පුවත්

සජබ චෝදනා පුස්සක් වෙයි : හිටපු සතොස සභාපති හිරේ !
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගේ දූෂිත පාලනය ඉදිරියට ගෙන යාම බව අද (20) සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිදුකළ චෝදනාව පුස්සක් වන සිදුවීමක් වාර්තා වෙයි .
ඒ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට අධිකරණ නියෝගයක් නිකුත්කර තිබීම හමුවේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මතය.
සතොස ආයතනයේ සිදු වූ බවට සැක කෙරෙන කෝටි ගණනක අයථා ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ, මේ වසරේ පෙබරවාරි මාසයේ කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා තමා වෙත වාර්තා කරන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය වෙත නියෝග කරනු ලැබිණ .
එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදු කරනු ලැබිණ .
වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන පත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති කාර්යාලයේ නිදේශයක් මත බවත් එවකට වාර්තා විය.

ජනාධිපති රනිල් : චාල්ස් රජු සහ බ්‍රිතාන්‍යයේ ලංකා ඩයස්පෝරාව හමුවෙයි !
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ.
ඒ පසුගිය 18 වැනිදා ලෝක නායකයින් සහ තෙවැනි වාල්ස් රජු අතර බකිංහැම් මාළිගයේදී පැවති හමුවේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්ව සිටි බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ, ඊයේ (19) මිහිදන් කෙරුණු දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභගී වීම සඳහාය.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී පසුගිය 18 වැනිදා දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වූහ.
සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු : බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම් !
මේ අතර සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත .
එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර තිබේ.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.
බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
අපි ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ 20 වැනිදා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය සමඟ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය ශක්තිමත් වී ඉදිරියට යාම අපට අවශ්‍යයි. එක්සත් රාජධානිය අපගේ දිගුකාලීන මිතුරෙක්. අපි එක්සත් රාජධානියේ පාලනය යටතේ සිටි අතර එක්සත් රාජධානිය සමඟ සබඳතා පවත්වන ස්වාධීන රටක්. අපේ සබඳතාව දීර්ඝ කාලීන එකක්.
එක්සත් රාජධානියේ පාලනය ලේබර් පක්ෂය, කන්සවේටිව් පක්ෂය, එහෙම නැත්නම් සභාගයක් හරහා සිදු වූවද අපිට අපේ සබඳතා පවත්වන්න අවශ්‍යයි. රටක් ලෙස අපි ආර්ථිකමය ලෙස කඩා වැටී ඇති බව නොරහසක්. මේ ප්‍රශ්න අපිම විසඳා ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අපි දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කර තිබෙනවා. අපි ඉන්දියාව චීනය හා ජපානය සමඟත් පුද්ගලික ණය හිමියන් සමඟත් කතා කළ යුතුයි. අපේ ණය ප්‍රශ්න දිහා බලන අතරේ අපි ගත්ත ණය ගෙවන්නත් තිබෙනවා. අද සිට ණය ගෙවන්න වසර 25ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ 2048 වන විට නිදහසට වසර 100ක් වන විට සමෘද්ධිමත් සමාජයක් වෙත අපට යා හැකියි.
අපි බොහෝ දෙනෙක් ඒ වනවිට ජීවත්ව නොසිටීවි. නමුත් අපි එයට දායක වූ පුරවැසියන් වෙන්න පුළුවන්. මෙහිදී දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර, තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකුගේ අදහස්වලට අප ඉඩ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. නමුත් ප්‍රධාන වශයෙන්, ඔබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් ඔබට පාලනයක්, විනයක් සහ නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි. එහිදී නිවාස පුළුස්සා දැමිය හෝ කාර්යාල අත්පත් කර ගැනීම කළ යුතුද යන්න කාටවත් තීරණය කළ නොහැකයි. එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදය යනු නීතියේ ආධිපත්‍යයට අනුව ක්‍රියා කිරීමයි.
පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී මේ රටේ ඇතැම් තරුණ පිරිස් කලහකාරි ලෙස හැසිරුණා. අපි ඔවුන්ගේ අදහස් උදහස් අධීක්ෂණ කාරක සභාවලට ඇතුළත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා 19ක් තිබෙනවා. ඒවායේ තරුණ නියෝජනය පස් දෙනකුට අවස්ථාව ලබාදී තිබෙනවා. වෙන කිසිම රටක් එහෙම කරලා නැහැ. එම කරකා සභාවල ඕනෑම වාර්තාවකට තරුණයින්ගේ අදහස් අතිරේක ලියවිල්ලක් හැටියට ඉදිරිපත් කළ හැකියි. අපි සමාජය නැවත හැඩගස්වාගත යුත්තේ අනාගතය දෙස බලා, ඔවුන්ට අවශ්‍ය දේ මත මිස, අපට අවශ්‍ය දේ මත නොවේ. ඒ නිසා අපි සියලු කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම සොයා බැලිය යුතුයි. කරු ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජන සභා පැවැත්වීමේ තවත් රාජ්‍ය නොවන කාර්යයක නිරතව සිටිනවා.
