එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එම පක්ෂයේ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අද බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේ දී තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බවට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවක් සභාවේ ඒකමතිකව සම්මත වීමෙනි.
යෝජනාව ඉදිරපත් කිරීමට පෙර අගමැතිවරයා විසින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ගේ මව, හේමා ප්‍රේමදාස, වේදිකාවට ගෙන්වා ගනු ලැබිණ.
ඉන් අනතුරුව රැස්ව සිටි පක්ෂ සාමාජිකයන්ගේ ඔල්වරසන් නාදය මැද ජනාධිපති අපේක්ෂකයා සම්මත කරගැනීම සිදු විය.
එම යෝජනාවට අමතරව මෙම සම්මේලනයේ දී තවත් යෝජනා පහක් සම්මත කර ගැණින.
එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි සම්මතවූ යෝජනා හය:

ඉතිහාසයේ කිසිදිනක සිදුනොවූ ජනතා සේවයක් වෙනුවෙන් සජිත් සඵත වෙයි !
අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනක සිදුනොවූ ජනතා සේවයක් සිදුකිරීමට තමන් ජනතාවට පොරොන්දුවන බව සම්මේලනය අමතමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
"අපේ රජය තුළ කිසිදු පවුල්වාදයකට ඉඩ තියන්නේ නැහැ. දක්ෂයන්ට සහ සුදුස්සන්ටයි ඉඩ. මම ඔබලාට පොරොන්දු වෙනවා දිවි තිබෙන තුරා, ජාති ආගම් කුල මල පන්ති භේදයකින් තොරව ඔබලාත් සමග ඇතිකරගන්නා වූ සමාජ ගිවිසුම, ඒ සංවර්ධන ගිවිසුම දින වකවානු සහිතව මේ රටේ ඔබ සැමට ඒ ශක්තිය ලබාදෙනවා," අමාත්‍යවරයා පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ නාමයෝජනාව වෙනුවෙන් සිකුරාදා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අපේක්ෂකයන් 20 දෙනෙකු මේ වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත්කර තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ජාතික රුපවාහිනිය ඔස්සේ සජීවී ලෙසින් විකාශය වෙමින් පවතින අතරවාරයේ තමන්ට ලැබුන පැමිණිල්ලක් මත එය අතරමගදී අත්හිටුවන ලද බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
(බීබීසී )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
