වත්මන් රජය විදුලි සංදේශ ගාස්තුඔවලට අයකරනු ලබන බද්ද 25% කින් 2019 දෙසැම්බර් මස 01 වන දා සිට අඩු කිරීමට පියවරගෙන ඇතත් එහි වාසිය අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.
එම නිසා කඩිනමින් අන්තර්ජාල පරිශීලකයන් හට එම බදු සහන හෝ ඔවුන් වෙත ලබාදෙනු ලබන දත්ත ප්‍රමාණය දිවා හා රාත්‍රී කාලයට සරිලන ආකාරයට ඉහල නැංවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලුම අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
