මහ මැතිවරණයකින් තොරව තමනට නැවත අගමැතිකම කිසිසේත් ම උවමනා නැති බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත.
ඒ තංගල්ල කාල්ටන් නිවසේ එහි පැමිණි අමුත්තන් හා සාකච්ඡා කරමින් සිටියදීය.
මේ දිනවල නැවතත් ආණ්ඩු වෙනසක් සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා ගැන මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවත් යලිත් අගමැති ධූරය භාර ගන්නේදැයි එහි සිටි පුද්ගලයෙකු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ ‘බුදු අම්මෝ මට නම් ඒක එපා’ යනුවෙනි.
කෙසේ වෙතත් ඔක්තොම්බර් 26 වැනිදා අගමැති ධුරය බාර ගත් නිසා රටට ජයග‍්‍රහණ ගණනාවක්ම අත් වූ බවත් කියා ඇති ඔහු තමන් නැවත අගමැති වන්නේ මහ මැතිවරණයකින් පසුව බවද පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
