අමීන්ගේ කතාව ජඩමාධ්‍යයේ ජඩ වැඩක් : කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ පෙන්වයි !

අමීන්ගේ කතාව ජඩමාධ්‍යයේ ජඩ වැඩක් : කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ පෙන්වයි !

ශ්‍රී ලංකා ජමියතුල්හලාහ් උලමා සංවිධානය විසින් ඊයේ (09) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මුස්ලීම් කවුන්සලයේ එන්.එම්. අමීන් දැක්වූ අදහස් මෙරට ජඩ මාධ්‍ය කිහිපයක් විසින් මුලුමනින්ම විකෘති කර ඇති බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ කර්තෘ උවිදු කුරුකුලසූරිය අවධාරණය කරයි.

සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කරන අතර එය පහත දැක්වෙයි.

https://m.facebook.com/story.php?story_fbid=10156847853089818&id=733184817

"අමීන් කඩු ගැන කිවේ මොකක්ද කියන එක ගැන එඩිට් කරල දාපු ඒව අරගෙන ගොඩක් අය එක එක දේ ශෙයාර් කරනව. ඒව දැක්කම හරිම කණගාටුයි. මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව ෆේස්බුක් එකේ දවසකට එක පෝස්ට් එකක්වත් නොදැම්මොත් නින්ද යන්නෙ නැති ගානට ගොඩක් අය පත්වෙලා. ඒ නිසා ඊයෙ රාත්‍රියේ මම ඒ මුලු ප්‍රෙස් කොන්ෆරන්ස් එකම අහන්න කියල සටහනක් දැම්ම ඒකත් එක්කම, ඒත් ගොඩක් අය ඒක අහන්නෙ නැතිව, හිරු දෙරණ, ලංකා නිවුස් වෙබ් ආදී මාධ්‍ය දාපු එඩිට් කරපු කෑලි උඩම ඉඳන් කොමෙන්ට් කරනව. ඒ නිසා මම වෙලාවක් අරගෙන අමීන් කඩු කතාව ගැන කිව්ව කෑල්ල විතරක් ට්‍රාන්ස්ක්‍රයිබ් කරා. අමීන් කිව්වෙ මේකයි:

"පසුගිය කාලසීමාව තුල යම් යම් සිදුවීම් සිදු උනා. ..සොයා ගැනීම් අවස්ථාවේ. මේ රටේ පල්ලි 1000කට වැඩිය සෝදිසි මෙහෙයුම් අවස්ථාවේ ස්ථාන කීපයක කඩු තිබුණා. තුනක්. ඒවා පිළිබඳව පරීක්‍ෂණ සිදුකරනවා, අදාල අයට දඬුවම් ලබා දෙන්න කියල මුස්ලිම් ජනතාවම කියා තිබෙනවා. ඒ කඩු, අද ඊයෙ ජනාධිපතිතුමා කියල තියෙනව සෑම ගෙදරකම කඩු තියෙනව, ඒක සිරිතක්, අපේ ආරක්‍ෂාවට, විශේෂයෙන්ම අපේ ගැහැණු ළමයින්ගෙ ආරක්‍ෂාවට, අපේ ආත්මාරක්‍ෂාවට, හැම ගේකම කඩු තියෙනව කියල ජනාධිපතිතුමා පොලිස්පති තුමාට ප්‍රකාශ කරල තියෙනව, මේක අත්‍අඩංගුවට ගැනීම සාධාරණ නැහැ කියල. මම මේ කියන්නෙ කඩු, සමහරවිට කඩුවක් මේ පරීක්‍ෂණයට, තියාගෙන මුස්ලිම්වරු තව මොනව හරි කරන්න යනවා කියන ඒ හැඟීම ඇතිවෙන්න ඉඩ තිබුණ. ඒ නිසා අපි එකක් කියනව, අපේ ආගමික නායකත්වයේ උපදෙස් පිට මේ ඝාතනය වූ පහලොස් දෙනාගේ, ශිෂ්‍යයින් හැර අනික් සියලු දෙනාම අපේ මුස්ලිම් දේවස්ථානවල අපි භූමිදානය කලේ නැහැ. අපි දැක්ක අපේ තරුණයින්ට ඒක පාඩමක්, ඔබලා මෙවැනි සංවිධානයකට සම්බන්ධ උනා නම් ඔබේ මරණය පවා.. ඔබව භූමදානය කිරීමට පවා අපේ පල්ලිවල ඉඩ නැහැ කියන පණිවිඩය අපි ලබා දීල තියෙනව. ඒකෙදි අප ගොඩාක්ම ආදර්ශමත් උනා. ඒ පහලොස් දෙනාගෙ කණ්ඩායමේ දරුවො හතරදෙනෙක් පස් දෙනෙක් හිටිය, ඔවුන්ට අපෙ ආගමානුකූලව දැනුමක් නැති කුඩා දරුවො. ඔවුන්ට අපේ ආගමික නායකයො අපේ ආගමික සිරිත් අනුව අවසන් කටයුතු කරා. මේවයින් අපි පණිවිඩයක් අපේ මුස්ලිම් තරුණයින්ට විශේෂයෙන්ම ජනතාවට ලබාදී තිබෙනවා. මුස්ලිම්වරු හැටියට මුස්ලිම්වරු මෙය අනුමත කරන්නෙත් නැහැ. ඉදිරියෙදිත් මෙය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේ පණිවිඩය මේ රටේ ජනතාවට ලබා දෙන්න. අද අපේ රට ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට පතිවී තිබෙනවා. ...... එනිසා ඔබ ඒ පණිවිඩය ලබා දෙන්න මාධ්‍ය පාවිච්චි කරන්න. සාධාරණත්වය, සාධාරාණය වෙනුවෙන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්." (අහන්න 9.23 සිට පහල විඩියෝව) මේ වගේ සාධාරණ ඉල්ලීමක් කරලත් ඒක විකෘති කරපු හැටි!

