මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ 33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසමන් සභාව සඳහන් කරයි.
මේ අතර ඊයේ (04) දිනයේ තවත් අපේක්ෂකයෝ 11 දෙනෙක් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර ඇත.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ද,ජයන්ත ලියනගේ සිංහල දීප ජාතික පෙරමුණෙන්ද , දුමින්ද නාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් ද , මහේෂ් සේනානායක ජාතික ජනතා පක්ෂය වෙනුවෙන්ද , අරුණ ද සොයිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ද ඇප මුදල් තැන්පත් කර තිබිණි.
මේ අතර අජන්ත ද සොයිසා රුහුණු ජනතා පෙරමුණ නැමති ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂයෙන්ද ඇප මුදල් තැන්පත් කර ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බෂිර් සේගුදාවුද් , ඉල්ලියාස් මොහොමඩ් , පියසිරි විජේනායක , රජීව විජේසිංහ, කුමාර වෙල්ගම ද ස්වාධීන අපේක්ෂකයින් ලෙසද ඇප මුදල් තැන්පත් කර තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
