පුවත්

කොරෝනා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් : ඒත් ගජමිතුරන් නිසා අවධානමක් !
තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (10) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (11) නිකුත්කර ඇත.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13354 දක්වා ඉහළ= යයි.
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කරන ලද නව PCR රසායනාගාරයේ වැඩ කටයුතු අඩාළ කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර සිටියි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් එහිදී පවසා සිටියේ මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදුකරන ලද්දක් යැයි තම සංගමය සැකකරන බවයි.
ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ නවතා දමා බලෙන් වසන්තයක් උදාකරන්න ගොස් කොරෝනා අලුත් රැල්ලක් සාදා ගැනීමේ ලකුණු පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මෙසේද පවසයි.
''PCR පරීක්ෂණ නවත්තලා, බලෙන් වසන්තය කැන්දන්න ගිහින් අපි ලබන ජනවාරියේ විතර අලුත් රැල්ලක් ගෙන්නා ගන්න හදන පාටක් තියෙන්නේ
ගුවන්තොටුපල ON Arrival PCR එක අත්‍යවශ්‍යයි කියමින් හෝටල් නිරෝධායනයට උඩගෙඩි දෙමින් මාර්ගෝපදේශ හදපු සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝටල් මාෆියාවට තිත තියපු ගමන්, ON Arrival PCR අවශ්‍යම නැහැ කියලා මාර්ගෝපදේශ හදපු එක සැක සහිතයි."

මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද?”
"මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද?” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රශ්න කරයි.
එසේම පසුගිය සමයේ ප්‍රසිද්ධ වූ "ආර්ථික ඔස්තාර්ලා අද කෝ ?" යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රශ්න කළ අතර එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.
පැයෙන් පැය බඩු මිල වැඩිකරන ආණ්ඩුවක් !
මේ ආණ්ඩුව පැයෙන් පැය බඩු මිල වැඩි කරමින් තිබෙනවා. මේ නිසා ජනතාව දරා ගන්න බැරි පීඩාවකින් ඉන්නේ. රටේ පාලකයෙක්, ආණ්ඩුවක් නැති තත්වයක් තියෙන්නේ. මේ නිසා මෝල් හිමියන් සහ කොම්පැනිකාරයෝ භාණ්ඩ මිල තීරණය කරනවා. යුද හමුදාවට අවුරුදු 72ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාව අපි දැක්කා. එහිදී එතුමා පැහැදිලිව කීවේ මීට අවුරුදු දෙකකට කලින් රටේ ජනතාවට දුන් පොරොන්දු මතකයි කියලා.
2019 ජනාධිපතිවරණ වේදිකාවේදී පොහොර නිකන් දෙනවා, සහන මිලට බඩු මල්ලක් දෙනවා, ගෑස්වලට රුපියල් 100ක සහනයක් දෙනවා කියා කිව්වා. අනිකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සහන පැකේජ් එකක් දෙනවා කියලා වේදිකාවල බෙරිහන් දුන්නා. නමුත් අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා, රුපියල දැන් මස්ත බාල්දු වෙලා. ඩොලර් හිඟයක් ඇති වෙලා. නිෂ්පාදන කඩා වැටිලා වගේම ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා ගොවියා මුළුමනින්ම බිමටම වැටිලා. කෘෂි කර්මාන්තය මුළුමනින්ම අර්බුදයට ගිහින් හෙට අනිද්දා දැවැන්ත ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු තිබෙනවා.
මේ ඩොලර් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි !
ආණ්ඩුව දැන් තමන්ගේ පාලනය යටතේ තිබෙන සියල්ල අත්හරිමින් යන්නේ මේ වගේ වාතාවරණයක් තුළයි. මහ බැංකුව ට්‍රිලියන දෙකකට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට අච්චු ගසා තිබෙනවා. මේ නිසා රටේ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. බැංකු පොලී අනුපාත වෙනස් වෙනවා. මේ නිසා නැවත වටයකින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා.
නමුත් ලැබෙන වැටුප්, ජනතාවගේ ආදායම් වැඩිවී නැහැ. අනික් පැත්තෙන් එදා ගත් වැටුපම අරගෙන බඩු ගන්න ගියාම එදා ගත් බඩු ටික ගන්න බැහැ. මෙහෙම තියෙද්දී ගෑස් කිරිපිටි පාන්පිටි සිමෙන්ති මිල පාලනයන් ඉවත් කළා. මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඩොලර් ප්‍රශ්නයක් නම් හාල් මිල පාලනය ඉවත් කරන්න අවශ්‍ය නැහැ.
කොයි තරම් කටින් බතල කොළ හිටේටත් හාල් මිල තීරණය කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මෝල් හිමියන්. හාල් මිල තීරණය කරන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ කාටවත් බැරි වුණා. අද වෙන කොට ගෑස් කිරිපිටි පාන්පිටි සිමෙන්ති මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ. තව පැත්තකින් පුරාජේරු ගහපු මහින්දානන්ද අලුත්ගමගේලා ඒ අමාත්‍යංශ්‍යවල ඉන්න තත්වයක් යටතේම හාල් පිටරටින් ගේනවා. මේ ගේන්නේ කාබනික පෝර දාලා වගා කළ අස්වැන්න නොවෙයි.
මිල ස්ථායිකරණ අරමුදල කෝ ?
ඉන්ධන මිල වැඩිකළ වෙලාවේ පිහිට වූ ස්ථායිකරණ අරමුදල පිළිබඳව ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල කොච්චර වැඩි වුණත් අපේ රටේ මිල වැඩි නොකරන්න කටයුතු කිරීමේ රුපියල් කෝටි 20,000ක ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන බව කිව්වා.
අන්තිමට ස්ථායිකරණ අරමුදල කොල්ලකෑවා විතරයි. ජනතාව ණයට තෙල් ගහන්නේ නැහැ. නමුත් දැන් ඒ බර ජනතාව මත පටවලා තියෙන්නේ. ඒ වගේම ඩීසල් රුපියල් 32/-කින් සහ පෙට්‍රල් 14/-කින් වැඩි කරන්න ලෑස්ති වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති හැටියට පත්වෙන කොට ආණ්ඩුවේ අයම කයිවාරු ගැහුවේ රටේ ආර්ථිකය හදලා අරගෙන සෞභාග්‍ය උදාකර සුරපුරයක් කරන බවයි. බැසිල්ගේ පළවෙනි අයවැයෙන් රටේ ආර්ථිකය කෙලින් හිටවන බවට ඊයේ පෙරේදාත් කයිවාරු ගැහුවා.
හැබැයි අපි දන්න බැසිල් රාජපක්ෂ කියන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳව දැනටත් උසාවිවල නඩු තියෙන කෙනෙක්. මනි ලොන්ඩරින්වලට උසාවියේ නඩු තියෙන කෙනෙක් මුදල් ඇමතිකම දරන එකම රට ලංකාවයි. මේක ගිනස් වාර්තාවක්. එහෙව් මුදල් ඇමති කෙනෙක් පත් කළාම අත්‍යාවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල වැඩිවෙලා තියෙන්නේ.
ලිට්‍රො ගෑස් සිලින්ඩරය රුපියල් 1493/-ට තිබුණේ. දැන් 2750/- දක්වා රුපියල්1257 කින් වැඩි කළා. ලාෆ් ගෑස් එක 1947/-කින් වැඩි කළා. සිමෙන්ති රුපියල් 93/-කින් වැඩි කරලා. පාන්පිටි රුපියල් 10කින් වැඩි කරලා. කිරිපිටි කිලෝග්‍රෑම් එක රුපියල් 250/-කින් වැඩි කරලා. ආපනශාලා හිමියෝ ආප්පයක් සහ කිරි තේ එකක් රුපියල් 10කින් වැඩි කරන්න තීරණය කරලා. බත් පැකට් එකක් රුපියල් 10කින්, පාන් රාත්තල රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරලා.
