විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෝටි 93ක් ගිලලා !

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෝටි 93ක් ගිලලා !

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් රජයට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පර්ලිමේන්තුවේදී ඊට (20) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය දෙදහස් දහය වසරේ සිට මේ දක්වා කාලය තුළ ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත් දෙනකු ආචාර්ය උපාධි පාඨාමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ අමාත්යපවරයා උපාධි හැදෑරීම මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඉන් පිරිසක් බවද සඳහන් කළේය.

ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බවද අමාත්‍යවරයා පැවසීය.

පශ්චාත් උපාධිය හැදෑරීම අතරමඟ නතර කළ විශ්වවිද්යාකල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය ද මෙහිදී සභාවට ඉදිරිපත් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා අතරමඟ නතර කිරීමෙන් විශාල මුදලක් රජයට අහිමි වී ඇතැයි තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රශ්නය යොමුකරමින් ඇසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න