මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනය කළ ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ඩි ලිවේරා මහතා එම කොමිසමේ නිර්දේශ මත පදනම්ව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතුවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඔහු වෙනුවට එම කටයුතු සිවිල් අංශයට අනුයුක්ත කර ඇති අතිරේක සොලිසිටර් ජනරාල් මුරුගේ ප්‍රනාන්දු මහතාට පවරා ඇති බව පැවසේ.
දප්පුල ඩි ලිවේරා මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ජේෂ්ඨ නිලධාරියෙකි.
ජනාධිපති කොමිෂන් සභාව හරහා බැඳුම්කර වංචා විමර්ශනය කිරීම සඳහා සම්බන්ධ වූ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත නාපාන ඇතුළු අනිකුත් නිලධාරීන් කිසිවෙක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු සඳහා සම්බන්ධ කරගෙන නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
