පුවත්

මේ system change එකට ලෑස්ති කවුද?
ලංකාවෙ වාර්ෂික ඒක පුද්ගල තෙල් පරිභෝජනය ලීටර්350.5ක්අ සල්වැසි ඉන්දියාවෙ 198යි, පකිස්තානෙ 158 බංග්ලාදේශයෙ 41යි.
ලංකාව මේ මෙහොතෙ මූනදීල තියන ප්‍රශ්නෙන් ගොඩ එන්න ඒක පුද්ගල තෙල් පරිභෝජනය අඩකටවත් අඩුකරන්න ඕනෙ.
මේක කරන්නෙ කොහොමද?
1 විදුලි නිශ්පාදනයට වැයවන තෙල් ප්‍රමානය අඩුකල යුතුයි. ඒ සදහා සුනිත්‍ය බලශක්තිය කඩිනමින් වැඩිකලයුතුයි. ලංකාවෙ සුනිත්‍ය බල ශක්තිය වැඩිකිරීමට දිගින් දිගටම භාදා කලේ විදුලිබල මංඩලේ නිලධාරී මාෆියාව.
2 පුද්ගලික වාහන භාවිතය අඩුකල යුතුයි.
උදා1- අපි පාසල් යන කාලෙ පාසලට ලමයි ආවෙ පාසල් බස් රථ වල, විදුහල්පති හැර වෙන කිසිම ගුරුවරයෙක් පුද්ගලික කාර් එකක ආවෙ නෑ.
දැන් ඕනෑම පාසලක ගුරුවරියන්ගෙ පොඩිකාර් කීයක් පාසලේ ගාල් කරල තියනවද? ලමයින්වත් අම්ම හරි තාත්ත හරි බයික් එකක ,වීල් එකක හරි කාර් එකක හරි ගෙනිහින්දාල එක්කන් එනව
මේ වෙනස උනේ කොහොමද ?
උදා2- ලංකාවෙ රාජ්‍යසේවයෙ ඉහල නිලධාරීන්ට පාවිච්චි කරන්න තියෙන වාහන මොනවද? prado 150, නිලවශයෙන් එකයි. පූල් එකෙන් දාල තව එකක් හරි දෙකක් හරි.
අමාත්‍යාංශයට එන්න යන්න එකයි. ගෙදර වයිෆ් ගෙ ලමයින්ගෙ පාවිච්චියට, බල්ලට බේත් ගේන්න යන්න, අනියම් බිරිදව ගිහින් බස්සන්න.
https://m.facebook.com/story.php?story_fbid=10228170111868166&id=1537473825
මේ නව මැද පංතියෙ පුලුල්වීමත් සමග බලයට ආපු සියලු රජයවල් ඩීල් කලේ ඔවුන්ගෙ හීන එක්ක, රාජපක්ෂලා ඒක කරපු හැටි ඉහත ලිපියෙ තියනව. යහපාලන ආණ්ඩුකාලෙත් මංගලගෙ v2022 campaign එකේ base එක ඒක. හැමෝටම ගෙයක් ගන්න , වාහනයක් ගන්න loan එකක්.
මේ මැද පංතික ජීවිතයෙ විකාරය විසින් සමාජයත් , පුද්ගලිකව ඔවුනුත් විශාල පීඩාවකට ලක්වෙලා තියෙන්නෙ
මාසික වැටුපෙන් වැඩිම පංගුවක් වාහනේ ලීස් ගෙවන්න නිවාස නය ගෙවන්න යොදවන මෙයාල ඇත්තටම හරියට කන්නෙත් නෑ.
මමත් නය අරන් තියනව. ඒ ව්‍යාපාර කරන්න.
මට තවම බයික් එක හැරුනාම වෙන පුද්ගලික වාහනයක් නෑ.
ගෙදර වාහනය දෙකතුනක් තියන මගෙ යාලුවන්ගෙ ගෙදරකට ගියහම "මචන් අඩියක් ගහමුද?, බත් ටිකක් කමුද? " අහන්න උන් ඇබරෙන විදිහ දැක්කහම දුක හිතෙනව. අපේ ගෙදරට යන එන උන් දන්නව. ඒක සීමා නැති නවාතැන් පොලක්, කවුරුත් අහල නෙමේ එන්නෙ, නවතින්න. දවස ,දෙක නෙමේ මාස ගනන් නැවතිලා ඉන්න අය ඕනෙ තරම්, ගෑනිට කම්මැලි හිතුනාම උයාගෙන කාපල්ල කියන එක හැරුනාම වෙන විරෝධයක් කවදාවත් කාටවත් ඇවිල්ලනෑ. බොනව කිව්වම Prasanna AbeywickramatNayantha Prasad Sanjeewani Hangawaththa (උපුල්)
ජීවිතේ කියන්නෙ නයවෙලා ගේ ඉස්සරහ කාර් එකක් නවත්තන් ඉන්න එක නෙමේ. කාල බීල, ඇවිදල විදින දෙයක්. මේ වෙනසට සමාජෙ ගේන එක ලේසිනෑ. ඒක ඇත්තටම විප්ලවයක් , system change එකක්.
ඒක කරන්න නම්
මැද පංතියට බය නැතුව දේශපාලනය කරන්න පුලුවන් කණ්ඩායමක් ඕනෙ. අද ගාලුමුවදොර අරගලය කියන්නෙ , සිරසෙන් promote කරන්නෙ , ජවිපෙන් කරන්නෙ මේ මැද පංතියේ අපේක්ෂාභංගත්වයේ අරගලය. ඇත්ත අරගලය තියෙන්නෙ ඒකට විරුද්ධව.
විදුලිබල මංඩලේ රංජන් ජයලාල්ල එක්ක , පෙට්‍රෝලියම් එකේ රංවලල එක්ක, පාරට බහින ලාල්කාන්තට, ශ්‍රීලංකන් එක්ක පාරට බහින වසන්ත "මත්තයට" මේ system change එක කරන්න පුලුවන්ද ?
මැද පංතියට බය නැතුව මේ අරගලය කරන්න පුලුවන්
එක්කෝ සැබෑ වමේ නායකත්වයකට
නැත්නම් hierarchy ධනේශ්වර නායකයෙකුට.
මම ඉන්නෙ දකුනෙ
දකුනට එන්න බැරි අය සැබෑ වමක් හොයාගන්න , මැද පංතියට බය නැති වමක්.
වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

