේදී ඇය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අතර අද (26) දින ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී අදාළ අනතුර සිදුව ඇත.

උපේක්ෂා ස්වරණමාලි පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද හිටපු මන්ත්‍රීවරියක් ද වෙයි.

අද සර්ත් ෆේල්, සාත් ෆේල් - මංගල

"අද ෆේල් වෙලා තියෙන්නේ ස' ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි. කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්." යැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ශ්‍රී ලංකාව, තාරුණ්‍යයේ ජවයේ එකමුතුවෙන් නිවැරදි දිශාවට ගෙනයාමේ අරමුණින් යුතුව තරුණ කණ්ඩායමකගේ මුලිකත්වයෙන් ආරම්භකර ඇති'සැබෑ දේශප්‍රේමියෝ' දේශපාලන ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.

 මාධ්‍ය හමුව ජුලි 25 වන ඉරිදා කොළඹ ටී.බී. ජායා මාවතේ පිහිටි  'ෆ්‍රීඩම් හබ්' හි දී පැවැත්විණි.

"අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි." යනුවෙන්ද ඔහු එහිදී පැවසීය.

'ෆ්‍රීඩම් හබ්' හි දී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දැක්වූ අදහස් පහත දැක්වෙයි.

"සැබෑ දේශප්‍රේමීන් පවත්වන මුල්ම මාධ්‍යය සාකච්ඡාවට Freedom Hub කාර්යාලයට පැමිණි ඔබ සියලු දෙනාව අපි සාදරයෙන් පිළිගන්නවා. අපි මේ ආරම්භක මාධ්‍යය සාකච්චාව පවත්වන්නට තීන්දු කරේ, ලංකා ඉතිහාසයේ කලුම පැල්ලමක් ලෙස සැලකෙන කලු ජූුලියට 38 වසරක් සපිරෙන මොහෙතේදීයි.

අද අපි රටක් හැටියට මුහුණ දෙමින් සිටින මහා විනාශයට හේතු හදපු තවත් එක තීරණාත්මක සංධිස්ථානයක් හැටියට කලු ජූලිය හඳුන්වන්න පුළුවන්. 1948 දී අපි නිදහස ලබා ගන්නා විට ආසියාවේ දියුණුම රටක් හැටියට සැළකුවා. නවීන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යු මහතා පොදු රාජ්‍යය මණ්ඩලයේ ආදර්ශමත් රට හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා තිබුණා.

නමුත්, එදා අපිට වඩා දිළිඳු යැයි සැලකු රටවල් ඇතුළුව, අද ලොකයේ බොහෝ රටවල් Bitcoin - Block Chain- NFT- Artificial Intelligence යුගයක් කරා ගමන් කරමින් ඉන්න වෙලාවේ, අපි බංකොලොත්භාවයේ පතුලටම වැටී තිබෙනවා. ලෝකයෙන් හුදෙකලාවු අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් ඉන්නවා.

ඊළඟ සතියේ ජූලි 27 වෙනිදාට පෙර අපිට, 2011 ගත්ත ණයක් වෙනුවෙන් ඩොලර් බිලියනයක් ගෙවන්නට වෙනවා. එපමණක් නොව මේ වසරේ දෙසැම්බර් වලදී ඇමරිකන් ඩොලර් බිලියන 1.3 පමණ Sri Lanka Development Bond ගෙවන්නට තිබෙනවා. මම මුදල් ඇමති ලෙස 2019 දී බාර දෙන විට භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර් බිලියන 7.6ක් පමණ වූ විදේශ විනිමය සංචිතය, 27 වෙනිදට පස්සේ ඉතිහාසයේ අවම ශේෂය වාර්තා කරමින් ඩොලර් බිලියන 1.6ට පමණ අඩු වෙලා පතුලටම වැටෙනවා.

