රත්නපුර, පැල්මඩුල්ල ආසනයේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත් කර ඇත.
ඒ මහතා, අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊට අදාළ පත්වීම ලබා ගත්තේය.
මේ අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද සහභාගි විය.
2015 මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කොට ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වු පරණවිතාන මහතා පළාත් පාලන, ජන මාධ්‍ය, විද්‍යා තාක්ෂණ යන අමාත්‍යංශවල නියෝජය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
