පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරයට පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් පිරිසක් කතානායක කරූ ජයසූරිය වෙත ලිපියක් භාරදී ඇත.
එම ලිපිය අද (21) භාරදී ඇති අතර ඊට මන්ත්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් තබා තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කතානායක කරූ ජයසූරිය වෙත දන්වා ඇත්තේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරනු ඇති බවය.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායක ධූරය ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 45 දෙනෙකු කතානායක කරූ ජයසූරිය වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