උතුරේ ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳා අවසන් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තිබෙන ගැටලු අප විසඳා ගත යුතුයි. බලය බෙදීමේ මූලික කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරන්න තිබෙනවා. 2018 දී අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාලෝචනය කරන විට උතුරු නැගෙනහිරින් පිටත ප්‍රධාන අමාත්‍යවරුන් හත් දෙනෙකු සහ විපක්ෂ නායකවරයා යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. උතුරු නැඟෙනහිර මන්ත්‍රීවරු සහ ප්‍රධාන ඇමැතිවරු ඊට එකඟවීම සතුටට කරුණක්. දැන් අපට ඉදිරියට යන්න පුළුවන්. මම හිතන්නේ අපට එය කළ හැකියි.
අපි සැවොම සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීම සඳහා එකතු වී බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි. මෙහි සිටින ඔබ මෙහි රැඳී සිටීම නිසාම සාර්ථකත්වය ළඟා කර ගෙන තිබෙනවා. මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 500,000 තමන් පළමු හෝ දෙවන පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් ඩයස්පෝරාව ලෙස හැඳින් වෙනවා. අපි ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය නම් ව්‍යාපෘතියක වැඩ කරමින් සිටින අතර විදේශ අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. එය ජනාධිපති කාර්යාලය යටතේ පවතිනවා. නමුත් ටික කලකට පසු එය ජාත්‍යන්තර වෙළඳාම භාර ගන්නා බැවින් එය විදේශ අමාත්‍යාංශය යටතට පත් වෙනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ මෙම කාර්යාලය සාර්ථක වීමටයි. අපි හැමෝම ඊට සම්බන්ධ වෙන්න ඕන. උතුරේ විතරක් නෙවෙයි, දකුණෙත් ආයෝජනය කරන්න පුළුවන්. ඔබගෙන් සමහරෙකුට දකුණේ හෝ නැඟෙනහිර ප්‍රදේශයේ සබඳතා තිබෙන්නට පුළුවන්. ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය විය හැකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවට උපකාර කරන්න.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ , එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකාවට දෙන ඉන්දීය මූල්‍ය ආධාර අත්හිටවූ පුවත බොරුවක් !
තවදුරටත් ඉන්දියාව ශ්‍රී ලංකාවට මුදල් ආධාර දීම අත්හිටුවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ද්විපාර්ශවික ආධාර ලබා දෙනවාට අමතරව වෙනත් රටවල ආධාර ලබා ගැනීමටද ඉන්දියාව මැදිහත් වී ඇති බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
කොළඹ ඉන්දීය දූත මණ්ඩල ප්‍රකාශක එල්දෝස් මැතිව් පුන්නුස් අද (20) නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ , "ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා සඳහා ඉන්දියාව පෙර නොවූ විරූ අයුරින් මේ වසරේ එක්සත් ජනපද ඩොලර් බිලියන 4කට ආසන්න ද්විපාර්ශවික ආධාර ලබා දී ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු," යනුවෙනි.
.ඩොලර් බිලියන 29.9 ක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග ගිවිසගත් පරිදි ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන්ද ඉන්දියාව අවධානය යොමුකර තිබේ.
"ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් කඩිනමින් ආධාර කරනු පිණිස වෙනත් ද්විපාර්ශවික හා බහු පාර්ශවික හවුල්කරුවන්ටත් ඉන්දියාව කරුණු දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගනීමද අපේ අවධානයට යොමුවී තිබේ.
එය තව දුරටත් අනුමත වීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ චිරස්ථායී භාවයද බලපායි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනමින් නගා සිටුවීම සහ වර්ධනය සඳහා ආර්ථික මර්මස්ථාන වල දීර්ඝ කාලීන ආයෝජන මගින් ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම සහාය වීම අපි දිගටම කරගෙන යන්නෙමු."
දැනට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ද්විපාර්ශවීය සංවර්ධන ව්‍යාපෘති එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5 ක අගයක් ගන්නා බව පවසන කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ආර්ථික ආධාරවලට අමතරව උසස් අධ්‍යාපනය සඳහාත් වෘත්තීය හැකියා වර්ධනය කරගැනීම සඳහාත් ලාංකිකයන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවද අවධාරණය කරයි.

විදුලි බිල ගෙවීමට අසීරු පූජනීය ස්ථානවලට සහනයක් !
විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඒ අනුව කළ හැකි දේ මොනවාදැයි සොයා බලන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලි බිලේ ප්‍රශ්නය ගැන විදුලිබල අමාත්‍යවරයා සමග කිහිප වරක්ම සාකච්ඡා පැවැත්වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහන ලබා දෙන වකවානු ගැන දැන්ම අදහසක් පළ කළ නොහැකි බවද සඳහන් කළේය.
කඨින පින්කම් වලට පෙර විදුලි බිලට විසඳුමක් ලබා දිය හැකි යැයි තමා ප්‍රකාශ නොකරන බවත් බොරු පොරොන්දු දීමට අකමැති හෙයින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අමාත්‍යවරයා පැවසීය .

