පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ පිබිඳීමක් !

ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - ජනපති
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (14) පස්වරුවේ පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.
ජාතික ආරක්ෂක විද්‍යායතනය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරසරින් පිළිගැනුණු අතර ජනාධිපතිවරයා විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
උත්සව සභාව තවදුරටත් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අපට හොඳ ආරක්ෂක පද්ධතියක් නැතිවුවහොත් අපේ අනාගතය විනාශ වී ලෝක තත්ත්වය සහ භූ දේශපාලනය ඉතා අයහපත් අතකට හැරෙන බවයි. එය රටකට යහපත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් වශයෙන් 2030 ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.
ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්ෂක විද්‍යාතනයේ මෙහෙවර ලෙස සැලකේ.
2021 වසරේ ආරම්භ කෙරුණු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර අධ්‍යයන ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කළ විද්‍යාර්ථයින් 31 දෙනෙකුට උපාධි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. බී. එස්. රත්නායක, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී වීරසේකර යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60 වෙයි
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේගේ අත්සනින් මම චක්‍රලේඛය නිකුත් කර ඇත.
අදාළ චක්‍රලේඛය පහතින්.........

ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි !
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස මෙම යෝජනාව සම්මත වීම වැළැක්වීම සඳහා ආසියානු සහ අප්‍රිකානු රටවල ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, මලාවි, මොන්ටිනේට්‍රෝ, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය සහ කැනඩාවේ අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් වීමට නියමිත යෝජනා කෙටුම්පතට රටවල් රැසක සහාය හිමිවන බවද පැවැසෙයි.
මෙම යෝජනා කෙටුම්පත මගින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපාරාධයක් සිදු කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු යැයි මෙම යෝජනා කෙටුම්පත් මගින් නිර්දේශ කර ඇති යැයි පැවැසෙයි.
Lankadeepa

