ජඩමාධ්‍ය හැසිරීම යුද හමුදාපති හෙළිදරව් කරයි !

ජඩමාධ්‍ය හැසිරීම යුද හමුදාපති හෙළිදරව් කරයි !

ත්‍රස්ත විමර්ශන වලදී හමුවන කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සදහන් කළ අතර හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවාද බවද පැවසීය .

එසේම ශී‍්‍ර ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බවත් ශී‍්‍ර ලාංකිකයන් යනු විජය රජුගේ යුගයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක් බවත් එහිදී යුධ හමුදාපතිවරයා සිහිපත් කළේය.

එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මෙම කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ලන්දේසී සටන වාර්තා කරන්නා සේ ජනතාව බිය ගන්වමින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

එබැවින් බිම වැටී තිබෙන අජීවී පතරොම් හෝ බෝර 12 ගිනි අවියක් පෙන්වමින් සිදුකරන රගපෑම් නවත්වන ලෙසත් යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගැණූනු ගිනි අවි සම්බන්ධයෙන්ද යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අදහස් දැක්වු අතර ජතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා හමුවී ඇත්තේ ටී 56 ගිනි අවි 01 පමණක් බවත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න