ගෝඨාගේ හොර වැඩක් නිසා චමල් අමාරුවේ !

ගෝඨාගේ හොර වැඩක් නිසා චමල් අමාරුවේ !

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ  ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂට කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද චමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්  ලබාගැනීමටද නියමිතව ඇති බවත් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතිය ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණක් හිමවන අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට කූඨලේඛන සකසා ඇතිද යන්න පිළිබඳ මෙහිදී විමර්ශනය කෙරෙමින් පවතියි.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂගේ නම  2004/2005 ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් කූඨලේඛන සැකසීම යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර, වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ල මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගත් කාලය හා එය යළි ලැබූ ආකාරය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන අවස්ථාවේදී ඒ මහතා 2005 ජනාධිපතිවරණයේදී පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කළේද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පරීක්‍ෂණ කිරීමට නියමිතය.

එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න