කොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
මෙම පැමිණිල්ල අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කරුණු නැති බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවය.
ඒ අනුව සැකකරු මුදා හරින මෙන් ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට නියම කළේය.
මෙම නඩුවට අදාළ සිදුවීම සිදුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා ජනාධිපති සිරිසේන විසින් දියත්කළ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අවස්ථාවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