GL ට මහින්ද අනුකම්පා කරයි !
ජනාධිපති රනිලුයි - පොහොට්ටුවේ සමහරු අතරෙයි ඔය පොඩි පොඩි හැල හැප්පිලි තිබුනට මොකද , පොහොට්ටුවට දැන් ලොකුම වාතේ වෙලා තියන්නේ ඩලස්ගේ නිදහස කියල තමයි පේන්න තියන්නේ..
ඕන දැන් තවත් ප්‍රශ්නයක්....
ජී එල් ගෙ පොහොට්ටු සභාපති කමට මොකක් වෙයිද ?
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ජන්දෙදි , GL හිටියේ පොහොට්ටුවේ පොදු මතයට එරෙහි විකල්ප කණ්ඩායමේ...
හැබැයි අභ්‍යන්තර ආරංචි අනුව නම් GL ටික කාලෙක ඉදල යම් මට්ටමක විකල්ප මතයක තමයි ඉදල තියෙන්නෙ .
GL දැන් ඩලස්ලත් එක්ක දිගින් දිගටම පොහොට්ටුවට විරුද්ධව ප්‍රසිද්ධියේ දේශපාලනය කරනව.
ඒත් තාම පොහොට්ටුවේ සභාපති කමෙන් GL ව අයින් කලේ නෑ.
ඇයි එහෙම වෙන්නෙ..
එක හේතුවක් තමයි ලු මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අනුකම්පාව.
මහින්ද හිටපු ජනාධිපති තුමා , පොහොට්ටුවේ ලොක්කන්ට කියල තියෙන්නෙ, GL අයින් වෙනවනම් අයින් වෙන්න දෙන්න. ඒත් අයින් කරන්න යන්න එපා කියලා.
''ඒක දේශපාලන අදහසක් නෙවෙයි මනුස්සකමට අදාල අදහසක්.'' පහුගිය සති අන්තේ ඔය ප්‍රතිසංවිධාන රැස්වීමක දී එහෙම කියල තිබුනේ සංජීව එදිරිමාන්න මන්ත්‍රී තුමා.
''මොකද එක දවසක් හරි තමන් එක්ක හිටපු කෙනෙක්, මහින්ද ඉක්මනින් අතාරින්නෙ නෑ. ඒ තමයි මහින්ද රාජපක්ෂ'' සංජීව එහෙමත් කියල තියනවා.
ඒත් මේ ප්‍රශ්නය තවත් උඩු දුවන්න ඉඩ දෙන්නත් බෑ කියල තමයි, පොහොට්ටුවේ වැඩි පිරිසක් කියනවයි කියන්නෙ.
විශේෂයෙන්ම පහුගිය සතියේ, දිස්ත්‍රික් මට්ටමින් , ආසන මට්ටමින් තිබ්බ හැම රැස්වීමකදිම, පොහොට්ටුවේ ප්‍රාදේශීය නියෝජිතයන් ඇහුව ලු, කවද්ද අලුත් සභාපති කෙනෙක් පත් කරන්නෙ කියල...
කොහොමහරි අලුත්ම ආරංචියෙ හැටියට GL පීරිස් ගැන ප්‍රශ්නය සාකච්ඡා කරන්න, පක්ෂයේ විනය කමිටුව තීරණයක් අරන්ලු.
- දේශපාලන වාර්තාකරු

නීත්‍යානුකූලව ඩොලර් එවා : ඉලෙට්‍රික් වාහන ආනයන පළමු බලපත්‍රයට හිමිකම් කියලා !
විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ඩොලර් එවීමේදී ලබා දෙන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද (20) දවසේ නිකුත් කර ඇත .
මෙම පළමු වාහනය ගෙන්වා ගත්තේ දැනට විදේශගත ව රැකියාව කරමින් සිටින ශ්‍රී ලාංකිකයකු විසිනි .
ඒ අනුව ඔහුගේ බලය ලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා වෙත මේ බලපත්‍රය ප්‍රදානය කිරීම විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.
මෙම අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර එක්ව ඇත .
අද වන විට විද්‍යුත් වාහන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව මේ පිළිබද විමසීම් කරන බවත් මේ සම්බන්ධයෙන් වන තොරතුරු සහ අයදුම්පත්‍ර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි .

ජනාධිපතිගේ බ්‍රිතාන්‍ය සංචාරයට ගහපු මඩත් මාට්ටු !
බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වන බව සඳහන් කරන ජනාධිපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත .
ඊට අනුව මෙම අවස්ථාව සඳහා ලැබුණු නිල ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ පමණි. ඊට අමතරව ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා මීට සහභාගී විය.
ජනාධිපතිතුමාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද ඊයේ (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුරය.
මෙම අවස්ථාවට වෙනත් විදෙස් රටවල් නියෝජනය කරමින් පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රේස් ඩූඩා සහ ඔහුගේ බිරිඳ ඇගතා කෝන්හවුසර්-ඩූඩා, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, ඝානා ජනාධිපති නනා අකුෆෝ-ඇඩ්ඩෝ, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා , ඉන්දියාවේ ජනාධිපති ද්‍රෞපදී, චීන උප ජනාධිපති වං කිෂාන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්, එක්සත් රාජධානියේ වත්මන් අගමැති ලීස් ට්‍රස්, මෙන්ම කැනඩාවේ ජස්ටින් ටෘඩෝ, ඕස්ට්‍රේලියාවේ ඇන්තනි ඇල්බනීස්, සහ නවසීලන්තයේ ජකින්ඩා ආඩර්න්, ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් සිය බිරිඳ බ්‍රිජිට් ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සහභාගිවී සිටියහ.

ව්‍යාපාරික ස්ථානවලට ලබාදෙන සහන ආගමික ස්ථානවලටත් ඕනද ?
විදුලි ගාස්තුවේ නව සංශෝධනය සමඟ විදුලි බිල ඉහළ ගොස් ඇති අතර ඒ සම්බන්ධ ජනතා මැසිවිලි දෙවැනි කොටගෙන බෞද්ධ භික්ෂූන් අතරත් විරෝධයක් මතුව තිබේ.
ජනතා විරෝධය මැසිවිලිවලට පමණක් සීමාවී ඇත්තේ කොහොමටත් වැඩිවූ විදුලි බිල ගෙවීමට ඔවුන්ට සිදුව ඇති නිසාය. නැත්නම් විදුලි බලය විසන්ධිවීමට ලක්වීමට ජනතාවට සිදුවේ. ඒ අනුව අර්බුදය හමුවේ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නට ජනතාවට සිදුව ඇත. සරල තර්කයකට අනුව අඩු විදුලි පාරිභෝගිකයකුට අඩු මුදලක් සහ වැඩි විදුලි පාරිභෝගිකයකුට වැඩි මුදලක් මෙහිදී ගෙවීමට සිදුවන බව පෙන්නුම් කරත් එය සියයට සියයක් නිවැරදි නොවේ.
ඒ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය සපයන කර්මාන්ත ක්ෂේත්‍රයට සිය කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය නිසාය. නැත්නම් ආර්ථික ක්ෂේත්‍රයේ පමණක් නොව දිග්ගැස්සෙන සමාජීය අර්බුදයක් මතුවීමේ අවධානම ඇති නිසාය.
මේ පසුබිමේ කොතරම් අකමැති වුවත් පිළිගන්න සිදුවන්නේ නිෂ්පාදන හෝ සේවා ආර්ථිකයට දායකත්වය නොදෙන ආගමික ස්ථාන වල අධික විදුලි පිරිවැය ආර්ථික පීඩනය තවත් උග්‍ර කරන්නක් බවයි.
ව්‍යාපාරික ස්ථානවලට දෙන සහන විහාරස්ථානවලට නැද්ද ? මැදගොඩ අභය තිස්ස හිමි
එහෙත් මේ සම්බන්ධයෙන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි අදහස් දක්වා ඇත්තේ නව විදුලි ගාස්තු සංශෝධනයට අදාලව ව්‍යාපාරික ස්ථාවලට රජය විසින් සහන ලබා දෙන නමුත් විහාරස්ථාන සඳහා එම සහනය ලබා නොදන බව චෝදනා කරමින්ය .
එසේම විදුලි ඒකක 180 ඉක්මවන විහාරස්ථානවල එක් ඒකකයක් සඳහා රුපියල් 65 ක් බැගින් අයකරන විට ඒකක 180 ඉක්මවන ව්‍යාපාරික ස්ථානවලින් එක් ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 32 ක් වැනි මුදලක් බවත්, ආගමික ස්ථානවලට නොමැති සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ද යන්නත් අභය තිස්ස හිමි ප්‍රශ්න කරයි.
නව විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව තම විහාරස්ථානයේ විදුලි බිල පස් ගුණයකින් වැඩි වී ඇති බවත්, මෙතෙක් රු. 12,000.00ක්ව පැවැති මාසික බිල මේ වන විට රු. 60,000.00 දක්වා වැඩි වී ඇති බවත් පවසන අභයතිස්ස හිමි වැඩිදුරටත් පැවසුවේ වැඩි වූ බිල කිසිසේත්ම ගෙවිය නොහැකි බවයි.
තමන් වහන්සේට මෙම මුදල ගෙවීමට හැකි වුවද කිසිසේත්ම වැඩි වූ ප්‍රමාණය නොගෙවන බවත්, මෙතෙක් මාසිකව ගෙවූ 12,000 මුදල පමණක් ගෙවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත .
V8 වලින් වඩින හිමිවරුන් විදුලි බිල ගැන කතා කරනවා - කුමාර වෙල්ගම
මේ අතර වදුලි බිලට අදාලව අද පන්සල් ගැන කතා කරන්නේ V8 එකේ යන හාමුදුරුවරුවරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ආගමික සිද්ධස්ථානවල විදුලි බිල වෙනුවෙන් සහන ක්‍රමයකට සූර්ය පැනල ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
“පන්සල් ගැන කතා කරන කොට දැන් අද පන්සල් ගැන ලොකුවටම කතා කරන්නේ V8 එකේ යන හාමුදුරුවරු. V8 එකේ යන හාමුදුරුවරු තමයි පන්සල් ගැන කතා කරන්නේ. පොඩි හාමුදුරුවරු ගැන කතා කරනව ඇත. නමුත් ආණ්ඩුවක් එනකොට සමහර හාමුදුරුවරු ඉන්නව ඒයාල තමයි ඉදිරියට එන්නේ. ඒ්ගොල්ලො එනව යනවා. එනව යනව.
දැන් මං මේ කතාකරන හාමුදුරුවරුත් මං කියන්නේ V8 එකේ යන්නේ. ඉතින් ඒ් ලොකු පන්සල් ගැන මම කතා කරන්න යන්නෙ නෑ. නමුත් අපි පොඩි පන්සල්වලට දෙනකොට සීයට හතරෙ පොලියට දෙන්න.”
මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බවත්, සෙස සූර්ය පැනල ලබාදීමේදී අඩු පොලියට හෝ පොලී රහිත ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වන බවයි.

