ලංකාවේ ආර්ථිකයෙන් වැඩි ප්‍රමාණයක් පාලනය කරන්නේ ව්‍යාපාරික ප්‍රජාව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
දේශපාලනඥයින් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට ගිය ද ඔවුන්ට ආර්ථිකය මෙහෙය වීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ පමණක් නොව 2000 වසරේ පමණ සිට ලෝකයේ බොහෝ රටවල පාලනය හොබවන්නේ වෙළඳ ප්‍රජාව බවයි. ඔවුන්, ඔවුන්ගේ පරිකල්පන ශක්තියට අනුව රටවල් පාලනය කරන බවත් මේ වන විට ලංකාව භායානක ඉරණමකට මුහුණ පා ඇත්තේ ද එම නිසා යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
