ජනාධිපති අපේක්ෂකත්වය කාටද : අගමැති රනිල්ගේ තීන්දුව හෙට (30) ?

ජනාධිපති අපේක්ෂකත්වය කාටද : අගමැති රනිල්ගේ තීන්දුව හෙට (30) ?

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හෙට (30) අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම තත්ත්වය යටතේ ඉදිරි පැය කිහිපය තුල දී කිසිඳු අකාරයේ ගැටුම්කාරී ක්‍රියාමාර්ගයන්ට නොයන්නැයි අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් සජිත් හිතවාදී තරුණ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටින පෙත්සමකට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීමේ මෙහෙයුමක් ඊයේ (28) දිනයේ ආරම්භවී ඇති අතර මේ වනවිට ඒ සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 දෙනා අතරින් 40කට ආසන්න පිරිසක් අත්සන් කර තිබෙන බවත් සජිත් පාර්ශවය සඳහන් කරයි.

කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රන්ජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, චන්ද්‍රානි බණ්ඩාර, රවින්ද්‍ර සමරවීර, හරින් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එම පෙත්සමට අත්සන් තබා ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න