පොහොර මිල පහළට !
ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බව පොහොර ආනයනකරුවන්ගේ එකමුතුව පවසා ඇත.
ලෝක වෙළඳපොලේ පොහොර මිල පහත යෑම මිල අඩු කිරීමට හේතුව බවත් සඳහන් වෙයි.

ආර්ථික අපරාධ හොයන්න : විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි !
ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වූ යෝජනාවක් අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් කථානායකවරයාට භාරදී ඇත.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අස්සන් කර තිබිණ.
ආණ්ඩුවේ හිටපු අයත් වගකියන්න ඕන !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂයේ යෝජනාව වැදගත් නමුත් පසුගිය සමයේ ආණ්ඩුව නියෝජනය කළ පාර්ශව වෙත ආර්ථික අපරාධ සම්බන්ධ චෝදනාවෙන් නිදහස්වීමට නොහැකි බවයි.
ඉතිහාසයේ සිදුවූ ආකාරයට පාලක සභාගයකට ආණ්ඩු බලය අහිමිවන විට එකී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ පාර්ශව විපක්ෂයේ අසුන් ගැනීම හරහා සියලු පව් සෝදාගැනීමට සූදානම් වන නමුත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් විචාරක මතයවී තිබේ.
විශේෂයෙන් කැබිනට් තීරණ ලෙස අනුමත කළ තීන්දු තීරණ සම්බන්ධයෙන් සාමුහිඛ වගකීමක් අද විපක්ෂයේ අසුන් ගත්තත් ඔවුන්ට ඇති බවත් දේශපාලන විචාරයකන් පවසයි.
මෙහිදී දේශපාලන විචාරකයන් අවධාරණය කරන්නේ, ජනතා අරගලය හමුවේ සිදුවූ බල හුවමාරුව හමුවේ මිස ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කිසිවකු පසුගිය ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණවලට එරෙහිව, ඊට විරෝධය දක්වා ඉන් බැහැර නොවූ බවයි.
එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ,
i. මෙරට ආර්ථික පරිහානියන්ට හේතු වූ බදු සහන ණය වාරික නොගෙවා සිටීම, ආනයන සීමා පැනවීම, රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීමට ඉඩ සැලසීම, නිල සංක්‍රමණික ප්‍රේෂණ පහත වැටීම, රටේ උද්ධමනය අධිඋද්ධමන තත්ත්වයක් දක්වා වැඩි වීම. ජීවන වියදම වැඩිවීම හේතුවෙන්,
ii. මෙතෙක් මුහුණ නොදුන් ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් තිබෙන්නේ, ඒ සම්බන්ධයෙන් අදාළ කාලසීමාවන්හි වගකීම් දරන ලද පුද්ගලයන් තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ද යන්නත්,
iii. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ / හෝ අවම කිරීමට අදාළ බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද යන්නත්,
iv. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ/ හෝ අවම කිරීමට නොහැකි වීමට හේතු වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද යන්නත්,
v. එවැනි ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට දායක වූ වෙනත් කරුණු තිබේ ද යන්නත්,
vi. අනාගතයේදී එවැනි ආර්ථික අර්බුදයන්ට රට පත් වීමට දායක වන්නා වූ වෙනත් කරුණු තිබේද යන්නත්,
vii. අනාගතයේදී එවැනි ආර්ථික පරිහානියන් අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්නත්,
සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසයි.
තව ද එම කාරක සභාව 12කට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවත් කතානායකවරයා විසින් එහි සභාපතිවරයා පත් කරනු ලැබිය යුතු බවත් එහි සඳහන් ය.
මේ අතර ඉහත සඳහන් කර ඇති කරුණු පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා කාරක සභාව අවශ්‍ය යැයි තීරණය කරන පරිදි, ඕනෑම පුද්ගලයෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව, ලබා දීමට හෝ ලබා ගැනීමට ද, කාරක සභාවට සහාය වීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයින්ගේ සේවය ලබා ගැනීමට ද බලය තිබිය යුතු ය.
මීට අමතරව කලින් සිදු කළ අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද, බලය තිබිය යුතුයි.
අදාළ ලිපියේ සඳහන් වන්නේ, සිය පළමු රැස්වීම් දිනයේ සිට මාස තුනක කාලයක් තුළ කාරක සභාව විසින් සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

