කටාර් රාජ්‍යයේ විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට !

කටාර් රාජ්‍යයේ විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට !

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

2019.05.01 දිනට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, කටාර් රාජ්‍යයේ පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු ගරු අමාත්‍ය යුසෙෆ් බින් මොහොමඩ් අල් ඔත්මාන් ෆක්රූ ( Yousuf Mohamed Al Othman Fakhroo) විසින් ප්‍රදානය කරන ලද මෙම සම්මානය කටාර්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක රසික ජයසිංහ වෙත ප්‍රදානය කර ඇත.

මෙහිදි ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීමේ ක්‍රමවේදය ඇගයීමට ලක්කර ඇති අතර සේවක ආරවුල් විසදීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දක්වනු ලබන දායකත්වය සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුහදශීලි සේවාදායකත්වය අගයමින් මෙම සම්මානය පිරිනැමීම සිදුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න