සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමේ සූදානමක් සම්බන්ධව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඔවුන්ව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ ලිපි එජාප මහ ලේකම්වරයා විසින් පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙත යොමු කර ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
වැඩිදුරටත් එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් එම ලිපි ඊයේ (07) පස්වරුවේ අගමැතිවරයා වෙත ලබා දී ඇති බවයි.
මෙම ඇමතිවරුන් දෙදෙනා විනය පරීක්‍ෂණ සදහා කැදවා තිබුණද ඊට සහභාගී නොවීම හෝ හේතු දක්වා නොතිබීම නිසා චෝදනා පිලිගත්තේ යයි සලකමින් දෙදෙනාටම එරෙහිව මෙම පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි.
මෙම ලිපිය ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කර සම්මත කර ගැනීමෙන් පසු එම දෙදෙනාගේ එජාප සාමාජිකත්වය් අහෝසි කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.