චරිත හේරත් : වෙන්න හඳුන්නෙත්තිට ඇඳලා !
ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීම තුළ ලෝක බැංකුව ලබාදුන් මුදලින් රුපියල් බිලියන 1.3ක් අවභාවිතා කර ඇති බවට නැගෙන චෝදනාව එම සමාගම ප්‍රතික්ෂේප කරයි.
ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් (13) ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති අතර එහිදී සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කර සිටියේ මෙකී චෝදනාව අභූත සාවද්‍ය කතාවක් බවය.
ලෝක බැංකුව ලබාදුන් මුදල් අවභාවිතා කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත් ලෝක බැංකු පිරිවිතර වලට පරිභාහිර ලෙස එකී මුදල් වැයකර ඇත්නම් ඒ පිළිබඳව පළමුව ප්‍රශ්න කර සිටින්නේ ලෝක බැංකුව බවත් සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
මීට සති දෙකකට පෙර ලෝක බැංකු නියෝජිතයන් සමග තම සමාගම ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වූ බවත් , එහිදී අදාළ මුදල් වැයකර ඇති ආකාරය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නොතිබූ බවත් ඔහු ඔහු පැවසීය .
මාස 3 ක කාලයක් මෙරටට LP ගෑස් සැපයීමට නොහැකිව ලක්ෂ 45 කට අධික ගෑස් පාරිභෝගිකයන් පෝලිම් වල සිටි යුගය සිහිපත් කළ සභාපතිවරයා පවසා සිටියේ මාසයකට අඩු කාලයක් තුළ ගෑස් පෝලිම් පමණක් නොව ඉදිරි මාස කිහිපය සඳහා ද අඛණ්ඩව ගෑස් සැපයීමට හැකියාව තහවුරු කිරීමට තම සමාගම සමත්වු බවය.
එසේම අදාළ චෝදනාව සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරියේදී පවා නැගුණු ප්‍රශ්න කිරීම් හමුවේ විශ්වසනීයත්වයෙන් යුතුව සාක්ෂි සහිතව ඊට පිළිතුරු දීමට සමාගම කටයුතු කළ පසුබිමේ මෙවැනි අභූත චෝදනා එල්ල කිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු පැවසීය .
මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .
චරිත අවධානය ගන්න කරපු ප්‍රකාශයක් !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අදාළ චෝදනාව මුලුමනින්ම දේශපාලන වාසියක් ගැනීමේ අපේක්ෂාව ඇතුව පැරණි කුනු ගොඩක් ගොඩදැමීමකට සමාන බවයි .
පොදුජන පෙරමුණ ආණ්ඩුව නම් ගිලෙන නැවෙන් එළියට පැනපු කණ්ඩායමක නියෝජිතයකු සිය පව් සමාකරගන්න දැරූ බොළඳ උත්සාහයක් සහ ඒ වෙනුවෙන් ජනතාව ඇන්දීමක් මිස ඊට වඩා දෙයක් මෙහි නොමැති බවත් ඔවුන් පවසයි .
ජනතාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින විට බිලියන ගණන් වලින් චෝදනා ඉදිරිපත් කිරීම සහ ඒ තුළ පවතින පාලනය සම්බන්ධයෙන් විරෝධයක් ගොඩනැගීම පැරණි සහ සම්ප්‍රදායික දේශපාලන තුරුම්පුවක් බවත් ඔවුන් අවධාරණය කරයි.
ලංකා රජයේ ආර්ථික හැකියාව සහ ගෑස් වෙළඳ පොළ තුළ තිබූ රික්තය පිරවීමට අවශ්‍ය සැපයීම සිදුකිරීම ප්‍රතික්ෂේප කළ සමාගමක් තමන්ට අහිමිවූ ටෙන්ඩරය වෙනුවෙන් මීට පෙරත් තෝරාගත් සිවිල් දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු යොදවා මෙම චෝදනාව එල්ල කළ බවත් ඔවුන් සිහිපත් කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේද පැවසීය .
"පසුගිය සමයේ පොදුජන පෙරමුණ වෙතින් ඉවත්ව වෙනම දේශපාලන ගමනක් යාමට උත්සාහ කළ චරිත හේරත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඒ වෙනුවෙන් සමාජ අවධානය ගන්න විවිධ ප්‍රකාශ කරා. හැබැයි ඒ සියල්ල ජනතාව අතරට ගියේ නෑ . අන්න ඒ නිසා හොරකමක් ගැන කියාගෙන චරිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍ය අවධානය අරගෙන . මේක නිකං අර කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති යහපාලන ආණ්ඩුවට චෝදනා කරා වගේ . චෝදනා විතරයි , වෙන මොකුත් නෑ . අඩුගානේ සුනිල්ට ෆයිල් ටිකක් තිබුනා . චරිතට ඒවත් නෑ . චරිත් වෙන්න සුනිල්ට ඇඳලා වගේ හැර වෙන මොකුත් මෙතන නෑ "
පසුගිය සමයේ මේ සම්බන්ධයෙන් newstube lk සිදුකළ විශේෂ අනාවරණයක් පහත සබැඳියේ දැක්වෙයි .

ජනවාරිගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නොදීම : ඉන්දියාවේ කනස්සල්ලට !
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබාදීමට පොරොන්දු වූ දේශපාලන විසඳුම ලබා නොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට සහභාගී වෙමින් ජිනීවා හි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ කර ඇත.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මග පෙන්වීම යටතේ මානව හිමිකම් ප්‍රවර් ධනය සහ ආරක්ෂා කිරීමට රාජ්‍යයන්ට වගකීමක් තිබෙන බව ඉන්දියාව සැමවිටම විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම,පළාත් සභාවලට බලය බෙදීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම තුළින් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට ඇති කැපවීම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකාව සමත්ව නොමැති බවත් ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ පවසා ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වී ඇති මානව හිමිකම් යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වීමට ඉඩ තිබියදී ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ සිදුකළ මෙම ප්‍රකාශය බලපෑම් සහගත බව විචාරක මතය වී ඇත.
.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවලදී තුන්වරක් ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර දෙවරක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

ඖෂධ මිලදී ගැනීමට ඇමරිකන් ඩොලර් 100ක් !
සෞඛ්‍ය අමාත්‍යංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමි වී ඇත.
අද (13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කල අතර ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතිය මගින් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නාය යාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු ඩොලර් මිලියන 30ක මුදල මේ සඳහා යොදා ගැනීමට නියමිත ය.
විදේශ විනිමය හිඟතාව මත එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.