ආර්ථික ඔස්තාර්ලා අද කෝ..?
ගෑස් මිල වැඩි කළාම ආහාරවල මිල ගණන් හැම එකක්ම වැඩි වෙනවා. මේ පිට තියලාම, තෙල් මිලත් වැඩි කළොත් ජනතාව අන්ත ප්‍රපාතයකට වැටෙනවා. ආර්ථික ඔස්තාර්ලා අද කෝ..? තීන්දු කීරණ ගන්නේ වෙනම තැනක. සීනි බදු වංචා කළ හැටි අපට මතකයි. රුපියල් කෝටි 1391ක් සුදු සීනිවලින් වංචා කර තිබෙනවා. රතු සීනිවලින් රුපියල් කෝටි 295ක් සහ වැඩි මිලට මේ කොම්පැනිකාරයන්ගෙන් මේ සීනි මිලදී ගැනීම නිසා සතොසට රුපියල් කෝටි 9ක් පාඩු වෙලා.
සීනි වංචාවෙන් විතරක් රජයට රුපියල් කෝටි 1685ක පාඩුවක් සිදුවී තිබෙනවා. මේ පාඩුව පෙබරවාරි මාසේ 28 දක්වා පමණයි. ඊට පස්සෙත් මෙම පාඩුව දිගටම පැවතුණා. දැන් ඒ පාඩුව රුපියල් කෝටි 4,000කට ආසන්න වෙනවා.
ගෑස් ලිපිට දර දාන්න වෙලා !
මේ ලාභයෙන් 45%ක් විතර අරගෙන තිබෙන්නේ විල්මා කොම්පැනියයි. ඔවුන් අයුතු ලාභ ලබන අතර ජනතාවට තවදුරටත් ජීවත් වෙන්න බැරි තත්වයක් ඇතිවී තිබෙනවා. බස්නාහිර පළාතේ 75%ක් විතර ගෙවල්වල පාවිච්චි කරන්නේ ගෑස්. අනික් පළාත්වල ටිකක් වෙනස්. මේ අධික මිල වැඩි කිරීම ජනතාව දරා ගන්නේ කොහොමද? අඩු ආදායම්ලාභීන්ට සහන දෙනවා කියලා බලයට පත්වූ ගෑස් සිලින්ඩරය විතරක් රුපියල් 2750/- ක් වෙනකොට ඒ අය ජීළුත් වෙන්නේ කොහොමද?
අද ආණ්ඩුවක් නැහැ. පාලනයක් නැහැ. ගෑස් ලිපට දාන්න වෙන්නේ දර තමයි. මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ කොම්පැනිකාරයෝ. හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ නම් ආණ්ඩුවක් මොකටද? අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද? ජනතාවගේ බදු මුදල්වලින් කැබිනට් එකක් නඩත්තු කරන්නේ අපරාදේ. ආණ්ඩුව දැන් සියලුම අංශවල පාලනය අත්හැරලා තියෙන්නේ. මිල පාලනය, රජයේ දේපළවල අයිතිය, ජනතාව පිළිබඳ වගකීම් යන සියල්ලම අත්හැරලා තියෙන්නේ. මේ නිසා කැබිනට් එකක්, ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? ජනතාව පීඩාවට පත්වීමේදී එයින් මුදා ගන්නයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුව ඒ වගකීම මුළුමනින්ම අයින්වෙලා ඉන්නේ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පැන්ඩෝරාවල ඩොලර් හංඟමින් ඉන්නේ. පසුගිය කාලයේ කළ හොකම් දූෂණ මිනීමැරුම්වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා ආණ්ඩුව කල්පනා කරන්නේ.
ආර්ථිකය ගොඩ ගන්න තියා පවතින තත්වයෙන් පවත්වාගන්නවත් මේ ආණ්ඩුවට බැහැ !
මේ නිසා රටේ පාලනයක් නැහැ. ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ගැන කොච්චර කිව්වත් මහ පොළොවේ එහෙම එකක් නැහැ. ආණ්ඩුවේ පාලනයෙන් තොරව සියලු දේවල් සිද්ධ වෙන බව ජනතාව අත්විඳිමින් ඉන්නවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ හේනේ කුඹුරේ හිටවලා ඉන්න පඹයා බියවද්දලා සත්තු භෝගවලට හානි කරනවා වගේ වැඩක්. මේ නිසා ජනතාව මහත් පීඩාවකට පත්වී ඉන්නේ. ආදායම වැඩි නොවී භාණ්ඩ මිල වැඩිවීමෙන් ජනතාවගේ ආර්ථික බර ඉතාම පීඩාකාරී තත්වයකට පත් වෙනවා. මේ නිසා දැන්වත් ජනතාව පවතින තත්වය හරියට තේරුම් ගන්න ‘ඕනෑ.
ආර්ථිකය ගොඩ ගන්න තියා පවතින තත්වයෙන් පවත්වාගන්නවත් මේ ආණ්ඩුවට බැහැ. ඒ නිසා ජනතාව මේ ද්‍රෝහී පාලනයට එරෙහිව පෙළගැසෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. ආර්ථිකය කඩා වට්ටවන ආණ්ඩුවට එරෙහිව සහ මේ තත්වය වෙනස් කරන්න පෙළගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු ලබා දෙමින්...
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමින් ඡන්ද ක්‍රමය වෙනස් කරන බව ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන් රටේ ජනතාවවට ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිත් නැහැ. ජනාධිපති බලය ගත්තා. ඊට පස්සේ 19 අහෝසි කළා. ඒකාධිපති බලතල තියෙන 20 වෙනි සංශෝධනය සම්මත කර ගත්තා. ජනතාවට සෙතක් වුණාද? එක රටක් එක නීතියක් ක්‍රයාත්මක වෙනවාද? දූෂිතයන්ට මංකොල්ලකාරයින්ට දඬුවම් දුන්නාද? ආර්ථිකය ශක්තිමත් වුණාද? ජනතාවගේ ප්‍රශ්න විසඳුනාද?
ඒ මොකුත් වෙලා නැහැ. ජනාධිපති බලය 2/3 බලය, 20 වෙනි සංශෝධනයේ ඒකාධිපති බලය යන හැමදේම අරගෙන ජනතාවට කිසිම යහපතක් වෙලා නැහැ. පාන් කියා ගන්න බැරිව ඉන්න ජනතාවට ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් ඇති ප්‍රතිඵලය මොකක්ද? සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි දැනට ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍රවාදීම ක්‍රමය. නමුත් අපේ රටේ තියෙන්නේ විකෘත ඡන්ද ක්‍රමයක්. පාර්ලිමේන්තුවට එකක්. පළාත් සභාවලට තව එකක්. ප්‍රාදේශීය සභාවලට තව එකක්. මේ සියල්ල සඳහා එක ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නමුත් එහෙම සාකච්ඡාවක් දැන් නැහැ. ජනතාව ආණ්ඩුව එරෙහිව පෙළගැහෙනවා. ඒ නිසා ආණ්ඩුව දැන් කල්පනා කරනවා ඡන්ද ක්‍රමය ඇතුලේ ගේමක් ගහලා බලයේ ඉන්න පුළුවන්ද කියලා.

