එජාප නායක රනිල් වික්‍රමසිංහට පිට කොන්දක් ඇතත්, සජිත් ප්‍රේමදාසට එවැනි පිටකොන්දක් නැතැයි ඊයේ (07) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති සමුළුවකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවසීය.
‘‘එජාපය අපේක්ෂකයා තෝරා ගන්න බැරුව ඊයේ වෙනකල් ඇද ඇද හිටියා. ඊයේ නම් කියලා තියෙනවා මම එනවා කියලා රනිල්. හැබැයි අනිත් එක්කෙනා කියලා නෑ තාම එයා එන්නේ නෑ කියලා. රනිල්ට නම් ටිකක් හරි පිට කොන්දක් තියෙනවා කියලා පෙන්නලා තියෙනවා.
දැන් බලන්න ඕනෙ සජිත්ට පිට කොන්දක් තියෙනවාද කියලා එයා කියපු එක කරයිද නැත්තම් ඔක්කෝම පාවලා දීලා ආපහු ඔඩොක්කුවට රිංගයිද කියලා. අපිට නම් තුන්දෙනා එකට තියලා ගැහුවත් එකයි. තනි තනියෙන් ආවත් එකයි. අපිට පුළුවන් ඔවුන්ව පරද්දන්න.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
