Image

උතුරේ යුද විපතට පත් ජනතාවට පිහිට වීමේ මුවාවෙන් දේශපාලකයින් පිරිසක් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක

උතුරේ යුද විපතට පත් ජනතාවට පිහිට වීමේ මුවාවෙන් දේශපාලකයින් පිරිසක් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක

ඩයස්පෝරාව විසින් මෙහෙයවනු ලබන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) උතුරේ යුද්ධයෙන් අහිමි වූ අසරණ දුප්පත් ජනතාවගේ "ජායරුප" ප්‍රදර්ශනය කිරීම මුවාවෙන්, කළු සල්ලි සුදු කිරීමේ දැවැන්ත නීති විරෝධී ජාවාරමක් රහසිගතව ක්‍රියාත්මක කරන බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.

බොරු වේදිකා නාට්‍යයක්

අප වෙත වාර්තා වන පරිදි, "යුද්ධයෙන් අහිමි වූවන් ගේ ජයරුප" සහ "අහිංසක දුප්පත් ජනතාවට රාජ්‍ය සේවයක්" යන තේමා යටතේ බොරු වේදිකා ජවනිකා පෙන්වමින්, මෙම NGO ජාලය උතුරේ අසරණ, දිළිඳු ජනතාව කේන්ද්‍ර කරගෙන සිය මෙහෙයුම් දියත් කර ඇත.

"ඇත්තටම වෙන්නේ අසරණ මිනිස්සුන්ව පෙන්නලා, පිටරටින් එන කළු සල්ලි ටික සුදු කරන එක. දුප්පත් මිනිස්හා මෙතන තුරුම්පුවක් විතරයි" යැයි නම හෙළි කිරීමට අකමැති උතුරේ සමාජ ක්‍රියාකාරිකයෙක් අප වෙත පැවසී ය.

දේශපාලන හස්තය

වඩාත්ම බරපතල කරුණ වන්නේ, "මුළු රටම එක වහලක් යටට ගෙන යන සංකල්පයට" පිටුපාමින් කටයුතු කරන ඇතැම් දේශපාලකයින් පිරිසක් මෙම නීති විරෝධී ජාවාරම පිටුපස සිටින බවට එල්ල වන චෝදනාව යි. මෙම දේශපාලන කණ්ඩායම විසින්, උතුරේ පවතින අසරණභාවය ජාත්‍යන්තරයට විකුණා, ඒ හරහා ලැබෙන අතිවිශාල ඩයස්පෝරා අරමුදල් කළු සල්ලි සුදු කිරීමේ ජාලයකට යොමු කරමින් සිටින බවට ආරක්ෂක අංශ වෙත ද තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

ජනතාව ඉල්ලන්නේ පරීක්ෂණයක්

"යුද්ධෙන් විඳවපු අපිව තාමත් උන් සල්ලි හොයන මැෂින් කරගෙන. අපේ දුක විකුණලා උන් සැප ගන්නවා," යැයි මුලතිව් ප්‍රදේශවාසියෙක් වේදනාවෙන් කියා සිටියේ ය.

උතුරේ අසරණ ජනතාවගේ නාමයෙන් ක්‍රියාත්මක වන මෙම රහසිගත මූල්‍ය ජාවාරම් සහ ඊට සම්බන්ධ දේශපාලන හස්ත පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වහාම පුළුල් විමර්ශනයක් ආරම්භ කරන මෙන් ජාතික සංවිධාන ඉල්ලා සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න