විරෝධතා රැල්ල මිලානෝවට : නොසිතූ සිද්ධියකුත් සිදුවෙලා !
ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ආරම්භ වූ "පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකිරීම හා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම" මැයෙන් සංවිධානය වී යුරෝපය හා ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය පුරාද දැවැන්ත ජන සහභාගීත්වයෙන් ඉදියට යන විරෝධතා රැල්ල ඊයේ (10) වන දින මිලානෝ චෙන්ත්‍රාලේ ( Milano Centrale ) හිදී අති සාර්ථකව අවසන් විය.
නොසිතූ සිද්ධියක් උද්ඝෝෂණය අතරවාරයේ සිදුවෙලා..!
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර මහත් ජනප්‍රිය ක්‍රීඩාවක් වන ''එල්ලේ' තරගාවලියක් එදිනට සංවිධානය වී තිබුනද 350කට අධික ජන සහභාගීත්වයකින් අති සාර්ථකව උද්ඝෝෂණය සාර්ථක විය.
තවද උද්ඝෝෂණය සාර්ථක කරගැනීමට ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය මෙන්ම ඉතාලියේ රෝමය, නාපෝලි, ජෙනෝවා, වෙරෝනා, සිසිලියා, මෝදනා ෆිරෙන්සි යන නගරවල සිට කිලෝමීටර් දහස් ගණන් ගෙවා දමමින් පැමිණීම ඉතා සුවිශේෂී වූ අතර, පැමිණ සිටි පිරිස් අතරින් ඉතා සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් විය..
"මල් කැකුළු වන් අහිංසක දරු පැටවුන්ද සමග ජීවිත 269ක් අහිමි කළ ඒ කුරිරු මිලේච්ඡ ප්‍රහාරය හරහා අහිමිවීමේ වේදනාව බල අරගලය වෙනුවෙන් දේශපාලන වේදිකාවේ විකිණූ ආකාරයත් එකී අවස්තාවේ අහිමිවීමේ වේදනාවෙන් සුනුවිසුනු වූ හදවත් අතිශය ජාතිවාදී මඩගොරුවට ඇද දමමින් වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම යනුවෙන් සිදුකලේ දේශපාලන ක්‍රීඩාවේ බලය වෙනුවෙන් කළ නින්දිතම ක්‍රියාවක් බව මේ වනවිට හොඳින් අවබෝධ කරගෙන ඇති නිසාවෙන්, පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකොට වින්දිතයින්ට යුක්තිය ඉටු නොකොට කිසිසේත්ම විරෝධතා අරගලය නොනවත්වන බවත්, ඉතාලියේ සෑම නගරයකින්ම අවමය දෙදෙනකු (02) හෝ ජාති,ආගම්,පක්ෂ,පාට භේදයකින් තොරව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙමින් ඉදිරියේ සංවිධානය කරණු ලබන සියළුම උද්ඝෝෂණ වෙනුවෙන්,අවශ්‍ය පහසුකම් ( නගරයෙන් නගරයට එන පිරිස් වෙත ආහාර,නවාතැන් ) සපයමින් පොදු අරමුණ සාර්ථක ජයග්‍රහණය කරා මෙහෙයවීමට එකමුතුව එක්සත්ව කටයුතු කරන යෝධ පවුරක් ලෙසින් එක්වන බවත්ය"
රැවටුනා හොඳටම ඇති, තවදුරත් අපිව බෙදන්න එන්න එපා.!
තවද විරෝධතාවට එක් වූ පිරිස් අතරින් බහුතරය වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබාදුන් අයවන අතර, ඔවුන් උස් හඬින් පවසා සිටියේ, 'අපට වැරදුනා අපි තව දුරටත් බෙදන්න එපා, බෙදෙන්නෙත් නෑ' වින්දිතයින්ට යුක්තිය ඉටුකරන සටනේ එකමුතුවත් සමගියත් රට වෙනුවෙන් පුළුල් පවුරක් සේ පෙරටම යන බවත්ය.
( ඊ ළඟ උද්ඝෝෂණය ලන්ඩන් නුවර පාර්ලිමේන්තු පරිශ්‍රය අසල ඔක්තෝබර් 16වන දින, වෙරෝනා ඉතාලිය ඔක්තෝබර් 23වන දින. )
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=7686#sigProIdcccad250cd
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.