අපේ ජාතික ආදායම රුපියල් බිලියන 600කින් පමණ අඩුවෙමින්, පසුගිය දශක 7දී ලබාගත් අඩුම ආදායම වාර්තා වුණෙත් 2020 දීය. 1988 න් පස්සේ විශාලතම අයවැය පරතරය 2020දී වාර්තා වුණා. වර්ධනය වෙමින් තියෙන අයවැය පරතරය පියවීමට, ඉතිහාසයේ වසරකදී අච්චු ගැසු වැඩිම මුදල අච්චු ගහන්නට මහබැංකුවට සිදු වුණෙත් පසුගිය වසරේදීයි.

ඊට අමතරව 2020 වසරට පමණක් රජය අලුතෙන් ලබාගත් ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ වැඩිවෙලා. මේ නිසාම මේ තත්වය තුළ, රටේ මහා පොහොර හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් ගෙන්වන බෙහෙත් ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඉන්ධන වලට ඩොලර් බිලියන 1.2ක් පමණ ගෙවන්නට ඇති නිසා , ඉතා ඉක්මනින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.

මේ සියල්ල හරහා සාමාන්‍ය ජනතාවගේ බඩගින්නද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. දශක ගණනාවක් තිස්සේ ඊනියා දේශප්‍රේමය විකුණගෙන කැපු දේශපාලනය නිසාත්, ඊනියා දේශප්‍රේමි ඉදිරියේ රැවටුන ඡන්ද දායකයා  නිසාත්, වරින්වර අපගේ රාජ්‍යය නායකයන් නිවැරදි දේ කිරීමට උත්සහා කරපු අවස්ථාවලදී පවා, ඊනියා දේශප්‍රේමි නාමයෙන් ඒවාට හරස් කැපු විපක්ෂ නිසාත්, අද අපේ රට මේ තැනට වැටී ඇති බව අපි හැමෝම පිළිගත යුතුය.

ඇත්තෙන්ම කියනවානම් රාජ්‍ය පාලනය සම්බන්ධ වූ මා ඇතුළු අනෙක් සියලු දෙනාත්, මේ අද තියෙන තත්වයට කිසියම් මට්ටමකින් හෝ වගකිව යුතුයි. 1965 දී පංච මහා බලවේගයේ නාමයෙන් ඇති කරන ලද බහුතරවාදී කුහක ලිංමැඩි මානසිකත්වයත්, පසුගිය මැතිවරණයේදි එහි කූට ප්‍රාප්තියට පත්වීමත්, මේ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි.

අද ස' ෆේල්- ස' ෆේල් කියලා හැමතැනම කියනවා. නමුත් ඇත්තටම අද ෆේල් වෙලා තියෙන්නේ ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. එතුමා නියෝජනය කරන ආගම් වාදී, බහුතරවාදී සහ යල්පැනගිය සමාජවාදී මතවාදයයි.

අද ෆේල්වලා තියෙන්නේ තනි සිංහල ආණ්ඩුවක් පොරොන්දු  වූ රජයයි. අද ෆේල් වෙලා තියෙන්නේ ස' ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි.

කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්.

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිස, ආදේශකයක් නෙවෙයි. ප්‍රමාද වී හෝ අපේ රටට අනාගතයක් හදන්නටනම්,  මේ ඉන්න තරුණ තරුණියන්ට ජීවත්වෙන්නට පුලුවන් හෙට දවසක් සඳහා අත්තිවාරමක් දාන්නට නම්, දැන්වත් අපි සැබෑ දේශප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියටම හඳුනා ගමු.

ඒ ගැන සංවාදයක් ආරම්භ කරමු. රට ආර්ථික වශයෙනුත් දේශපාලන වශයෙනුත් ජයගන්නේ කොහොමද කියලා සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සාකච්ඡා කරමු. එපමණක් නොව ළිංගෙඹි මානසිකත්වයෙන් මිදිලා, අපි අපේ රටේ දරුවන් වෙනුවෙන් ලෝකය ජයගන්නේ කොහොමද කියලා සැලසුම් කරමු. අපේ රටේ දියුණුව, ආරක්ෂාව, ස්වෛරීභාවය ගැන විතරක් නෙවෙයි, අපේ දරුවන්ට අනාගතයේදී උරුම වෙන රටේ හැඩරුව ගැනත් අපි කතා කරමු.

ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් නොවී ලෝකය එක්ක අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කළ යුතුම මොහොත මේ මොහොතයි. හෙට නෙවෙයි, ලබන අවුරුද්දේ නෙවෙයි, ඊළඟ ඡන්දෙදි නෙවෙයි, අද - අදම, දැන් - දැන්ම, මග හරින්නේ නැතුව අපි ඒ කතිකාව ඇරඹිය යුතුයි.

අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.

ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි. මේ අසීරු මොහොතේ අපේ රටට, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහෝදරත්වය සහ විවිධත්වය මත පදනම් වූ එකමුතුකම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ විකල්ප මතවාදයක් අවශ්‍යයි.

පරිසරය, ගස්කොළං, සතා සීපාවා ආරක්ෂා කරන මතවාදයක් අවශ්‍යයි. ''සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා'' කියන පිළිවෙත කටපාඩමෙන් කියන වචනවලට විතරක් සීමා නොවන ක්‍රියාවෙන්ම ඉටු කරන මතවාදයක් අවශ්‍යයි.

1948 දී අපිට නිදහස ලැබුණත්, නව නිදහස් රාජ්‍යයට අත්තිවාරමක් දමන්නට බැරිවීම මහා විනාශයට හේතුවයි. ශ්‍රී ලංකාව කියන මාලිගාව ඉදි කරන්නට සෑම රජයක්ම උත්සාහ කරේ අත්තිවාරමක් නැති බිමකය. අත්තිවාරමක් දාන්නේ නැතුවය.

ඒ නිසාම හදන හදන තට්ටුව කඩා වැටිලා වසර 73 ක් තිස්සේ අපි හදලා තියෙන්නේ අහසේ මාළිගා විතරයි. ඒ නිසා දැන්වත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් සැබෑ දේශප්‍රේමී මතවාදයක් කරා ගමන් කරමු.

මැද පිළිවෙත නොහොත්, මධ්‍යම ප්‍රතිපදාව නොහොත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රැඩිකල් විදිහට පෙනී සිටින්නට කැමති, සියලු දෙනාගේ මධ්‍යස්ථානයක් ලෙස Freedom Hub අවකාශය ක්‍රියාත්මකයි.

සමාජ මාධ්‍යජාලා තුළින් අපි සමග එක් වෙන ලෙස අපි සියලු සැබෑ දේශප්‍රේමීන්ට ආරාධානා කරනවා. මේ අසීරුම තැන සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සීරුවෙන් සිටිය යුතුම මොහොතයි."

 

 

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා පාලන මිලක්

කිලෝග්‍රෑම් 9.6 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක අනුව මිල සඳහන් ගැසට් පත්‍රය ‌පහත දක්වේ.

gas price 950

ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ රංජන් යළි ඇතුළේ !

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ප්‍රතිකාර සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මූලික රෝහලට රැගෙන ආවේය.

බන්ධනාගාර නිළධාරීන් ගේ දැඩි රැකල් මධ්‍යයේ රංජන් රාමනායක රෝහලට රැගෙන ආ අතර ඔහුට ප්‍රථිකාර ලබා දීම සදහා රෝහලේ ව්‍යායාම ඒකකයට රැගෙන යනු ගියේය.

එහිදී පැයකට ආසන්න කාලයක් රෝහල් කාමරයේ රැදී සිටි රංජන් රාමනායක නැවත අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

රංජන් රාමනායකගේ පැමිණීම දැක බලා ගැනීම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිද රෝහල් භූමියට පැමිණ සිටියේය.

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පැවසුවේ දමරණීය දන්ඩන නියමු වූ දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගත්තා මෙන් රංජන් රාමනායකටද ජනාධිපති සමාව දිය යුතු බවයි.

කොවිඩ් මරණ 45ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළ ගොස් ඇත.

Page 437 of 453