නෙළුම් කුළුණ විවෘතව තැබෙන කාලය දීර්ඝ කරයි !
දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන ‘කොළඹ නෙළුම් කුලුන’ නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇත.
නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මේ බව සඳහන් කරයි.
ඒ අනුව හෙට සිට (20) සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබෙයි.
මේ දිනවල නෙළුම් කුලුන නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙමින් සිටීම නිසා මෙම තීරණය ගෙන ඇති බව පාලනාධිකාරිය පවසයි .
නරඹන්නට පැමිණෙන්නන් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම නැරඹීමේ කාලය අවසන්වීමට පැයකට පෙර නවත්වන බවත් ඒ අනුව සතියේ දිනවල රාත්‍රී 9.00ට පෙරත්, සති අන්තයේ රාත්‍රී 10.00ට පෙරත් ප්‍රවේශපත් මිලදී ගත යුතු බව ද සඳහන් වෙයි .
මේ දිනවල කුලුන නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් කොටසකට විශේෂයක් කිරීමට අවස්ථාවක් නොමැති නිසා රුපියල් 2,000 ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් රුපියල් 500 ප්‍රවේශපත් පමණක් නිකුත් කරන බවත් සඳහන් වෙයි .
වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200ක් වන අතර, විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අයකෙරෙන බව ද පාලනාධිකාරිය පවසයි .

ගාල්ල වරායේ ආයෝජනයට සමාගම් තුනක් ඉදිරිපත්ව සිටිනවා - ඇමති නිමල් සිරිපාල
ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයකුගේ රැකියා අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
ගාල්ල වරායේ සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් මිසෙක ආයතනයක්, කණ්ඩායමක්, ප‍්‍රදේශයක් හෝ කලාපයක් ඉලක්ක කරගනිමින් කෙරෙන වැඩසටහනක් නොවන බවද නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
ගාල්ල වරාය සංවර්ධිත වරායක් බවට පත්කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් පතිරණ විශාල උත්සාහයක් ගත් බව පැවසූ අමාත්‍යවරයා එම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදහස දිගින් දිගටම යථාර්ථයක් නොවී ඇති පසුබිමක ඒ සිහිනය ගාල්ල වරාය තුළ යතාර්ථයක් කිරීමට තමා කැපවන බවද ප්‍රකාශ කළේය.
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස දියුණු කිරීම සඳහා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක සිට ඉදිරි කටයුතු සැලසුම් කළයුතු බව පැවසූ සිල්වා ඒ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සුදුසු සැලැස්මක් ඇති බවද අවධාරණය කළේය.
දියකඩනයක්, විනෝදාස්වාද කලාප, නව වරාය නගර සැලැස්මක් , රුවල් හා මගී නෞකා පහසුකම් සහිත කලාපයක්, ක‍්‍රීඩා කලාපයක් ඇතිකරමින් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම සඳහා මෙහි මූලික සැලැස්ම නිර්මාණය කර ඇති බවත් ව්‍යාපෘතිය ප‍්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ ජනතාවටද ප‍්‍රතිලාභ රැසක් අත්වන එකක් බවත් හෙතෙම පැවසීය.
මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේගුණවර්ධන, ප‍්‍රධාන කළමණාකරු (තොරතුරු පද්ධති) නිර්මාල් ෆොන්සේකා, ගාල්ල වරාය නේවාසික කළමණාකරු විජය සෙනෙවිරත්න යන අය ඇතුළු විධායක නිලධාරීන් , සේවක පිරිසක්ද සහභාගී වූහ.
ලංකාදීප

යුක්‍රේනයේ සිර වී සිටි ලාංකික සිසුන් වදහිංසාවලට ලක් වෙලා - යුක්‍රේන මාධ්‍යවේදිනී මාරියා පවසයි
යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 09ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයින් 07 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි.
ඔවුන් අවුරුදු 20 – 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි.
යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් පළ කරමින් අදාළ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කිහිපයක් පළ කර ඇත.
ඇය පවසන්නේ, අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්‍රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුසියානු හමුදා විසින් සිර කරනු ලැබ සිටි බව ය.
අදාළ මාධ්‍යවේදිනිය එම ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග සාකච්ඡා කර තිබේ.
එම ශ්‍රී ලාංකිකයින්ගේ නියපොතු ගලවා, පහර දී වද හිංසාවට ලක්කර ඇති බව එම මාධ්‍යවේදිනිය වැඩිදුරටත් පවසා සිටී.
Insane story from Kharkiv region’s police: 7 Sri Lankans, who were in #Ukraine 🇺🇦 for work and studies, were kidnapped by Russians 🇷🇺, beaten, had their nails torn off, and forced to work for free (clean). pic.twitter.com/G7UOzhhXXc
— Maria Romanenko (@rommari) September 18, 2022

