අගමැති පොල්ල අරගනියි : මංගලගෙන් බැංකු - කබීර්ගෙන් ඛනිජ තෙල් ගැලවෙයි !

අගමැති පොල්ල අරගනියි : මංගලගෙන් බැංකු - කබීර්ගෙන් ඛනිජ තෙල් ගැලවෙයි !

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ සහ මහා මාර්ග හා මාර්ග සංවර්ධන , ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ගේ අමාත්‍යාංශ වලට අයත් ආයතන කිහිපයක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යටතට පත්කිරීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්‍යාලය විසින් මේ සම්බන්ධව ජනාධිපති කාර්‍යාලය වෙත දන්වා ඇත.

මේ වන විට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය භාරව කටයුතු කරයි.

එහෙත් අග්‍රාමාත්‍ය කාර්‍යාලය දන්වා ඇති ආකාරයට කබීර් හෂීම් අමාත්‍යවරයා යටතේ ඇති ඛනිජ තෙල් සංස්ථාව, මංගල සමරවීර අමාත්‍යවරයා යටතේ ඇති මුදල් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය බැංකු ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යටතට පත්කිරීමට නියමිතව තිබේ.

හේතුව සජිත්ට වැඩ කිරීම !

මේ සම්බන්ධව ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව අදාල ආයතන ගැලවීමට හේතුව වන්නේ මංගල සමරවීර සහ කබීර් හෂීම් විසින් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යවරයා තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය විෂය ප්‍රමාණවත් නොවන බව දන්වා සිටියත් අග්‍රාමාත්‍යවරයා ඊට මැදිහත් නොවූ බව ප්‍රසිද්ධ රහසකි. එනිසා කාලයක් කිරිඇල්ල අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා සමග අමනාපයෙන් සිටි බවත් වාර්තා විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න