කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා ගේ විවේක කාමරයේ ජල මෝටරය ගැලවූ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොටුව පොලීසියට නියෝග කළේය.
කොටුව පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය 11 වනදා අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ඇති බවත් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් කොටුව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය. සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන තෙක් නඩුව බහා තබන ලෙස කොටුව පොලීසිය කළ ඉල්ලීමට අවසර ලැබිණි.
දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
