එක්සත් ජාතික පෙරමුණ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඒ බව දන්වමින් මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක කරූ ජයසූරිය වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ වත්මන් දේශපාලන හැසිරීම සම්බන්ධව ඇතිවූ දැඩි කළකිරීම හේතුවෙන් ඔහු මෙසේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.
එසේම ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ ස්විට්සර්ලන්තයේ පදිංචියට යාමට නියමිත බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න නව ව්‍යවස්ථාවක්, ජාතික සංහිඳියාව ඇතිකිරීමේ කටයුතු සක්‍රීය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට කඩිනම් ව්‍යවස්ථා සංශෝධන ඇතුළු කොන්දේසි සහිතව පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සහය දැක්වීය.
එසේම ලංකා දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකළ ඓතිහාසික දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැකසීමට තීරණාත්මක මැදිහත්වීමක් සිදුකළ අතර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කල මන්ත්‍රීවරයකු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