ඉන්ධන සඳහාත් අපමණ අගයක් : මිල ඉහළ දැමීමේ සංඥා නිකුත්වේ !
ඉතාම නුදුරු දිනක ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජයසිංහ සඳහන් කල බව දක්වමින් එම පුවත් වාර්තාව පවසන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බව සභාපති පැවසූ බවත් එහි සඳහන් ය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද සභාපති පවසා ඇත .
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද මහා භාණ්ඩාගාරය විසින් යම්කිසි සහනයක් ලබා දීමට කටයුතු නොකළහොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව සඳහන් කර ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

දහස් ගණනින් ඉහළ දැමූ ගෑස් අඩු කරපු හැටි මෙන්න !
ඔක්තෝබර් 10 වෙනිදා එනම් ඊයේ මිල වැඩි කරන ලද ලිට්‍රෝ ගෑස් නැවත වතාවක් සොච්චම් මිල සංශෝධනයක් සිදු කර තිබේ.
ඒ අනුව එම සමාගම ගෑස් අලෙවිකරණ නව මිල ගණන් මෙසේය.
2.5 kg – 2675 (මිල අඩුවීම රුපියල් 75)
5 Kg – 1071 (මිල අඩුවීම රුපියල් 30)
12.5 Kg – 506 (මිල අඩුවීම රුපියල් 14)
කෙසේ වුවත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 12.5 kg මිල ඉහළ දැමුනේ 100% කිනි. ඒ අනුව මේ මිල අඩුකිරීම වැදගත්ද යන්න පැහැදිලි නැත.

තුෂාන්ගේ පණ බේරගන්න : පාරිභෝගික සංවිධාන ජනාධිපතිට ලියයි !
සතොස ආයතනයේ සිදුවූ බව කියන කුප්‍රකට සුදුලූණු වංචාව ඇතුළුව වංචා දූෂණ අනාවරණය කිරීම හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්ව ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු ඉහළ නිලධාරියකු වු තුෂාන් ගුණවර්ධන ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.
අදාළ ලිපිය යොමුකර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසිනි.
එහි සභාපති රංජිත් විතානගේ යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
10-11-2021
ගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01.
ගරු ජනාධිපතිතුමනි,
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ හිටපු පූර්ණ කාලීන සමාජික තුෂාන් ගුණවර්ධන මහතාට ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන්.!
සතොසෙ ආයතනයේ සුදුලූණු වංචාව හා වෙනත් වංචා හා දූෂණ හෙළිකිරීම නිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ණකාලීන සමාජිකත්ව ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ තුෂාන් ගුණවර්ධන මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානාය යොමු කරමි.
තුෂාණ් ගුණවර්ධන මහතා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පූර්ණ කාලීන සාමාජිකයෙක් ලෙස සෘජුව කටයුතු කල මහත්මයෙක් වන අතර මෙරට පාරිභෝගිකියින්‌ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ඔබතුමාද බලාපොරොත්තුවන මෙරට රාජ්‍ය දූෂණය පිටුදැකීම සදහාද කටයුතු කරන පුද්ගලයෙකි. තවද ඔහුට එල්ල වන මෙම ජීවිත තර්ජන නිසා වෙනත් රාජ්‍ය නිළධාරීන්ද රජයේ සිදුවන වංචා දූෂණ හෙළි කිරීම සදහා මැලිබවක් දැක්වීමට හැක. එබැවින් තුෂාණ් ගුණවර්ධන මහාතාට එල්ල වී ඇති ජීවිත තර්ජන පිළිබදව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔහුට අවශ්‍ය නිසි ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
මීට විශ්වාසී,
රංජිත් විතානගේ - සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

සිමෙන්ති සහ තිරිඟු පිටි මිලත් සමාගම් විසින් නියම කරයි !
ආණ්ඩුවේ තීන්දුවක් අනුව මිල මිල පාලනය ඉවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමග තිරිඟු පිටි සහ සිමෙන්ති මිලත් ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කර ඇත.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමටත් සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.
මෙම මිල ඉහළ නැංවීම අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන බව ද ඔවුන් කියා සිටී.
තිරිඟු පිටි සඳහා පනවන ලද පාලන මිල රජය විසින් ඉවත් කිරීමත් සමගම සමාගම විසින් ද මිල සීමා නියම කරමින් සිටියි.
එමෙන්ම සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා තිබේ.
ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.
කෙසේ වෙතත් රජයේ සඳහන් කරන්නේ අසාධාරණ ලෙස මිල ඉහළ නැංවුවහොත් රජය ඊට මැදිහත් වන බවයි.

