ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළව චෝදනා ලබා සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අදාළ චෝදනා පත්‍රයේ පිටපතක් සිංගප්පුරු නීතිපතිවරයා විසින් ඉල්ලා ඇතැයි මෙරට නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
ඒ අනුව චෝදනා රැසකින් සමන්විත අධිචෝදනා පත්‍රයේ පිටපතක් ඉදිරි සතිය වනවිට සිංගප්පූරු නීතිපතිවරයා වෙත යැවෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බී වාර්තාව අනුව මෙහි චෝදනා 20කට වැඩි ගණනක් ඇති බව පොලීසිය පවසයි.
මෙම චෝදනා පත්‍රය ලැබුණු වහාම දැනට ජාත්‍යන්තර පොලීසිය නිකුත්කර තිබෙන රතු නිවේදනය ප්‍රකාරව මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරු රජය නීතිමය පියවර ගනු ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