------------------------------------------

ඒත් කඩු ගැන නොවිසඳුන ප්‍රශ්න තියෙනව, ඒක ඇත්ත. මේ ඒ ගැන මම ඊයෙ ලියපු කෙටි සටහන නැවතත්:

මුස්ලිම් ජනතාවගෙ ගෙවල් විතරක් නැතිව අනිත් ජනතාවගෙ ගෙවලුත් සර්ච කරානම් කඩු කිණිසි හම්බ වෙන එකක් නැද්ද? හකීම් කියන ඒ කතාවත් සැලකිල්ලට ගන්න ඕනෙ එකක් තමා. මුස්ලිම් සමජයේ නියෝජිතයින් පැවැත්වූ සම්පූර්ණ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඇහුන්කම් දෙන එක වැදගත්. ප්‍රශ්ණ අහන්න අවස්ථාවක් ඉල්ල ගත්තෙ නැත්තෙ ඇයි හිටපු මාධ්‍ය අය?
හැම ජාතියකටම අයිති අයගෙ ගෙවල්වල ඔය වගේ ආරක්‍ෂාවට අවි ආයුධ තිබ්බට මේ පල්ලි කීපයකින් ඔච්චර ගොඩක් හම්බ උනේ කොහොමද කියන ප්‍රශ්ණෙට තාම තාර්කික පිළිතුරක් නැහැ. අලුත්ගම, ගිංතොට, නුවර, තෙල්දෙණිය වගේ ඒවට ගැහුව්ව වෙලාවල් වලත් මුස්ලිම් මිනිස්සු පල්ලිවලට තමා ජීවිතාරක්‍ෂාවට ගියෙ. ඒ ගොල්ලන්ට පෝරියල් එකක් ආවෝත් රීටර්න් දෙන්න ගෙවල්වල තියෙන කඩු කිණිසි ගිහින් පල්ලිවල තියාගත්තද? මේ චීනෙන් ආනයනය කරපු කඩු ගිය අවුරුද්දෙද රේගුවෙන් නිදහස් කරේ? කවුද මේව ගෙන්නුවෙ. මේව ගැන ආණ්ඩුවත් මුස්ලිම් නායකයනුත් පැහැදිලි කරන්න ඕනෙ. එතකොට තමා මහජනයට නිවැරදි තීරණයකට එළඹෙන්න පුලුවන් වෙන්නෙ. 88/89 කාලෙ ගැන මතක තියෙන අය දන්නව පංසල්වලින්, තුවක්කු, අත් බෝම්බ එහෙම අල්ලපු හැටි. කැරලි කාරයො ආගමික ස්ථාන පාවිච්චි කිරිමටත් ලොකු ඉතිහාසයක් තියෙනව.

https://m.facebook.com/story.php?story_fbid=10156847853089818&id=733184817

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න