චීන සමාගම වෙනුවෙන් නිකුත් කර ඇති ණයවර ලිපියට මුදල් ගෙවීමට මහජන බැංකුවට නොහැකි වී ඇත්තේ අධිකරණය විසින් ගෙවීම් අත්හිටුවමින් නිකුත් කර ඇති වාරණ නියෝගය නිසා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසා ඇත.
මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අධිකරණ වාරණය නොවන්න මුදල් ගෙවීමේ ගැටලුවක් නොමැති බවත් මෙම ගැටලුව ඉක්මනින්ම විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
චීන සමාගමක් විසින් මෙරටට පොහොර ගෙන්වීමෙන් පසු ඒ සඳහා අදාළ ණයවර ලිපියට අදාල මුදල් ගෙවීම පැහැර හැරයේ යැයි චීන තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව ඔවුන්ගේ අසාදු ලේඛණයට ඇතුලත් කර තිබේ.
(මූලාශ්‍රය සී නිව්ස් )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
