සහරාන් සහ දියණියගේ DNA වාර්තාවක් කැදවන්න : අධිකරණයෙන් අවසර !

සහරාන් සහ දියණියගේ DNA වාර්තාවක් කැදවන්න : අධිකරණයෙන් අවසර !

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක එම නියෝගය ලබාදී ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්වන් පදිංචිව සිටි ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශවල පිහිටි නිවාස සහ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටි කාමරයේ තිබු ඇඳුම් පැළදුම් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ජෛව විවිධත්ව වාර්තා කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බෝම්බකරුවන්ගේ පවුල්වල ඥාතීන්ට අයත් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න වටිනාකමක් ඇති රන් ආභරණ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාව ලැබී ඇති අතර ඒවා රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න