සියලු පාසල් සතියක් වහයි !
ඉන්ධන අර්බුදය මුල්කරගෙන ඇතිවී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට (04) සිට ලබන 08 වෙනිදා දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් සඳහා සතියක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙසේ සතියක නිවාඩුව ප්‍රකාශයට පත්කර ඇත .
අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ඉකුත් දෙසතිය තුළ විවෘතව තිබුණු ග්‍රාමීය පාසල් සඳහා දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණිම සමාලෝචනය කරමින් මේ තීන්දුව ගනුලැබූ බවය.

ගෑස් මිලදී ගැනීමේදී වංචාවක් වුනාද : ලිට්‍රෝ සමාගමේ ලොක්කන්ට කෝප් කමිටු කැඳවීමක් !
ගෑස් මිලදී ගැනීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවි ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා ජූලි 05 වනදා පස්වරු 2.00 ට ලිට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති බව වාර්තා වෙයි .
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මේ බව තහවුරු කර ඇත .
පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සාමාජික එස්. එම්. මරික්කාර් ලිපියක් යොමුකර කෝප් කමිටු සභාපතිවරයා වෙතින් ඉල්ලා සිටියේ, ලිට්‍රෝ සමාගම වැඩි මුදලට ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට පවතින සූදානම පිළිබඳව වහාම විමර්ශනක් කරන ලෙසය.
ඒ අනුව, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන්, ලිට්‍රෝ සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇතැයි මහාචාර්ය චරිත හේරත් සඳහන් කර ඇත .

