ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් රැසක් වෙබ් මාධ්‍යයට : විමලනාත් LNW එයි

ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් රැසක් වෙබ් මාධ්‍යයට : විමලනාත් LNW එයි

ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම වෙබ් අඩවි සංස්කාරකවරුන් ලෙස එක්ව තිබේ.

 ඒ අනුව,ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා, ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් එක්ව තිබේ.

රාවය, සත්හඬ ආදී පුවත්පත් ගණනාවක සේවය කළ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා ලබන සඳුදා (22) සිට ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් LNW මාධ්‍ය ජාලය සමග එක්වන බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

රාවය පුවත්පතට අතිශය ජනප්‍රිය වූ ‘විමලෙගෙ කොලම‘ තීරු ලිපිය රචනා කළ විමලනාත් වීරරත්න මහතා, රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් කටයුතු කර පසුව ඉරුදින පුවත්පත සමග සම්බන්ධ විය.

ඉරුදින පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ඔහු, පසුව සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය.

18275217 10212792536752063 878730711181493359 nලංකා නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් ප්‍රවීන ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න මහතා ද ලංකා නිව්ස් වෙබ් සමග එක් වීමට නියමිත ය.

එසේම 'සත්හඬ' පුවත්පතේ ප්‍රාදේශීය කතුවරිය ලෙස කටයුතු කල ප්‍රදීපා වීරසේකර මෙනවියද 'ලංකා නිව්ස් වෙබ්' අඩවියට එක්ව තිබේ.

ජයසිරි අලවත්ත SIS :

alawatta 1000pxමේ අතර ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ජයසිරි අලවත්ත මහතා SIS වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස එකතුවී ඇත.

 ඔහුද පුවත්පත් කිහිපයකම කටයුතු කල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

 'ඕෂන් මිඩියා පෞද්ගලික සමගම විසින් SIS වෙබ් අඩවිය පවත්වා ගෙන යනු ලබයි.

ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස වසර 15 කට ආසන්න කාලයක් සේවය කල සුජිත් මංගල ද සිල්වා මහතා ද මේවනවිට lanka News Week වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න