බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තර්ජනය කර ඇයව දණ ගැස්වීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් එම විද්‍යාලයේ ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ මූලිකත්වයෙන් අද(22) විරෝධතාවයක් පවත්වා තිබේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකව අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගතහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු වෘත්තීය සමිති විසින් ද ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පරීක්ෂණයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද මේ සම්බන්ධ වාර්තාවක් කැඳවා ඇති බව පැවසේ.
විදුහල්පතිනියක් දණ ගැස්වීම සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් තමන් දරණ පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
