Image

ශ්‍රීලනිප මහ ලේකම් තනතුර දයාසිරිට !

 ශ්‍රීලනිප මහ ලේකම් තනතුර දයාසිරිට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම් ලෙස කටයුතු කල මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලියවිල්ල ජනාධිපති සිරිසේන වෙත ලබාදී ඇති බව වාර්තා වෙයි.

එම ඉල්ලා අස්වීම සිරිසේන ජනාධිපති විසින් පිළිගෙන ඇති අතර පුරප්පාඩුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරය සඳහා අලුතින් පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ය.
 
නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට අදාළව  ඊයේ (03දා) රැස්වූ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබාදී ඇති බවද එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

නව ධුරය ලබාගැනීමෙන් පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ විසිරව සිටින පක්‍ෂ සාමාජිකයන් සියලුම දෙනා එකට එකතු කර පක්‍ෂය ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බවය.

මීට අමතරව ගම් මට්ටමින් පක්‍ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කර ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එක හා සමානව සලකන පක්‍ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත් කරන බවද ඔහු පවසා ඇත.

පියදාසට ආසන සංවිධායක විරෝධය !

කෙසේ වුවත් ඊයේ ඉල්ලා අස්වූ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස පසුගියදා පැවති ශ්‍රීලනිප ආසන සංවිධායක හමුවේදී දැඩි විවේචනයට ලක්විය. ඒ පක්ෂය විනාශකර නව පක්ෂයක් ගොඩනැගු මහින්ද රාජපක්ෂ පාර්ශවයට වාසි සහගත වන ලෙස කටයුතු කිරීම නිසාය. ඒ හමුවේදී ඔහු ආසන සංවිධයකන්ගෙන් පහර කෑමේ අවධානමකට පවා ලක්වූ බව පක්ෂ ආරංචිමාර්ග තහවුරු කර සිටියේය.

වසර 4යි  ශ්‍රීලනිපයේ මහ ලේකම්වරුන් 4යි  ! 

ගතවූ වසර 4ක කාලය තුළ ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්වූ හතරවන මහ ලේකම්වරයා වන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාය. එම්. සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ විට නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා පත්කෙරුන අතර අනතුරුව සිරිසේන ජනාධිපති වීමෙන් පසුව දුමින්ද දිසානායක පක්ෂ මහ ලේකම් ලෙස පත්කෙරිණ. පක්ෂ ප්‍රතිසංවිධානයක් ගැන කියමින් දුමින්ද දිසානායක ඉවත්කර පසුව තාවකාලික මහ ලේකම් ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කරන්නට සිරිසේන ජනාධිපති කටයුතු කල අතර ඒ අනුව සිව්වැන්නා ලෙස දයාසිරි මන්ත්‍රීවරයා මහ ලේකම්ධුරයට පත්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න