සිරිසේනගේ කෙරුවාව : එස්.බී හෙළිදරව් කරයි !

සිරිසේනගේ කෙරුවාව : එස්.බී හෙළිදරව් කරයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට නොයන ලෙස ජනපති සිරිසේන ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ පක්ෂය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට භාරදීමත්, එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවකට යාමත් යන සිදුවීම් නිසා අපි මහත් වියවුලකට පත්වුණා.

අපි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කරා. ඒ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂයත් සමඟ ඉඳලායි. විශ්වාසභංග යෝජනාව පටන් ගත්ත තැන සිටම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට උදව් කළා.

නමුත් අවසාන මොහොතේ පක්ෂය තීන්දුවක් ගත්තා. විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීම තමයි ඔවුන් ගත් තින්දුව. විශ්වාසභංග යෝජනාව හදන්න මූලිකත්වය ගත්ත මන්ත‍්‍රීවරු විදිහට අපි විශ්වාස භංග යෝජනාවට ඡන්දය දීලා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළා.

ඒ අවස්ථාවේ අපි දහසය දෙනෙක් ඒ තීරණයේ හිටියා. නමුත් පහුවදා දයාසිරි ජයසේකර ඇමතිවරයා නැවත ගියා. එතුමා ආණ්ඩුවට එකතු වෙන්න උත්සාහ කළ ද රනිල් වික‍්‍රමසිංහගේ විරෝධතාවය නිසා ඒ උත්සාහය වැළකුණා.

අතිගරු ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනයට නොගිහින් හිටියොත් හොඳයි කියලා.

කවුරු කොයි විදියට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, සජිත් පිලේ එල්ලෙන්න හැදුවත් කරු ජයසූරියගේ එල්ලන්න හැදුවත් අවසානයේ ජනාධිපති සිරිසේන ඇවිත් ගෝඨාභය රාජපක්ෂ සමඟ හිටගෙන ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණය කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න