මෛත්‍රී ප්‍රහාර ඇරඹේ !
පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අදහස් දක්වා සිටියේ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතියගේ ගුණානුස්මරන උත්සවයක් අමතමිනි.
පොහොර නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇතිවී ඇති අර්බුදය නිසා ගොවියාට යන එන මං නැති වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ විශාලම ඛේදවාචකය මේ වන විට දක්නට ලැබෙන බව ද එහිදී සඳහන් කළේය.
‘මේ තත්වය තුළ තව ටික දවසකින් මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ’ යැයි කී හිටපු ජනාධිපතිවරයා ‘ගොවීන් තුළ ඇති ආවේගය, සංවේදීතාව, පීඩනය නිසා මටත් එන්න එපා කියන්න පුළුවන්’ යැයි කීවේය.

ලංකා ඉතිහාසයේ සුපිරිම ආණ්ඩුව : ගෑස් මිල අහස උසට !
කිලෝ ග්රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලිනඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.
කිලෝ ග්රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101කි.
කිලෝ ග්රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.
මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්‍ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමකි.
රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.
මේ අතර සමාජ මාධ්‍ය වල ප්‍රශ්න කරමින් ඇත්තේ මේ ටික කරන්න ආණ්ඩුවක් ඕනද කියාය.
ඔවුන්ට අමතක මේ ජනතාව පත්කරගත් ආණ්ඩුවක් බවයි. ඒ ප්‍රශ්නයට පිළිතුර වන්නේ , ලංකාව වැනි රටවල මිනිසුන් මේ වගේ ආණ්ඩු පත්කර ගන්නේ ඔයටික කරව ගන්න නොවේ නම් වෙන අහවල් එකකටද යන්නයි.

රාජගිරියේ පොඩි ගෙදරකින් : ආණ්ඩුවට ඩොලර් බිලියන 2ක් - හර්ෂ
ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.
මෙම ණය ගෙවනීම සදහා Concept Globle ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.
නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.

චෝදනා මැද බන්දුලගෙන් නිවේදනයක් : වසර 07කට පසුව සතොස ලාභ ලැබුවා !
කුප්‍රකට සුදුලූණු වංචාව සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචන එල්ල කරමින් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ ක්‍රියාත්මක පසුබිමේ, වසර 7 කට පසුව සතොස පළමු වතාවට ලාභ ලැබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඉතිහාසගත වැඩිම ආදායම කෝටි 400ක්, සැප්තැම්බර් මාසයේදී බවත් ඔහු පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින රත්නපුර නගරයේ ලංකා සතොස නව අළෙවි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් බව වෙළෙඳ අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක සඳහන් අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.
යහපාලන ආණ්ඩුකරණයේ දූෂිත ක්‍රියා පිළිවෙලෙහි ගොදුරු බවට පත් වූ ලංකා සතොස ආයතනය, රුපියල් බිලියන 20ක අලාභයක් සමඟ වර්තමාන රජයට උරුම වූ බවත්, ඒ අනුව වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් තමා පත් වීමත් සමඟ විවිධ ව්‍යාපෘති දියත් කරමින් පාරිභෝගිකයාට සහන සලසන අතරතුරම, ලංකා සතොස ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමේ ක්‍රමවේදයන් දියත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
සෑම මසකම රුපියල් මිලියන 100කට වඩා වැඩි අලාභයක් වාර්තා කරමින් පැවති ලංකා සතොස ආයතනයේ, 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලයක් තුළ සමස්ත අළෙවිය රුපියල් කෝටි 3000ක් වූ අතර, 2019 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වාර්තා කළ අළෙවිය රුපියල් කෝටි 1990කි.
ඒ අනුව, ලංකා සතොස ආයතනය විසින්, 2019 මුල් මාස 09 තුළ ලද සමස්ත අළෙවියට සාපේක්ෂව 2021 මුල් මාස 09 දී 50%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
එමෙන්ම, පළමු වතාවට ලංකා සතොස ඉතිහාසයේ මසකදී වාර්තා කළ වැඩිම අළෙවිය පසුගිය සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ බවත්, රුපියල් කෝටි 400ක් වන මෙම අළෙවිය, එතෙක් මෙතෙක් සිදු වූ වැඩිම අළෙවිය වාර්තා කළ අවස්ථාව වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, වසර 07කින් පසුව පළමු වතාවට සැප්තැම්බර් මාසය තුළදී පමණක් වාර්තාගත ලෙස රු.ලක්ෂ 121ක මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමටද ලංකා සතොස සමත් වූ බවත් ප්‍රකාශ කරන ලදී.
මෙම වසර අවසානයට පෙර ලංකා සතොස අළෙවිසැල් පිහිටා නොමැති ප්‍රදේශයන්හි නව ලංකා සතොස අළෙවිසැල් ඇති කිරීමට ද කටයුතු සලසා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. ගෝලීය ආර්ථික කඩා වැටීම් හමුවේ වුවද මහජනතාවට සහන සලසමින් මෙවැනි වාර්තාගත ආදායමක් ලබා ගැනීමට කටයුතු කරන ලද සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ මහතා ඇතුළුව, අවංකව හා කැපවීමෙන් රාජකාරී ඉටුකළ අනෙකුත් සියළුම නිලධාරීන් වෙත ද අමාත්‍යවරයා මෙහිදි සිය ප්‍රශංසාව පළ කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රිණී මුදිතා ප්‍රියදර්ශනී, රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති, සතොස සභාපති ඇතුළු සතොස කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.
මාධ්‍ය ඒකකය,
වෙළෙඳ අමාත්‍යාංශය.