දුම්රිය ගාස්තු මේ මාසයේ ඉහළට !
දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව මේ මාසය තුළ වැඩි කරන බව දුම්රිය සාමානාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි .
මේ වන විට ඊට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව බස් ගාස්තුවෙන් 40% ක් දක්වා දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව මේ මාසය තුළ ඉහළ යනු ඇති බවත් ඔහු පවසයි .
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන ආකාරයට වත්මන් ප්‍රවේශපත්‍ර ගාස්තු හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට රුපියල් මිලියන 30 ක පමණ අලාභයක් ලබයි.
ඒ දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්ධන සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 45 ක් වීමත්, නමුත් දෛනික සමස්ත ආදායම රුපියල් මිලියන 15 කට පමණ ආසන්න වීමත් නිසාය .
ඒ අනුව ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩි කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් බිලියන 6 කින් පමණ අඩුවනු ඇති බව ඔහුගේ අපේක්ෂාව වී තිබේ.
දැනට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව බස් ගාස්තුවට සාපේක්ෂව පවතින්නේ 20% ක පමණය.

පරිස්සමෙන් : කළු සහ ගිං ගංගා පිටාර මට්ටමේ !
ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැළුනු තද වැසි හමුවේ කළු ගඟ සහ ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බවත් , ඒ සම්බන්ධයෙන් මේ ගංගා ආශ්‍රිත පහත්බිම් වල සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසත් බලධාරීන් දැනුම්දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිං ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
ඊට අනුව වැලිවිටිය – දිවිතුර, බද්දේගම, කොටපොල, හික්කඩුව, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, බෝපේ පොද්දල සහ ගාල්ල කඩවල් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි .
තවද අඅදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ඒ ප්‍රදේශයේ ගමන් ගන්නා රියැදුරන් ඒ පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරන්නැයි වාරිමාර්ග දොපර්තමේන්තුව දැනුම්දී ඇත.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර නගරය ආශ්‍රිත ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර පහත්බිම් රැසක් ද ජලයෙන් යට වී ඇති බවත් වාර්තා වෙයි .
මේ අතර හැටන් – අවිස්සාවේල්ල මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ට දැනුම් දෙයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවිත විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවතින වර්ෂාවත් සමග කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

අර්බුදය අස්සේ : සජිත් - අනුර සන්ධානයක් !
පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් සියලු පක්ෂ ඒකාබද්ධ විපක්ෂයක් සන්ධාන ගතකිරීමේ සූදානමක් සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග පවසයි .
වාර්තා වන ආකාරයට සමගි ජනබලවේගය , ජාතික ජනබලවේගය මෙහි මූලිකත්වය ගෙන ඇත .
සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සිදුකළ අදහස් දැක්වීමක් පදනම් කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ කටයුත්ත සඳහා මුලපුරා ඇති බවය.
අනුර කියපු කතාව !
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය සතියේ ජාතික ජනබලවේගය විරෝධතා වලදී එහි නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ වත්මන් දුර්දාන්ත පාලනය නිමා කිරීම සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පක්ෂ එකමුතු විය යුතු බවය.
එසේ එකතුව සියලු දෙනා පාරට බැසිය යුතු බවත්, එම දිනය තමන් විසින් නුදුරේදීම තීන්දු කරන බවත් අනුර එහිදී අවධාරණය කර සිටියේය.
මෙම සටන අවසන් කරන්නේ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පලවා හැර බව මෙහිදී කියා සිටි අනුර, ඉන් අනතුරුව අප සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බවත්, මාස හයක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා රට තුළ මතුව ඇති දේශපාලන අස්ථාවරත්වය අවසන් කරන බවත් කියා සිටියේය.
සජිත්ගේ සැලැස්ම !
අනුර විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්කළ සජිත් පවසා ඇත්තේ විපක්ෂය එකමුතු කරන වැඩපිළිවෙළ වහාම ආරම්භ කළ යුතු බවය.
ඉදිරි දින 6 ඇතුළත විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ත් එහිදී සජිත් පවසා ඇත .
පක්ෂ 82 න් 80ක් සඳහා ආරාධනා !
මේ අනුව සජිත් සැලසුම් කර ඇත්තේ , මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 82න් 80 ක් සඳහා ආරාධනා කර අදාළ සංධානය ගොඩනගන්න ය.
ඒ අනුව පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය කිසිම ලෙසකින් මේ සඳහා සහභාගි කර නොගත්තට ද සජිත් තීරණය කර ඇත .
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැනගන්නට සජබ හිතවාදී මාධ්‍ය හරහා තොරතුරු නිකුත්කරන ලෙසත් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස උපදෙස් දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .
ඒ අනුව මේ සති අන්තයේ සජබ හිතවාදී මාධ්‍ය මේ නව සන්ධානය ගැන වැඩි ඉඩක් වෙන්කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