වී මිලදී ගන්න සතොස ඉදිරිපත් වෙයි !
සතොස හරහා වී මිලදී ගෙන අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වාර්තා වෙයි.
ඒ වී අලෙවි මණ්ඩලයට බැංකු හරහා ප්‍රමාණවත් තරම් මුදල් නොලැබීම හේතුවෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙක් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස බවත් වාර්තා වෙයි.
කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් අද (13) පැවති මාධ්‍ය හමුව අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.
වැඩබලන කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මේ බව සඳහන් කල අතර , වී මිලදී ගැනීම සම්බන්ධයෛන් ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාවේදීත් සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
එමෙන්ම රටේ ආහාර සංචිතවල අඩුවක් ඇතිවනු ඇතැයි යන බිය හේතුවෙන් ආරම්භ කළ සහල් ආනයනය ක්‍රමානුකූලව අඩුකිරීමටත්, පසුව එය නවතා දැමීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විට ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති ආනයන තහනම දෙසතියකට වරක් සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි ද කී ඇමතිවරයා ඒ අනුව දෙසතියකට වරක් සාකච්ඡා කරමින් ඊට අවශ්‍ය පරිදි සංශෝධන කරන බව පැවසීය.
විදේශ විනිමය ගැටලුව විසඳුන සැණින් මෙම තාවකාලික තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන බව ද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
ආනයන තහනම හරහා මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයට අමුද්‍රව්‍ය හා උපාංග සපයාගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇතැයි කී ඇමතිවරයා කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට අවශ්‍ය සංශෝධන ගැසට් කර පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරන බව ද පැවසීය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ !
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ‘ලසාඩ්’ ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ අනුව මේ වන විටත් එම සමාගම ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශන ආයතන කිහිපයක සහය ලබාගෙන ඇති බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

සෑම මන්ත්‍රීවරයෙකුටම බදු ලිපි ගොනුවක් : පොහොට්ටුවෙන් යෝජනාවක් !
සෑම මන්ත්‍රීවරයෙක්ම බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.
එමගින් රටට ආදර්ශයක් දීම වැදගත් බවත් එය පාර්ලිමේන්තුවෙන්ම පටන්ගත්ත නම් ඉතා වැදගත් බවත් ඔහු පවසයි.
ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කල අතර ඒ පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
හිටපු ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යවරයාට, හිටපු අග්‍රාමාත්‍යවරයාට ආර්ථික අපරාධ චෝදනා නැගීම සාධාරණ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආර්ථික අර්බුදයට හේතුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2019 දී අනුගමනය කළ බදු අඩු කිරීම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණ වාර්තාවේ සඳහන් බවද පැවසීය.
බදු අයකිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා රාජ්‍යයට මුදල්, බදු ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී පියවර ගත යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

19 සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ, බිත්‍රාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණ වෙනුවෙන් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද එය බැංකු හා වෙළඳ නිවාඩුවක් නොවන බව අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේ ය.

ලංකාවේ තවත් ලී ක්වාන් - මහතීර් ඩබලක් : අන්දන්න ලෑස්තියි !
පොහොට්ටුව පැත්තේ ඉඳලා අයින්වෙලා, අලුත් සන්ධානයක් හදාගත්ත කණ්ඩායම, මේ දවස්වල ලොකු ලොකු වැඩ ටිකක් ප්ලෑන් කරගෙන යනවලු. එයාලා හොයනවලු ඊළඟ රට බාරගන්න පුළුවන් ලී ක්වාන් යූ කෙනෙක්. ඒත් තවම හම්බවෙලා නෑලු.
එහෙම ලී ක්වාන් කෙනෙක් හොයන අතර මැද්දේ, ඒ වගේ වැඩ කරන්න හපනා කියලා හිතං ඉන්න, කටකාරයෙක් ඒ වැඩේට සුදුස්සා එයාය කියලත් හිතන්ලු ඉන්නේ.
කොහොම වුණත් මේ අයගේ පළවෙනි දැල එලන්න යන්නේ , රජවෙන්න ට්‍රයි කරලා පැරදුණු කණ්ඩායම එක්ක.
රටේ ලොකු තැන වෙන්න, දැන් ඉන්න ලොකු තැන එක්ක තරග කරපු එයා ඇතුළු කණ්ඩායම, මේ අලුත් සන්ධානයට ගන්න , ප්ලෑන් කරලලු තියෙන්නේ.
ඒ කණ්ඩායමේ අර රටේ නායකයා වෙන්න හීන දැක්ක කෙනාව, මහතීර් මොහොමඩ් කරනවා කියලත් පොරොන්දු දීලලු.
එතකොට අරයා ලී ක්වාන්, මෙයා මහතීර්.... ඒවලු ජනාධිපති අගමැති සිහින.

