Image

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ඇමති හමුවෙයි !

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ඇමති හමුවෙයි !

ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායම් සාමාජිකයින් ලෙස මෙරට පැමිණි යුරෝපීය සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (Lord William Dartmouth) විලියම් ඩාර්ට්මුත් සහ (Geoffrey Van Orden ) ජෙෆ්රි වෑන් ඕඩන් පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හමුවිය.

මුදල් අමාත්‍යංශයේ සිදුවූ මෙම හමුවේදී දෙපාර්ශවයේ පොදු එකඟතාවන් පිළිබඳව මෙන්ම යුරෝපා සංගමයේ GSP + පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ප්‍රතිලාභ ලබා දෙමින් ද්විපාර්ශ්වික වෙළඳ සහ සංචාරක සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුව ඇත.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. එච්. එස්. සමරතුංග, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.

DSC 5540

DSC 5562

DSC 5598

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න