ණය ගන්න පෙර මහ බැංකුව ස්වාධීන කර : දූෂණ මඩින නීති ගේන්න - ඇමරිකාව
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දුෂණ මැඩලීම සඳහා ශක්තිමත් පියවර ගැනීමට සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යාම සඳහා ණය තිරසරභාවය සහ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම පමණක් ඉලක්ක කරගනිමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ප්‍රමාණවත් නොවන බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කළේය.
එසේ වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව සඳහන් කළේය.
- lankadeepa

නාමල්ගේ අලුත් ආණ්ඩු යෝජනාව : වාසුගේ කුණුබක්කියේ !
ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කළ යෝජනාවක් පක්ෂ 09 කණ්ඩායම සාකච්ඡාවටවත් නොගෙන ප්‍රතිකේෂ්ප කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හරහා අදාළ යෝජනාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් යොමුකර ඇත .
පසුව මේ බව වාසුදේව නානායක්කාර පසුගියදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවට යොමුකර ඇත .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා විසින් එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කළ බවය.
එහිදී ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ වත්මන් අර්බුදයට රාජපක්ෂවරුන් පොදුවේ වගකිවයුතු බවත් එසේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැන්නෙකු සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමටත් බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

වෛද්‍යවරුන්ට තෙල් : හමුදා කඳවුරුවලින් !
වෛද්‍යවරුන් සඳහා යුද හමුදා කඳවුරු තුළ ඉන්ධන ලබාදීමට රජය තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි .
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි සඳහන් කර සිටියේ වෛද්‍යවරුන්ට ළඟම පිහිටි යුද හමුදා කඳවුරෙන් ඉන්ධන ලබාගැනීමේ පහසුකම් සැපයීමට යුද හමුදාපතිවරයාද සිය කැමැත්ත පළකර ඇති බවය.
ඉන්ධන ලබාගැනීමේදී වෛද්‍යරුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමේදී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවූ කළහාකාරී සිදුවීම් ගැන සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ ඇති බවත් වාර්තා වෙයි .
වෛද්‍යවරුන්ට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි හා ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන රථ සඳහා ද යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය වී තිබේ.
නුවරඑළිය ,කැප්පෙටිපොල ,දඹුල්ල ,තඹුත්තේගම,මීගොඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ආසන්න යුද හමුදා කඳවුරුවලින් ඒ සඳහා ඉන්ධන නිකුත් කෙරෙන බවත් වාර්තා වෙයි .