ලංකාවට ආපු සමන්තා පවර් : මිතුරු මංගල සිහිකරයි !
''මංගල සමරවීර යනු තමාගේ මූලික වටිනාකම් හා අදහස් මත පදනම්ව, සෑම විටෙකම රට මුල් තැනෙහි තබා කටයුතු කළ, අතිදක්ෂ, නිර්මාණශීලී මෙන්ම හාස්‍යරසය හඳුනාගත්, ඉතාමත් විරල දේශපාලකයෙකු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් එම ට්විටර් පණිවිඩයෙන් පවසන්නීය.
තමාගේ ආදරණීය මිතුරෙකුව සිටි මංගලගේ ආධ්‍යාත්මික ගුණයෙහි මතකය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධයෙන් තමන් විස්මයට පත් වූ බව ද ඇය කියා සිටින්නීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සමාජය, පෞද්ගලික අංශය හා USAID හි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය සමග තමන් පැවැත්වූ හමුවීම්වලදී කෙතරම් දුරට මංගලගේ අදහස් හා බලපෑම් සාකච්ඡාවට බඳුන් වූයේද යත්, තමන් ඉදිරියේ ඔහු ප්‍රාදූර්භූත වනු ඇති බව පවා තමන් බලාපොරොත්තු වූ බව ද පවර් පවසන්නීය.
ශ්‍රී ලාංකිකයින් මේ වන විට බලවත් අභියෝගවලට මුහුණ දී සිටින අතර, මංගලගේ ඥානය, තරුණ ප්‍රජාව සමග ඔහු පැවැත්වූ සබඳතා සහ ඔහුගේ ප්‍රායෝගික විඥානවාදය තවදුරටත් නොපැවතීම දැඩිව දැනෙන බව ද පවර් කියා සිටින්නීය.
අප අතර ඔහු නොසිටීම ගැන ශෝක වූවද,ඔහුගේ මතකයෙන් අපට ප්‍රබෝධමත් විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, තමන් පෞද්ගලිකව එසේ කරන බවත් ඇය වැඩිදුරටත් පවසන්නීය.
යන්න කලින් මංගලගේ සොයුරියත් හමුවෙලා !
එසේම එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙවර සංචාරයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සොයුරිය හමුවී මංගල සමරවීරගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබිණ.
සමන්තා පවර්, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සමීපතම මිතුරියකි.
මංගල සමරවීර ගේ දේශපාලන ජීවිතයට 30 වසරක් සැපිරීම නිමිත්තෙන් 2019 පෙබරවාරි 28 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ විශේෂ දේශනය සිදුකරනු ලැබුවේද ඇමරිකාවේ සිට පැමිණි සමන්තා පවර් විසිනි.

ආසියානු ක්‍රිකට් ශූරයන් දැල්පන්දු ශූරියන් : රථ පෙළපාළියකින් කොළඹට !
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී උත්කර්ෂවත්ව පිළිගැනීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි .
අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ රථ පෙළපාළියකින් කටුනායක ගුවන් තොටුපොළේ සිට මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිතය.
මෙම රථ පෙළපාළිය ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන අතර ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම්වල නිල අනුග්‍රාහකයින් වන ඩයලොග් ආසි ආටා සමාගම ඊට සමාදර අනුග්‍රහය දක්වයි. එම අවස්ථාව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ බොහෝ පෞද්ගලික රූපවාහිනී නාළිකා විසින් වරින් වර සජීව විකාශය කරනු ලැබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් උදෑසන 6.30ට ආරම්භ කිරීමට නියමිත රථ පෙළපාළිය කොළඹ - මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙන අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධානය කර තිබේ.
මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තබමින් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන් මෙම ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් කිරීමට ජාතික ධජ අතැතිව ගමන් මග දෙපසට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කෙරේ.

