අණ නොතැකූ රථයට වෙඩි !

අණ නොතැකූ රථයට වෙඩි !

නාවික හමුදා අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාව වෙඩි තබා ඇත.

අද (11) දින අලුයමවත්තල, හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකය ඉදිරිපිට දී වාහනයක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අවස්ථාවේ අණ නොතකා එම රථය රාජකාරියේ යෙදී සිට නාවික හමුදා නිලධාරියාද හප්පා පලා යාමට උත්සාහ කර ඇත.

මේ අවස්ථාවේ රථය නැවැත්වීමට තවත් නිලධාරියෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබු රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වු මීගමුව පාර වත්තල ලිපිනයේ පදිංචි අයෙකි.

ඉන් පැයකට පමණ පසු මෙම මාර්ග බාධකයේදීම තවත් මෝටර් රථයක් අණ නොතකා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අවස්ථ දෙකට අදාළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුවරුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න