පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යටතට පැවරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
අද (14) එම තීරණය ගෙන ඇති අතර මීට පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරය.
විශ්‍රාම ගැනීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත සිටි ඔහුගේ සේවා කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් කරනු ලැබීය.
ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යටතටම පැවරීමට පොලිස් කොමිසම තීන්දු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
