ඩිජිටල් ආර්ථිකයක්, ඩිජිටල් රජයක් ගැන කතා කරන ආණ්ඩුවට තමන්ගේ භාණ්ඩාගාරයේ මුදල් බේරාගැනීමට නොහැකි වීම ජාත්‍යන්තර විහිළුවක් යැයි අසේල විද්‍යාලංකාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
දැඩි පරිශ්‍රමයක් දරා පසුගිය රජය යටතේ සිදු කල ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ තිබූ ණය වාරිකයක් පියවීමේ දී මෙම වංචාවට වත්මන් රජය අසුවීම රටේ මූල්‍ය ආරක්ෂාව හා සයිබර් ආරක්ෂාව පිළිබදව රට තුළ පමණක් නොව ජාත්‍යන්තර ණය දෙන ආයතන සහ ආයෝජකයන් තුළ ප්‍රශ්න මතුකරන තත්ත්වයක් උදා කර ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ අසේල විද්‍යාලංකාර Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
