පලාලි ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කිරීමට රජය තීරණය කර තිබේ.
ප්‍රාදේශීය ගුවන් තොටුපොළක්ව පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ මේ අනුව කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් වශයෙන් සැලකේ.
පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට නම් කිරීමත් සමඟ දැනට ලංකාවේ ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලංකාවේ අති අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වේ.
ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