ඉස්සරහට මන්ත්‍රී පාතාලයක් : අනුරගේ අනාවරණයක් !
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැපයීම සඳහා රජයේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසවය තැබිය නොහැකි බැවින් ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ ග්‍රාමාරක්ෂකයින් 05 දෙනෙකු යොදාගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හෙළි කළේය.
ඔහු මේ බව හෙළි කළේ ඊයේ (01) අම්බලන්තොටදී පැවැත් වූ “ආණ්ඩුව #පන්නමු! පාරට බහිමු!…” විරෝධතා රැලියේදීය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මුලින්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිනි අවි 04ක් ලබා දෙන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් කැමති පුද්ගලයින් 04 දෙනෙකු ගිනි අවි පුහුණුව සමගින් ආරක්ෂාවට යොදාගැනීම සඳහා සාකච්ඡා කර ඇති බවය.
නමුත් පසුව එය ගිනි අවි සහිත තමන් කැමති ග්‍රාමාරක්ෂකයින් 05 දෙනෙකු ලබා ගැනීම දක්වා වෙනස් කර ඇති බව හෙළි කළේය.
මේ මගින් හෙළි වී තිබෙන්නේ රජයේ නිල ආරක්ෂක අංශවන හමුදා හෝ පොලීසිය සම්බන්ධයෙන් විශ්වාසය නැතිවීම හේතුවෙන් මන්ත්‍රීවරුන් වටා පැරා මිල්ටරි කණ්ඩායමක් සේ ක්‍රියාකරන පාතාල බලකායක් පිහිටුවාගැනීමට සූදානම් වන බවය.

ජනාධිපති ගෝඨාභය හැංගිලා : පොහොට්ටු මන්ත්‍රී කියයි !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැගවී සිටින ජනාධිපතිවරයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හෝ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාගත නො හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත .
එනිසා ජනතාවගේ ගැටලු ජනාධිපතිට දැනුම් දිය හැකි එකම ආකාරය ජනමාධ්‍ය පමණක් බවද පැවසූ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මාධ්‍ය ආයතන සඳහා ඉන්ධන අහිමි කිරීමෙන් එම අවස්ථාවද අහිමි කරමින් ඇතැයිද කියා සිටියේය.

ලිට්‍රෝ ගෑස් සැපයීමත් : අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි !
තවදුරටත් ගෑස් සැපයීම සිදුකරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි .
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර , ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බවත් පවසා ඇත .
මේ මාසය තුළ ගෑස් මෙට්රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා පවසා ඇත .
එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔහු සඳහන් කර තිබේ .

ව්‍යවස්ථා සංශෝධනයට සිරිසේනගෙන් බාල්දියක් !
ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිදුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චෝදනා කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පවසයි .
" ගෙනැවිත් තිබෙන 22වෙනි ව්‍යයවස්ථා සංශෝධනය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස්. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම තවත් බලතල ලබාදී තිබෙනවා. අපි එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් ගැබිණි මව්වරුන්ට නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව තිබෙනවා. ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වරැද්ද නිවැරදි කරගන්නට තවමත් සූදානම් නැහැ"

නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න : ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිට දන්වයි !
නැවත සියලු පක්ෂ නායකයින් කැඳවා නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීමට පියවර ගන්නැයි දන්වමින් මහානායක ස්වාමීන්වහන්සේලාගේ අත්සන්වලින් යුත් ලිපියක් ජනාධිපති වෙත යොමු කර තිබේ.
ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා සහ සියලු පක්ෂ නායකයින් එකඟ වියයුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇත.
අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය යොමුකර තිබේ.
දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වියයුතු බවද ඉන් අවධාරණය කර තිබේ.
එසේම මීට පෙර ජනාධිපතිවරයා තමන් වහන්සේලාට එකඟතාව පළකල ආකාරයට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද එහිදී කරුණු සඳහන් කර ඇත .
අදාළ ලිපිය පහත දැක්වෙයි .

කන්දකාඩු රැඳවියාගේ මරණය : යුද - ගුවන් සෙබළු 4 ක් අත්අඩංගුවට !
පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කළ අතර , අත්අඩංගුවට ගනුලැබූ පිරිස අතර යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු සිටියි.
ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථා දෙකකදී රැඳවියන් 647 දෙනකු සෝමාවතී රක්ෂිතයට පැන ගොස් සිටි අතර යුදහමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී රැඳවියෝ රැසක් අත්අඩංගුවට පත්වූහ.
පලාගිය රැඳවියෝ අතරින් 126 කට ආසන්න රැඳවියන් පිරිසක් අතුරැදන්ව සිටින බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (2) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

ජපන් සහය ඉදිරියටත් : තානාපති ජනාධිපතිට දන්වයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) පවසා ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඊයේ ( 01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර පවසයි .
ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි පැවසූ බවත් ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

