ගෝඨා ඝාතන පුවත : දිවයිනේ පල් කෙබරයක් : පොලිසියෙන් තහවුරුවක් !

ගෝඨා ඝාතන පුවත : දිවයිනේ පල් කෙබරයක් : පොලිසියෙන් තහවුරුවක් !

පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කිරීමක් සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් වාර්තා මුළුමනින්ම අසත්‍ය බව පොලීසිය පවසයි.

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් නමැත්තා සහ තවත් දෙමල ජාතිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ විසින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෝඨාබය හා මහින්ද රාජපක්ෂ සහෝදරයින් ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි ඇතැම් මාධ්‍ය වල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉහත කාරණය අවධාරණය කර තිබේ.

යුද හමුදා නිලධාරීන් විසින් වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් පසුගිය අගෝස්තු 18 වන දින සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම යාපනය ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය වෙත බාර දි තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරනු ලැබු විමර්ශනවලදී අනාවරණය වු තොරතුරු මත වරින් වර සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණ. ඒ සින්නමනී කනේෂ්වරන්, ඉරත්තිනම් ක්‍රිෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්නතුරේ හා විනයාගමුර්ති නෙජිලන් යන අයයි.

මෙම සැකකරුවන් සම්බන්ධයේන තව දුරටත් විමර්ශන කිරීම සඳහා කොළඹ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනය වෙත ගොස් තිබුණි.

මෙම ප්‍රධාන සැකකරු වන සින්නයියා සිවරූබන් ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් අනුව අනාවරණය වු තොරතුරු මත පසුගිය දා ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය හා අත්බෝම්බ කීපයක් සොයා ගෙන තිබිණ. එසේම සිදුකල විමර්ශන අනුව ඊයේ(28) දිනයේ දී ටී. නිමලරාජ් හා රූබන් ජතුසන් නැමැති පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබේ.

සාෆි හඳුන්වාදුන් 'දිවයින' තවත් මෙහෙයුමක!

වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හුවා දක්වමින් ''කොටි හිතවාදී පලෙයි දොස්තරගේ අවි ගබඩාවක් අල්ලයි - ගිනි අවි, පතරොම්, අත් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10 ක්'' යන පුවත පළමු වරට ප්‍රකාශයට පත්කළේ 'දිවයින' පුවත්පතයි. ඒ පෙරේදා (27) දිනයේ දිය.

අනතුරුව අද(29) දිනයේ දී රාජපක්ෂවරුන්ට හිතවාදී මාධ්‍ය තුළින් ගෝඨාබය හා මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයට සැකකරු පාපොච්ඡාරණයක් දී ඇති බවට වාර්තා පළවී තිබිණ.

එවැනි ප්‍රකාශක් හෝ පාපොච්ඡාරණයක් මෙතෙක් සින්නයියා සිවරූබන් ඇතුළු සැකකරුවන් 7 දෙනා විසින් පොලීසියට හෝ වෙනත් බලධාරියෙකුට ලබා දී නොමැති බව පොලීසිය විසින් අද නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න