පාසල් නොයවපු සිසුන් ටියුෂන් පන්ති ඇරලා : පාසලට නැති ආරක්ෂාවක් ටියුෂන් පන්තියේ තිබේද ?

පාසල් නොයවපු සිසුන් ටියුෂන් පන්ති ඇරලා : පාසලට නැති ආරක්ෂාවක් ටියුෂන් පන්තියේ තිබේද ?

මේවනවිට පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්වය තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා(මාර්තු 06) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලද නමුත් දින කීපයක් ගත වුව ද දිවයින පුරා පාසල්වලට සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව නොතිබුණ.

එසේ වුවද උපකාරක පන්ති සඳහා සිසු සිසුවියන්ගේ පැමිණීම පසුගිය දින කිහිපයේ දී යහපත් අතට හැරී ඇතිබව ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

පවතින වාතාවරණය තුළ පාසල් ආරම්භ කළ ද දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කිරීමට නොහැකි වී තිබීම බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

එසේ වුවද කිසිඳු ආකාරයක ආරක්ෂාවක් තහවුරු නොවූ උපකාරක පන්තිවලට ළමුන් සියගණනින් සහභාගී වන්නේ ඇයිද කියන කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආරක්ෂක අංශ ප්‍රධානියකු පැවසුයේ, රටේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ආරක්ෂක අංශ විසින් අවධාරණය කර තිබියදී විපක්ෂයේ ඇතැමුන් හා ඇතැම් මාධ්‍ය විසින් සිදුකරන බියගැන්වීම් නිසා පාසල්වලට තම දරුවන් එවීමට දෙමාපියන් බියකින් පසුවන බවයි.

ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් හෝ නිසි ප්‍රචාරයක් නොලැබීම තුල දෙමාපියන් බියට පත්වීම අරුමයක් නොවනබව ද ඔහු කියා සිටියේය. දේශපාලන වාසි ගැනීමට ඇතැම් දේශපාලකයින් විසින් සිදුකරන බිය ගැන්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට ගතහැකි පිලියමක් නැතැයි එම නිලධාරියා කියා සිටියේය.

හමුදාවේ 11 දෙනෙකු මියගොස් ඇතිබවට පොහොට්ටු පක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගියදා ස්වර්ණවාහිනියේ සජීවී වැඩසටහනකට එක්වෙමින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ අවස්ථාවේදී ඉහල දේශපාලන බලපෑම් මත ඔහුව නිදහස් කිරීමට සිදුවූ අකාරය ද එම නිලධාරියා වැඩිදුරටත් සිහිපත් කළේය.

පාසල් ළමුන් උපකාරක පන්තිවලට සුපුරුදු පරිදි යන එන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ කිහිපයක් පහත පළවේ.

විස්තර ඉදිරිපත් කිරිම - උපකාරක පංති

IMG 20190511 WA0041

IMG 20190511 WA0043

IMG 20190511 WA0031

IMG 20190511 WA0034

IMG 20190511 WA0037

IMG 20190511 WA0038

IMG 20190511 WA0039

IMG 20190511 WA0040

IMG 20190511 WA0027

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න