සිපෙට්කෝ නැති වුණාට IOC ඉන්ධන එනවා !
ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් රැගත් නෞකා 03ක් මෙරටට පැමිණීමට නියමිත බව ලංකා IOC සමාගම පවසයි.
ඊට අනුව එක් නෞකාවක් ජූලි 13 - 14 දෙදින තුළ පැමිණීමට නියමිත අතර , දෙවන ඉන්ධන නෞකාව ජූලි 28 හෝ 31 වන දාත්, තුන්වන ඉන්ධන නෞකාව අගෝස්තු 10 හෝ 15 වන දා ලෙස පැමිණීමට නියමිත බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්න පැමිණීම සම්බන්ධයෙන් ජූලි 22 වන තුරු නිශ්චිත දැනුම්දීමක් සිදුකළ නොහැකි බවය.
මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත්කරමින් ඇත.

ජූලි 07 වෙනකොට යන්න : භික්ෂු සංවිධාන ජනාධිපතිට දින නියම කරයි !
තවදුරටත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 7 වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලියුමක් මගින් දැනුම් දී තිබේ.
එසේ ඉවත්ව නොයන්නේ නම්, මෙරට සියලු ම භික්‍ෂුන් වහන්සේ කොළඹට ඒකරාශී කර මෙම 7 දින සිට අඛණ්ඩ හා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව ද එම භික්‍ෂු සංවිධානය සිය ලියුම මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
රට තුළ පවත්නා අර්බුදකාරී හා අරාජික තත්ත්වය සමනය කිරීම සඳහා වහා ම ක්‍රියාමාර්ගයක් ගන්නා තෛ්‍රනිකායික මහ නා හිමියන් වහන්සේලා ඒකාබද්ධ ප්‍රකාශනයක් අස්සන් කර කළ දැනුම්දීමට සුබවාදී ප්‍රතිචාරයක් හෝ නැඹුරුවක් ආණ්ඩුව වෙතින් නොදැක්වීම නිසා මෙම පියවර ගන්නා බව ද එම ලියුම මගින් පෙන්වා දී ඇත.
බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ ජනතාවට සේවය කරන බවට රුවන්වැලිසෑ පුදබිම, ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩසිටින පුදබිම, තුළ දී දිවුරුම් ලබා දෙමින් ජනාධිපතිවරයා කර ඇත්තේ ජනතාව මුළා කිරීමක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේගේ ප්‍රකාශනයට ප්‍රතිචාර නොදැක්වීම තුළින් පෙනී යන බව ද එම ලියුමේ සඳහන් ය.
කප්පරක් විශ්වාස තබාගෙන බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ඇතුළු හැටනම ලක්‍ෂයක අති බහුතර ජනතාවක් ජනාධිපතිවරයා තෝරා පත්කර ගත් නමුත් එම ජනතාවට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අල්පමාත්‍රයක හෝ විශ්වාසයක් නොමැති බව ද ගෝඨාභය රාජපක්‍ෂ තවදුරටත් ජනාධිපතිවරයා වශයෙන් පිළිගැනීමට භික්‍ෂුන් වහන්සේ මෙන්ම රටේ සමස්ත ජනතාව ද සූදානම් නොමැති බව ද එම ලියුම මඟින් පෙන්වා දී ඇත.
රට තුළ මහා විනාශයක් පෙනෙන්නට ඇති විට ඒවා වළක්වාලීමට පියවර ගැනීම මෙන්ම මිලියන 22ක ජනතාවගේ උන්නතිය පිණිස කටයුතු කිරීම භික්‍ෂුන් වහන්සේගේ පරම යුතුකම බැවින් මෙම ඉල්ලීම කරන බව ද ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ සිය ලියුම මගින් වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.
උලපනේ සුමංගල, කොබෙයිගනේ විජිත, මතුරට ධම්මාලංකාර ඇතුළු භික්‍ෂුන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව මෙම ලියුම යවා තිබේ.
- මව්බිම
Page 312 of 465