මරික්කාර් හැංගුවට වැඩක් නෑ : ප්‍රේමදාස තාත්තයි පුතයි දෙන්නෙක් !
1970-77 සමයේ පැවැති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට දක්ෂ මැති ඇමැතිවරු කණ්ඩායමක් සිටි බව සමගි ජන බලවේගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
අද (12) පැවැති ජන හමුවක් අමතමින් එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළ අතර එදා සිටි රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල්, ගාමිණී දිසානායක වැනි දක්ෂයන් කණ්ඩායමක් සමගි ජන බලවේගය වටා අදද එකතු වී සිටින බවත්, රට යළි ගොඩනැගීමේ හැකියාව එත්තේ එම කණ්ඩායමට පමණක් බවත් පැවසීය.
මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , ප්‍රේමදාස පාලනය යටතේ ලලිත් - ගාමිණි නම් වූ දර්ශනයෙන් සහ ප්‍රයෝගිකත්වයෙන් සැබෑ දක්ෂයන්ට ප්‍රබල කැපිල්ලක් පැමිණි බවත් එහි අවසන් ප්‍රතිඵලය ලෙස එම දක්ෂයින්ට එජාපයෙන් ඉවතට යන්න සිදුවූ බවත් මරික්කාර් මන්ත්‍රීවරයා අමතක කර ඇති බවයි.
එදා දෝෂාභියෝගය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශූර දේශපාලනය මැදිහත්වීම නොතිබෙන්න අද වන විට ප්‍රේමදාස යුගයක් ගැන ඉතිහාසයක් නොමැති වන බවත් ඔවුන් සිහිපත් කරයි.
එහෙත් ඒ පිළිබඳ අබමල් රේණුවක කෘතඥතාවක් නොමැති සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් සිය දේශපාලනය මුළුමනින්ම වික්‍රමසිංහ නම් නායකයා විනාශ කිරීම නමැති වෛරී දේශපාලනයක නිරත වන බවත් ඒ නිසාම එජාප - සජබ ලෙස බලකඳවුරු දෙකක් ලෙස එජාපය කැබලිව ගිය බවත් ඔවුන් සිහිපත් කරයි.
දියුණු දේශපාලන දැක්මක් නොතිබුණත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ප්‍රායෝගික දේශපාලනඥයකු ලෙස නමක් තැබුවත් සජබ නායක සජිත් දැක්මක් හෝ ප්‍රායෝගිකත්වයක් නොමැති දුර්වල නායකයකු බවත් දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි. එවැනි නායකයකු යටතේ රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල්, ගාමිණී දිසානායක වැනි දක්ෂයන් කොපමණ ප්‍රමාණයක් සජබ තුළ සිටියා කීවත් ඔවුන්ට දේශපාලන අනාගතයක් නැති බවත් , විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාසගේ වත්මන් භූමිකාව හරහා එය හොඳටම පැහැදිළි වන බවත් විචාරක අවධාරණය වී ඇත.

අගමැති ධුරයේ වෙනසක් නෑ !
අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීමට පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ සූදානමක් ඇති බවට පළවන ප්‍රචාරය ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරයි.
මේ බව අවධාරණය කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (12) පවසා ඇත්තේ විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවය.
වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පරිනත දේශපාලනඥයකු බවත් ඔහු එය ක්‍රියාකලාපයෙන් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලව බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක් වන අතර ඔවුන්ට ලැබෙන වාහන ගණන පවා ඉතාම සීමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

උඩරට විවාහ ගැසට් පත්‍රය නිකුත්වෙයි !
උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් අනුවය.
බාලවයස්කරුවකු ගේ විවාහය සඳහා නිසි බලධාරියකුගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව නව කෙටුම්පතින් ඉවත් කර ඇත. උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස දහ අටක් බවට මේ අනුව පත්වනු ඇත.
උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගෝස්තු මස 1 වැනි දින අනුමැතිය හිමි වූ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවට සහය දෙන්න ADB සූදානම් !
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) ඇතුළු නියෝජිත පිරිස අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වු අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar) සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.
Page 282 of 465