Image

"පියුමා " ලබන ලබන 20 තෙක් රිමාන්ඩ්

"පියුමා " ලබන ලබන 20 තෙක් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් "පියුමා " ලබන ලබන 20 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේ: විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයින් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියා සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සැකකරු ගේ ගෝලයෙකු බව කියන සැකකරුවකු වන පියුම් හස්තික යන අය යි.

බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණ ද, මහේස්ත්‍රාත්වරයා සූම් තාක්ෂණය ඔස්සේ සැකකරු නිරීක්ෂණය කළේ ය. සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සැකකරු නීතිපති උපදෙස් කඩිනමින් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා ගෙන් ඉල්ලීමක් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න