වරාය, ඉන්ධන, තැපැල් , දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනා ගමණ මණ්ඩල සේවා ඇතුළ භාණ්ඩ හා මගී ප්‍රවාහන සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් ඊයේ (29) දින මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
රටේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව සදහන් කර ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