තවත් කොවිඩ් මරණ 35ක් !
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (09) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
ඊයේ සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම මරණ අතර පුරුෂයින් 18ක් හා කාන්තාවන් 17ක් සිටී.
අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 30 ඊයේ වාර්තා වී තිබේ.

නෞකා දැවිතෙල් ජාවාරමක් : සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හොරට බුදිද ?
වංචනික ලෙස ලබාගත් බලපත්‍ර හරහා නෞකාවලින් දැවි තෙල් ඉවත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විශ්වාසදායක ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි.
වඩාත් ගැටලු සහගත කරුණ වන්නේ පෞද්ගලික ආයතන මැදිහත්වීමකින් සිදුකරන මේ ජාවාරමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ තනතුරු වල සහය ඊට ලැබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබීමය.
විශේෂයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ 2016 රෙගුලාසි මේ ජාවාරම තුළ උල්ලංඝනය වෙමින් ඇති නමුත් බලධාරීන්ගේ හැසිරීම සැකසංකා දනවන සුළුය.
ඒ තුළ වරාය අධිකාරියට සහ ශ්‍රී ලංකා රේගුවට අයවිය යුතු මුදල් පමණක් නොව, මහා පරිමාණ පරිසර විනාශයක් මෙරටට සිදුවෙමින් පවතී.
එසේම නෞකා ඒජන්ත සමාගම්, නැව් සමාගම් මෙරට සම්බන්ධයෙන් තබාගෙන ඇති විශ්වාසය පවා වනසන, එනිසා මෙරටට තවත් විදෙස් විනිමය ලැබෙන කවුලුවක් වැසීයාමේ ජාතික අපරාධයක් ද , මෙකී ජාවාරම හේතුවෙන් සිදුවෙමින් තිබේ.
මාරම බලපත්‍ර !
නැවකින් දැවි තෙල් ඉවත් කිරීම ආවට ගියාට සිදුකළ නොහැක. එවැන්නකදී අදාළ ඉල්ලීම සිදුකළ යුත්තේ නැවේ කපිතාන් හෝ නැවට අදාළ ඒජන්ත විසිනි.
නමුත් 2021 සැප්තැම්බර් මාසයේ අවසන් දින දහය තුළ නෞකාවක දැවි තෙල් ඉවත් කිරීමක් සිදුකර ඇත. මේ සඳහා ඉල්ලීම සිදුකර ඇත්තේ නෞකාවේ ඒජන්ත හෝ කපිතාන් නොවේ. ඒ වෙනුවෙන් ඉල්ලීම සිදුකර ඇත්තේ මෙකී ජාවාරමට සම්බන්ධ සමාගමේ සේවයකරන්නෙකුගේ ආයතනික e mail ලිපිනයක් හරහා ය.
එසේම මේ ආයතනය මෙවැනි කටයුත්තක් සඳහා ලියාපදිංචි සමාගමක්ද නොවේ.
GPS වැඩ නැත !
එපමණක් නොව , දැවි තෙල් බැහැර කිරීමේදී එම දැවිතෙල් ගෙන යන ස්ථාන නිරීක්ෂණය සඳහා GPS සවිකරනු ලැබූ, බව්සර යොදාගත යුතුය. නමුත් මෙහිදී බව්සර රථ 5 ක් යොදාගෙන දැවිතෙල් ඉවත් කරගෙන ඇති නමුත් එහිදී එම රථ වල GPS ක්‍රියාත්මකව තිබී නැත.
ඒ නිසා ඒ දැවිතෙල් බව්සර් කොහේ කොතනට ගියාද යන්න සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනගන්නට විදියක් නැත. දැනගන්නට ඇති කරුණු අනුව මෙම දැවිතෙල් ප්‍රවාහනය කළ බව්සර රථ 3ක දැවිතෙල් ප්‍රධාන ගඟකටත්, ඉතිරි බව්සර දෙකෙහි දැවිතෙල් අධි නාගරික ප්‍රදේශයක ඇලකටත් මුදාහැර ඇත.
තත්ත්ව සහතික තියෙනවාද ?
එසේම මේ දැවිතෙල් ඉවත් කිරීමේදී අදාළ බව්සර රථ වල ආරක්ෂණ තත්ත්ව සහතික ( Bowser sefety test certificate) ඉදිරිපත් කළ යුතු වුවත් මෙහිදී එම කටයුත්තත් නිසි ලෙස සිදුව නැති බව දැනගන්නට ඇත. මෙය මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැත්තෙන් කිසි දිනක අසන්නට නොලැබුණු සිදුවීමකි.
පරිසරයට අබ සරණයි !
මේ ජාවාරමට සම්බන්ධ සමාගමක් 2020 මාර්තු මස අග භාගයේ oily mud නම් අන්තරාදායක අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 130ක් නිසි අපහරණ ක්‍රියාවලියට යොමු නොකර මහත් පරිසර විනාශයක් සිදුකර ඇති බවත් දැනගන්නට තිබේ.
සාමාන්‍යයෙන් oily mud හී බැරලෝහ සහ විවිධ පිළිකාකාරක ඇති බැවින් ඒවා බැහැර කෙරෙන්නේ පුත්තලමේ පිහිටි insee ecocle ආයතනය හරහා අපහරණය කිරීමෙන් පසුවය.
එපමණක් නොව මෙකී සමාගම ලෝක ප්‍රකට නැව් සමාගමකට මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකර ඇති අතර ඊට අදාළ නඩුවක් පවා මේ වන විට ගොනුකර තිබේ.
කූඨ ලේඛනයක් !
එහිදී අනාවරණය වන තවත් වැදගත් කරුණක් වන්නේ මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වූ අවස්ථාවේ , ලෝක ප්‍රසිද්ධ නැව් සමාගම විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙතින් ජාවාරම්කාර සමාගමට අදාළ තොරතුරු ඉල්ලීමේදී එහි ඉහළ තනතුරක් දරන්නෙකු කූඨ ලේඛනයක් ඉදිරිපත් කර තිබීමයි.
එයින් පැහැදිලිව ජාවාරම්කාර සමාගම සමග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ නිලධාරී සම්බන්ධයක් පවතින බවට පැහැදිලි සැකසංකා මතුවෙයි.
මේ සම්බන්ධයෙන් නම්, විස්තර , ඇතුළත් ලිඛිත පැමිණිල්ලක් පොලිස්පති වෙත යොමුකිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි !

ආනයනික කිරිපිටි මිලේ තීන්දුව මෙන්න !
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250.00 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙරට කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය මේ බව සඳහන් කර ඇත.
ඊට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480ක් බව ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ ය.

සිගරැට් මිලත් ඉහළට !
දුම්වැටි පරිභෝජනය පහත දැමීම සම්බන්ධයෙන් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසුවේ මිල සූත්‍ර පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබා ගෙන එය සකස් කළ බවය.
මේ අතර , සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට මෙම මිල සූත්‍රය භාර දී ඇති බවත් වාර්තා වෙයි.
එළැඹෙන අයවැය යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ බව ද වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසුවේ ය.
2022 වර්ෂයේදී මෙම මිල සූත්‍රයට අනුව මෙරට බහුලව විකිණෙන දුම්වැටියක් රුපියල් 4.00කින් පමණ ඉහළ යනු ඇත.
එමෙන්ම 2026 දී මෙය තවත් රුපියල් 20 කින් පමණ ඉහළ යාමට නියමිතය.

තවත් කොරෝනා මරණ 29ක් : සමස්ත මරණ සංඛ්‍යාව 13,296 දක්වා ඉහළට
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 13,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ සිදුවූ තවත් මරණ 29 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
මරණකරුවන් අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු සිටී.
මියගිය පුද්ගලයින් අතරින් 06 දෙනෙකු අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් වන අතර , අනෙක් පුද්ගලයින් 23 දෙනා අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.

ගුරු විරෝධතාවලට බිත්තර තක්කාලි ප්‍රහාර ගැන අනතුරු ඇඟවීමක් !
නැවත විරෝධතා ආරම්භ කර තිබෙන ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව දුටු බවත්, ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනතුරු අඟවයි.
මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බවත් ඔහු පවසයි.
එසේ වුවහොත් ගුරු ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසෙනු ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ නිසා 21 වෙනිදා පාසලට ගොස් සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බවද පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මෙසේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසූ අතර කොරෝනා වසංගතය මේ ආකාරයට පාලනය කර ගත්තේ ඉතා අමාරුවෙන් බවත් පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ අනතුරු ඇඟවීමක් කරන්නේ , පසුගියදා ගුරු විදුහල්පති වෘත්තීය අරගල විරෝධතා වෙත පැමිණ බාධා කිරීම පිටුපස සිටියේ ආණ්ඩුව පාර්ශ්වයෙ ආධාරකරුවන් බව සමාජ මාධ්‍ය වල අනාවරණය කරමින් ඇති පසුබිමකය.

තවත් කොරෝනා මරණ 38 ක් !
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 38 ක් අද (08) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,267 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 20 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් ය.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 12 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 26 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (08) වාර්තා කරන ලද මෙම මරණ 38 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
Page 428 of 474