2019 නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම අද (07) වූ අතර ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
මෙවර ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 41ක් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදී තිබුණේ අපේක්ෂකයන් 35 දෙනෙකු පමණි.
මෙහිදී නාමයෝජනා 35 සඳහා විරෝධතා 2ක් ඉදිරිපත්වූ නමුත් එම විරෝධතා දෙකම මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.
මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේ අද සිට දින හතක යනතුරු පෙළපාලි තහනම් වන බවයි. එසේම එවැනි පෙළපාලි නැවත්වීමට සහ අධිකරණයට යොමුකිරීමට අද සිට පොලිසියට බලය හිමිවන බවත් ඔහු පැවසීය.
එහිදී මැතිවරණ කොමිසමේ සභාපති වැඩිදුරටත් සඳහන් කර සිටියේ නොවැම්බර් 16 වනදා නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ අනුව එදින පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ජන්ද විමසීම සිදුවන බවත්ය.
සමරවීර වීරවන්නි
ජයන්ත කැටගොඩ
සිරිතුංග ජයසූරිය
බත්තරමුල්ලේ සීලරතන හිමි
ආචාර්ය අජන්තා පෙරේරා
සමන්සිරි හේරත්
ඒ.එස්.පි. ලියනගේ
එම්.කේ. සිවාජිලිංගම්
සමන් ප්‍රසන්න පෙරේරා
සිරිපාල අමරසිංහ
බද්දෙගමගේ නන්දිමිත්‍ර
සරත් කීර්තිරත්න
අශෝක වඩිගමංගාව
දුමින්ද නාගමුව
අජන්ත ද සොයිසා
චමින්ද අනුරුද්ධ
මිල්රෝයි ප්‍රනාන්දු
මොහමඩ් හසන් අලෙවි
රොහාන් පල්ලෙවත්ත
නාමල් රාජපක්ෂ
අපරැක්කේ පුණ්‍යානන්ද හිමි
වජිරපානි විජේසිරිවර්ධන
අනුර කුමාර දිසානායක
අරුණ ද සොයිසා
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා
ඉල්ලියාස් මොහොමඩ්
පියසිරි විජේනායක
මහාචාර්ය රජීව විජේසිංහ
සරත් මනමේන්ද්‍ර
සුබ්‍රමනියම් ගුණරත්නම්
සජිත් ප්‍රේමදාස
මහේෂ් සේනානායක
ගෝඨාභය රාජපක්ෂ
ප්‍රියන්ත එදිරිසිංහ
ආරියවංශ දිසානායක
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
