කෝට්ටේ මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පවසයි.
උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කර තිබේ.
පාසුලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස ඉසුර විද්‍යාලය ලෙස නම යෝජනා කරද්දී තමන් විරුද්ධ වූ නමුත් ඔවුන් ඒ නොතකා එකී නම දැමූ බවත් ඔහු පවසයි.
‘තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගෙ නමක් තියෙනව කියල මම නම් අහලත් නෑ. පාසලේ නම වෙනස් කරන එක දෙමවුපියන්ගෙ වැඩක්. ආදි ශිෂ්‍යයන්ගෙ වැඩක්. මේකට කොහෙත්ම මගේ සම්බන්ධයක් නෑ’ යයිද මෙහිදී ඉසුර දේවප්‍රිය මහ අමාත්‍යවරයා පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