සත්ව ගොවිපොළ 06ක් පෞද්ගලික සමාගම්වලට
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති මහා පරිමාණ සත්ව ගොවිපොළ 06 දේශීය හෝ විදේශීය ආයතනවලට දීර්ඝකාලීන පදනම යටතේ බදුදීමට ටෙන්ඩර්පත් කැඳවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අක්කර 1,133කින් සමන්විත නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ, අක්කර 500කින් සමන්විත පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ, අක්කර 1054කින් සමන්විත කුරුණෑගල නිකවැරටිය ගොවිපොළ, අක්කර 1,477කින් සමන්විත අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළ, අක්කර 1,632කින් සමන්විත අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපොළ සහ අක්කර 472කින් සමන්විත හම්බන්තොට වීරවිල ගොවිපොළ මෙලෙස බදු දීමට නියමිතය.
මින් බොහෝ ගොවිපොළවල් ලාභ ලබමින් තිබූ ගොවිපොළවල් බවද වාර්තා වේ.
මෙම බදු දීම සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීමට හා රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි, මස්, සත්ව පාලන සඳහා අවශ්‍ය කෘෂිකාර්මික බෝග වගාව සඳහා මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට අදහස් කර ඇති හෙයින් එම ගොවිපොළවල් සතු ඉඩම් මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවය.

නෙළුම් කුළුණේ දින 03ක ආදායම : රුපියල් මිලියන 7.5 ක් !
නෙළුම් කුළුණ ජනතාවට විවෘත කර දින 03ක් ඇතුළත එයින් රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි .
කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන ආකාරයට , එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇත.
මේ අතර නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාවට ලබාදුන් කාලසීමාව ද ඊයේ(17) සිට දීර්ඝ කර තිබේ.
ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රි 11.00 දක්වා එය නැරඹීමට අවස්ථාව හිමිවෙයි.
කෙසේ වුවත් නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන්නේ ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 10.00 දක්වා පමණක් බවය.

2022 ට : පුද්ගලයින් 221,023 ක් විදෙස් රැකියා සඳහා ගිහින් !
වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 221,023 ක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු සහ බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කර ඇත්තේ , ඉන් වැඩි පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය.
එම රටවල් වන්නේ, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ සෞදි අරාබියයි.
එසේම විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක්, පිරිමි පුද්ගලයින් ය.
මෙම වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදෙස් රැකියා සඳහා යොමු කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වී ඇතැයි සෙනරත් යාපා සඳහන් කර ඇත .

ජනාධිපති රනිල් බ්‍රිතාන්‍යයේ ඉතිහාස පොතට !
දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට , බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙලා කියල, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙක් කියල තියනවා.
මාධ්‍ය අංශ ප්‍රධානියා කියන විදියට, එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ, ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ඉරිදා (18) දින ලන්ඩන් නුවරට පැමිණිමත් සමඟ රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය ඉතිහාසය පොතට එක් වෙනව ලු..
මීට සමාන ඉතිහාස කතාවක් ඇති රජ පවුලේ සාමාජිකාවක් ලෙස නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරිය වාර්තා වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ සහ, නාලනී වික්‍රමසිංහ මහත්මිය, 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබත් මහාරැජිනියගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වෙලා තියෙන්නේ අගමැති ඩඩ්ලි සේනානායක එක්ක..
ඒවගේම, බිට්‍රික්ස් කුමරියගේ දෙමාපියනුත් රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගී වෙලා තියනවා.
ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතිහාස පොතට එකතුවෙනවා කියල තමයි මාධ්‍ය අංශ ප්‍රධානියා කියන්නේ..
මහරැජිනියගේ රාජාභිෂේකයේදී එවක ලංකාවේ අගමැති ඩඩ්ලි සේනානායක ට වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරලා තියනවා.
ඒ කතාව මෙහෙමයි,
එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයක්.. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහල්ලා නේරුට හා පකිස්ථාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියල කරල තිබිලා. එහෙත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන් කරල තිබිලා තියන්නේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමඟ...
ඔය වැඩේට අගමැති මල පැනලා.. උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමඟ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරලා.
පස්සේ මෙම ගැටළුව විසඳීමට මැදිහත් වෙලා තියන්නේ, එස්මන්ඩ් වික්‍රමසිංහ . ඒ කියන්නේ ජනාධිපති රනිල්ගේ තාත්තා. එස්මන්ඩ් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳලා, ඩඩ්ලි අගමැතිතුමාටත් තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කර ගෙන..
- දේශපාලන වාර්තාකරු

