ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරයේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය රාජකාරී ආරම්භ කළේය.
අධිපති ධූරය භාරගැනීම සඳහා අද (07) දින උදෑසන නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතාව විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.
නව රෙජිමේන්තු අධිපති සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීය.
රටේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අතීතයේ දී කැප වුණු අයුරින්ම අනාගතයේ දී ද ජනතාවගේ සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
