ලංකාවේ වරාය - ගුවන්තොටුපළ ඇමරිකාවට විවෘත කලේ රාජපක්ෂලා !

ලංකාවේ වරාය - ගුවන්තොටුපළ ඇමරිකාවට විවෘත කලේ රාජපක්ෂලා !

රාජපක්ෂ ආණ්ඩුව විසින් 2007 දී ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවේ වරායන් සහ ගුවන් තොටුපොලවලට ඇමරිකානු හමුදාවන්ට ප්‍රවේශ වීමට අවසර ලබා දී ඇතැයි ඇමරිකානු හමුදා ප්‍රවෘත්ති ආයතනයක් ඊයේ (11) නිකුත් කර තිබෙන වාර්තා වීඩියෝවක සඳහන් වේ.

මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමරිකාවේ ඉන්දු පැසිපික් නාවික ප්‍රධානී අද්මිරාල් පිලිප් ඩේවිඩ්සන් විසින් වන අතර මේ මස මුලදී ඇමරිකානු සෙනේටයේ හමුදා සේවා පිළිබඳ කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේදී මේ බව සදහන් කර ඇති බවත් එම වීඩියෝවේ සදහන් ය.

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික පස මිතුරු යුද්ධයට ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින බවත්, චීනයට එරෙහි යුද්ධයේ උණුසුම උග්‍ර වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආධාරය ලබා දෙන අතර දැනටමත් ඩොලර් මිලියන 48 ක නාවික හමුදා ආධාර ලබා දී ඇති බවත් එහි සදහන් වෙයි.

ගෙවා ගැනීමට නොහැකි තරම් ණය චීනයෙන් ලබා ගනිමින් ශ්‍රී ලංකාව චීනයට ගොදුරු කෙළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බවද මෙහිදී චෝදනා කරයි.

පසුගිය ඔක්තෝම්බරයේ සිදුකළ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයෙන් පසු මහින්ද අගමැති වී ඇමරිකානු සහ බටහිර රටවල වුවමනාවන් අනුව ක්‍රියා කරන්නට තමා එකඟ යැයි කියා ඇමරිකාවේ සහ බටහිර රටවල සහාය ඉල්ලා සිටි නමුත් ඔවුන් එය ගණන් නොගෙන ඉවත දැමූ බවද මෙකී වාර්තාවේ දැක්වේ.

චීනයට අතෝරක් නොමැතිව ලංකාවේ බින්න බැසීමට ඉඩ දීමේ ප්‍රථිපලයක් ලෙස ලෝක බලවතුන්ගේ බල අරගලයේ යුද බිමක් වීමට ලංකාව ගොදුරු කිරීමේ ආදීනව දැක්වෙන ඇමරිකානු හමුදා ප්‍රවෘත්ති ආයතනයේ සම්පූර්ණ වාර්තාව පහත වීඩියෝවේ ප්‍රථම විනාඩි 8.26 දක්වා කොටසේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න