රන්ජිත් නයිස් ට්‍රයි : පොහොට්ටු පක්ෂයේ සභාපති ගැන බැසිල් තීන්දුවක් අරගෙන !
මීළඟ අයවැයට ඉස්සෙල්ලා අගමැති දිනේෂ් ගුණවර්ධන තනතුරෙන් ඉවත් කරනවා කියල, පහුගිය දවසක ගින්නක් පත්තු කෙරුවේ, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්න ජයසුමන මැති සබයේදී...
ඔය කියන දවස්වල බැසිල් ලංකාවේ හිටියා.
පොහොට්ටු කාර්යාලෙට ලැබෙන දුරකථන ඇමතුම්ලින් මේ ගැන දිගින් දිගටම අහන්න ගත්තට පස්සේ, බැසිල් වහාම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කැඳවලා තිබුනා.
‘‘අගමැති ඉවත් කිරීමේ තීරණයක් අපි අරගෙන නෑ ..ප්‍රසන්න ඔයා ඉක්මනට මේ ගැන ප්‍රෙස් එකට කියන්න..'' බැසිල් , ඇමති ප්‍රසන්නට ඕඩර් එක දීල තිබුනේ එහෙම.
ඔය කට කතාවට ප්‍රසන්න රණතුංග පිළිතුරු දුන්නේ සිය රාජ්‍ය ඇමැතිවරු වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු වැඩ භාර ගන්න අවස්ථාවේදී.
''කවුරු මොනවා කීවත් අගමැති ඉවත් කරන්නේ නෑ'' ප්‍රසන්න ඇමතිතුමා ඒ වෙලාවේ මාධ්‍ය ඉස්සර කිව්වා.
"'ඇත්තටම බැසිල් ලොක්කා කෙරුවේ ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපුවා වගේ වැඩක්'' එතන හිටපු පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් ඒ පක්සේම තවත් මන්ත්‍රී කෙනෙකුට කියල තිබුනා.
මොකද ප්‍රසන්න රණතුංග අගමැති වෙන්න ට්‍රයි එක දෙනවා කියල, පහුගිය දවස්වල කතාවක් ගියානේ..සමහර වෙලාවට ඔයවගේ කතාවක් කිව්වේ ඒ නිසා වෙන්නත් ඇති.
බැසිල් ලොක්ක නාමල්ට වැඩබාර දීලා දැන් ඇමරිකාවට ගිහින්.
ඔන්න ඒ අස්සේ තවත් කතාවක් පත්තුවෙලා.
පොහොට්ටු පක්ෂයේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත් කරන්න ලු යන්නේ.
දැනටත් පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්..
පීරිස් මහාචාර්ය තුමා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු විදියට කටයුතු කරන නිසා, ඔහුව පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පත්කරන්න යනවා කියල තමයි මාධ්‍ය වාර්තාවල තියන්නේ..
මහාචාර්ය රංජිත් බණ්ඩාර , කෝප් කමිටුවේ, ඒ කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති කරන්න යෝජනාවෙලා කියලත් කතාවක් යනවා.
පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනටත් කටයුතු කරන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කියන්නේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ සමීපතම අනුගාමිකයෙක්..
රන්ජිත් බණ්ඩාර ගැන එහෙම කතා යද්දී පොහොට්ටුවේම සමහරු කියන්නේ ඕවා ප්ලාන්ට් නිව්ස් කියල. මහාචාර්ය තුමා සල්ලිදීල දා ගත්තු නිව්ස් කියලයි ඒ කට්ටිය කියන්නේ..
ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත්, බැසිල් , ඇමරිකාවේ ඉඳන් සාගර කාරියවසම් ලේකම් තුමාට ඕඩර් එකක් දීලා.
'' ඔය අපේ රන්ජිත් , සභාපති කරනවා කියලා නිව්ස් ප්ලාන්ට් කරන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලන්න සාගර..මට නන් ෂුවර් මිනිහගේ ම වැඩක් වෙන්න ඇති..'' බැසිල් එහෙම කියනකොට සාගරටත් හිනා ලු..
නෙලුම් මාවතේ කට්ටිය කියන විදියට, පොහොට්ටුවේ සභාපති විදියට පිටින් කෙනෙක් ගෙන්න ලු බැසිල්ගේ අදහස වෙලා තියන්නේ.. ඒ කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් සභාපති කරන්න බැසිල්ගේ කිසිම අදහසක් නෑ කියන එක..
'' අපි මේ පාර සභාපති කරන්න ඕන පොලිටික්ස් වල ඉදල නැති ප්‍රොපෙෂනල් කෙනෙක්ව.. ඉන්ටර්නැෂනල් පිළිගැනීමක් තියන දෙමල කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් නන් වැඩිය හොඳයි.. මට නන් අදහසක් තියනවා.. නාමල් ඔයත් හොයල බලන්නකෝ මේ වැඩේට හරියන තරුණ කෙනෙක් ..'' යන්න ඉස්සෙල්ල බැසිල්, නාමල්ට කිවවයි කියන්නේ එහෙම..
- දේශපාලන වාර්තාකරු
Page 289 of 475